More
    NewsElephant Attack වන අලි ප්‍රහාරවලින් පුද්ගලයන් දෙදෙනෙකු මරුට

    Elephant Attack වන අලි ප්‍රහාරවලින් පුද්ගලයන් දෙදෙනෙකු මරුට

    -

    spot_img

    Elephant Attack – වන අලි ප්‍රහාර හේතුවෙන් තවත් පුද්ගල මරණ දෙකක් වාර්තා වී තිබෙනවා. එලෙස වන අලි පහර දීමෙන් එක් පුද්ගලයෙකු මියගොස් ඇත්තේ පූනෑව පොලිස් වසමේ 10 කණුව ප්‍රදේශයේදීයි. ඥාතියෙකුගේ නිවසකට පැමිණ සිටි පුද්ගලයෙකු එලෙස වන අලි ප්‍රහාරයකට ලක්ව ඇති බවයි පොලීසිය පැවසුවේ. එම සිද්ධියෙන් මියගොස් ඇති පුද්ගලයා 72 හැවිරිදි වියේ පසු වූ පොලොන්නරුව, පුලස්තිගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවද පොලීසිය පැවසුවා.

    මේ අතර තඹුත්තේගම, හුරිගස්වැව, නීරාවිය, නව මකුලෑව ප්‍රදේශයේ පැල් රකිමින් සිටි පුද්ගලයකු අද අලු‍යම වන අලි ප්‍රහාරයකට ලක්ව මියගොස් තිබෙනවා. එලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අංක 16, නව මකුලෑව හුරිගස්වැව ප්‍රදේශයේ පදිංචිව සිටි පුද්ගයෙක්. මකුලෑව ගම්මානය නීරාවිය රජයේ ගොවිපලට යාබදව පිහිටා ඇති අතර, නිරාවිය ගොවිපල තුළ පිහිටි කැලෑ බද කොටසේ වන අලින් 20ක පමණ රංචුවක් රැඳී සිටින බවයි ගම්වාසීන් පවසන්නේ.

    මේ දිනවල කුඹුරුවල ගොයම් පැසී ඇති බැවින් වන අලින්ගෙන් කුඹුරු ආරක්ෂා කර ගැනීම සඳහා ගොවි සංවිධානය මඟින් මුර ක්‍රමයට පැල් රැකීමට කටයුතු කර තිබෙනවා. එලෙස පැල් රැකීමට පැමිණි අවස්ථාවේ අදාල පුද්ගලයා වන අලි ප්‍රහාරයට ලක්ව ඇති බව වාර්තාවේ.

    Latest news

    නිදි යාහනේදී අවසන් ගමන් ගිය දඹුල්ලේ සිසුවිය

    දඹුල්ල ඉහළ ඇරෑඋල ප්‍රදේශයේ පදිංචි මෙවර උසස් පෙළ විභාගයට ජීව විද්‍යාව අංශයෙන් පෙනී සිටීමට නියමිතව සිටි සිසුවියක් හදිසියේම අද...

    කොළඹ බාලදක්ෂ කැම්පෝරිය (Scout Camp) විහාරමහාදේවි උද්‍යානයේදී

    කොළඹ බාලදක්ෂ ජම්බෝරිය විහාරමහාදේවි උද්‍යානයේදී ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ කොළඹ දිසාව විසින් සංවිධානය කරනු ලබන 60 වැනි කොළඹ කැම්පෝරිය (බාලදක්ෂ...

    ඉන්දියාවේ ඉන්න ලාංකික දෙමළ සරණාගතයින්ට පුරවැසිභාවය දෙන්න

    දශක ගණනාවක් තිස්සේ ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ ජීවත් වන, ශ්‍රී ලංකාවෙන් පැමිණි සරණාගතයින්ට සම්පූර්ණ පුරවැසිභාවය හා ඡන්ද අයිතිය ලබා දෙන...

    මෙක්සිකෝ ජනපතිනිය ලිංගික හිංසනයට ලක්වෙයි

    මෙක්සිකෝවේ ජනාධිපතිනිය වන ක්ලෝඩියා ෂේන්බවුම් (Claudia Sheinbaum), මෙක්සිකෝ නගරයේ ජනාධිපති මන්දිරය අසලදී ආධාරකරුවන්ට ආචාර කරමින් සිටියදී ලිංගික හිංසනයකට ලක්වීමෙන්...
    - Advertisement -spot_img

    ඉන්දියාවේ ඉන්න ලාංකික දෙමළ සරණාගතයින්ට පුරවැසිභාවය දෙන්න

    දශක ගණනාවක් තිස්සේ ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ ජීවත් වන, ශ්‍රී ලංකාවෙන් පැමිණි සරණාගතයින්ට සම්පූර්ණ පුරවැසිභාවය හා ඡන්ද අයිතිය ලබා දෙන...

    ඉන්දීය තාරුණ්‍යයේ හදගැස්ම

    ඉන්දීය තාරුණ්‍යයේ හදගැස්ම - Chetan Bhagat ඉන්දියානු සාහිත්‍යයට වගේම සිනමාවට පෙම් බඳින කෙනෙක්ට Chetan Bhagat කියන්නෙ හුරුපුරුදු නමක්. චේතන් භගත්...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page