FeaturesFrank Caprio ලොව හොඳම විනිසුරුවරයාගේ කතාව

Frank Caprio ලොව හොඳම විනිසුරුවරයාගේ කතාව

-

spot_img

Frank Caprio යනු සුප්‍රකට අමෙරිකානු විනිසුරුවරයෙකු සහ දේශපාලඥයෙකි. පසුගිය අගෝස්තු 20 වැනිදා ඔහු මෙලොව හැරගියා. ඔහු සතු සුවිශේෂී ගුණාංග නිසාම මිනිසුන් ඔහුව හැඳින්වූයේ “ලොව හොඳම විනිසුරුවරයා” ලෙසින්.

Frank Caprio

අමෙරිකානු – ඉතාලි සම්භවයක් සහිත පවුලක ඔහු උපත ලබන්නේ 1936 නොවැම්බර් 23 Rhode Island හි Providence නගරයේදී. ඔහුගේ පියා සතුව පලතුරු කඩයක් තිබුණා. සාධරණය, දයානුකම්පාව වැනි ගුණාංග තමා ඉගෙන ගත්තේ කුඩා කාලයේ සිටම බැව් ඔහු වරෙක සඳහන් කර සිටියා. Providence විද්‍යාලයෙන් සහ බොස්ටන්හි Suffolk නීති විද්‍යාලයෙන් අධ්‍යාපනය හැදෑරු ඔහු මහජන ආරක්ෂකවරයෙක් වශයෙන් නීති වෘත්තිය ආරම්භ කළා. ඉන් අනතුරුව Providence හි නාගරික අධිකරණ විනිසුරු බවට පත් වූ අතර වසර තිහකට අධික කාලයක් එහි කටයුතු කළා.

Frank CaprioFrank Caprio

විනිසුරුවරයෙකු වශයෙන් ඔහු තුළ වූ සාධාරණත්වය, දයානුකම්පාව වැනි ගුණාංග කාගේත් සිත් ගත්තා. ෆ්රෑන්ක් විනිසුරුවරයා වරදකරුවෙකුට දඬුවම් ලබා දෙනවාට වඩා එම තැනැත්තාව නිවැරදි මගට ගැනීම ( පුනරුත්ථාපනය ) සඳහා කටයුතු කළා. මිනිසුන්ව තේරුම් ගැනීම, කාරුණිකබව සහ ආතති සහගත අවස්ථා හාස්‍යජනක ලෙසින් හැසිරවීම වැනි කාරණා ඔහුව ආදරණීය චරිතයක් බවට පත් කළා. සාධාරණ සහ යුක්තිගරුක අන්දමින් ඔහු නඩු මෙහෙයවන අන්දම Caught in Providence යූටියුබ් නාලිකාව ඔස්සේ මිලියන දෙක ඉක්මවූ ප්‍රේක්ෂක සංඛ්‍යාවක් නැරඹුවා.

Frank Caprio

නීති ක්ෂේත්‍රය තුළදී පමණක් නොව ඉන් පිටතදීත් ඔහු මිනිසුන්ට කාරුණික වූවා. පුණ්‍යාතන සඳහා සිය දායකත්වය ලබා දුන් ඔහු විවාහ වුණේ Joyce E Caprio සමගින්. ඔවුන්ට දරුවන් පස්දෙනෙක් සිටිනවා. ඕනෑම අයෙක් අතින් වැරදි සිදුවන බවත් වඩාත් වැදගත් වෙන්නේ සමාජය වැරදිකරුවෙකුට දක්වන ප්‍රතිචාරය බවත් ඔහු පවසා සිටියා. ඔහු කටයුතු කළේ මෙලොව වඩාත් යහපත් තැනක් කිරීමේ පරමාර්ථය පෙරදැරි කරගනිමින්.

” මම කරන පුංචිම යහපතකින් පවා මම සහ ලෝකය යන දෙකම යහපත් වේ.” ඒ ඔහුගේ වචන. කාරුණිකත්වය අවම ලෝකයක, අනෙකාව අවබෝධ කරගනිමින්, කාරුණික වෙමින් ලෝකය යහපත් තැනක් බවට පත් කිරීමට වෙර දැරූ Frank Caprio වැනි මිනිසුන් මේ ලෝකයට වඩ වඩාත් අවැසි ය.

Latest news

හිටපු පොලිස්පතිවරයාගේ අවමංගල්‍යයට පොලිස් ගෞරව

හිටපු පොලිස්පතිවරයාගේ අවමංගල්‍යයට පොලිස් ගෞරව මෙරට 35 වැනි පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ සී.ඩී. වික්‍රමරත්නගේ අවසන් කටයුතු පොලිස් ගෞරව සහිතව...

පළාත් සභා ඡන්දය පැවැත්වීමට බල කෙරේ

පළාත් සභා ඡන්දය පැවැත්වීමට බල කෙරේ පළාත් සභා මැතිවරණය හැකි ඉක්මනින් පවත්වන ලෙස දෙමළ දේශපාලන පක්ෂ හයක නායකයෝ රජයෙන් ඉල්ලීමක්...

මහ බැංකු අධිපතිගෙන් විශේෂ හෙළිදරව්වක්

මහ බැංකු අධිපතිගෙන් විශේෂ හෙළිදරව්වක් වර්තමානයේ දී රට යම් ස්ථාවර මට්ටමකට පැමිණ ඇත්තේ වැරැදි නිවැරැදි කරමින් විනිවිද භාවයකින් යුතුව කටයුතු...

නිල ඇඳුමට අමතරව ඩෙංගුවලටත් ඇඳුමක්

නිල ඇඳුමට අමතරව ඩෙංගුවලටත් ඇඳුමක් ඩෙංගු වසංගතයෙන් පාසල් දරුවන් මුදා ගැනීමේ පියවරක් ලෙස පාසල් නිල ඇඳුමට අමතරව දෑත් , දෙපා...
- Advertisement -spot_img

විනාඩි පහෙන් මගේ හදවත එළියට එනවා

විනාඩි පහෙන් මගේ හදවත එළියට එනවා - Janhvi Kapoor ඇය සිනමාව උරුමයක් කරගෙනම මෙලොවට පැමිණියා යැයි පැවසුවොත් වඩාත් නිවැරදිය. ඒ...

ගෙදරදීම චිකන් ඩ්‍රම්ස්ටික්ස් හදාගමු

ගෙදරදීම චිකන් ඩ්‍රම්ස්ටික්ස් හදාගමු - Chicken Drumsticks චිකන් ඩ්‍රම්ස්ටික්ස් කියන්නෙ ලොකු කුඩා කවුරුත් කන්න කැමති කෑමක්. ගෙදරදිම ලේසියෙන් ඩ්‍රම්ස්ටික් හදන්න...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you