NewsAnura Kumara Disanayake අමෙරිකානු තීරු බදු අඩු කරගැනීම ගැන...

Anura Kumara Disanayake අමෙරිකානු තීරු බදු අඩු කරගැනීම ගැන අවසන් එකඟතාවයක් නෑ

-

spot_img

Anura Kumara Disanayake – අමෙරිකාව සහ ශ්‍රී ලංකාව අතර බදු ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් කිසිදු අවසන් එකඟතාවයක් ගෙන නොමැති බවත් ඒ සඳහා ගිවිසුමකට එළැඹ නොමැති බව ද ජනාධිපතිවරයා සඳහන් කරයි.

එමෙන්ම අමෙරිකාව, ශ්‍රී ලංකාවෙන් ආනයනය කරනු ලබන භාණ්ඩ මත පැනවූ අනෝන්‍ය තීරු බදු ප්‍රතිශතය සියයට 20 දක්වා අඩුකර ගැනීමට සමත් වූ බවත් එය ඉදිරියේදී තවදුරටත් අඩුකරගැනීමට සාකච්ඡා කරමින් සිටින බව ද ජනාධිපතිවරයා අවධාරණය කළේය.

රටේ ආර්ථික තත්ත්වය පිළිබඳ පාර්ලිමේන්තු විවාදය අතරතුර පාර්ලිමේන්තුවට පැමිණි ජනාධිපතිවරයා සභාව අමතමින් මේ බව කියා සිටියේය.

මෙතෙක් පැවති සාච්ඡාවලදී යම් යම් එකඟතාවයන්ට පැමිණ ඇති බවත් එහි ප්‍රතිඵලයක් ලෙස මෙලෙස බදු ප්‍රතිශතය 20% දක්වා අඩුකර ගැනීමට හැකිවූ බවද සඳහන් කළ ජනාධිපතිවරයා වැඩිදුරටත් මෙලෙස අදහස් දැක්වීය.

“අපේ වෙළෙඳ පරතරය මත තමයි අපිට 44%ක් ලැබෙන්නේ. ඒක තමයි ඔවුන්ගේ මූලධර්මය. එය 44% – 20% දක්වා අඩුකර ගැනීම සාකච්ඡා සහ ඔවුන් සහ අප අතර තිබෙන එකඟතාවයේ වැදගත් ප්‍රතිඵලයක් ලෙස අපි කල්පනා කරනවා. ඒ ගැන හැම තීන්දුවක් ගැනීමේ දීම සමහර HS CODE ප්‍රමාණයක් ඔවුන්ට නිදහස් කළ යුතුව තිබෙනවා. ඊට බලපාන කර්මාන්තකරුවන්, ව්‍යවසායකයින් එක්ක අපි සාකච්ඡා කළා. අපි යම් කේෂ්ත්‍රයක් විවෘත කිරීම ගැන සාකච්ඡා කරන්නේ නම් ඊට අදාළ පාර්ශවකරුවන් ගෙනල්ලා සිදුවන බලපෑම ගැන නිරන්තරයෙන් කතා කරමින් තමා අපේ කණ්ඩායම මේ සාර්ථකත්වයට පත්වුණේ. එහෙම නැතුව කාමරයක් ඇතුළේ කරන කුමන්ත්‍රණයක් විදියට නෙමෙයි.

ඒ නිසා මෙයට සහභාගී කරගත හැකි සෑම පාර්ශවකරුවෙක්ම සහභාගී කරවා ගන්න අපි වගකිව යුතු ලෙස අපි කටයුතු කළා. ඒ නිසා එක්සත් ජනපදයේ බදු ප්‍රතිපත්තිය මත ඔබතුමන්ලා බලාපොරොත්තු වුණා නම් ආර්ථිකයේ බිඳවැටීමක් ඒකත් දැන් අවසන්. තාමත් අවසන් එකඟතාවයක් නෑ. අපිට 20%ක් තිබුණා. අපි තාමත් උත්සාහ දරනවා ඒ 20%ත් අඩු කරගන්න පුළුවන් ද කියලා සාකච්ඡා අපි ආරම්භ කරලා තියෙනවා. ඒක තමා රට පැත්තෙන් අපි ගත යුතු තීරණය.”

Latest news

ගුවන් විදුලියේ ආදායම ලක්ෂ 12 යි ඒකෙන් 7ක් සභාපතිට

ගුවන් විදුලියේ ආදායම ලක්ෂ 12 යි ඒකෙන් 7ක් සභාපතිට "සිස්ටම් චේන්ජ්" සහ "පුනරුදය" යනු හුදෙක් මැතිවරණ වේදිකාවල තිබූ සුරංගනා කතා...

හිටපු ප්‍රංශ ජනපති ගඩාෆිගෙන් යුරෝ මිලියන පහක් අරන්

හිටපු ප්‍රංශ ජනපති ගඩාෆිගෙන්ය යුරෝ මිලියන පහක් අරන් හිටපු ප්‍රංශ ජනපති නිකලස් සාකෝසි (Nicolas Sarkozy) සහ ඔහුගේ බිරිඳ සුප්‍රකට නිරූපිකා...

වසන්තට වාසියට හිටිය ක්‍රිප්ටෝ ⁣

වසන්තට වාසියට හිටිය ක්‍රිප්ටෝ ⁣ පසුගිය වසරේ (2025) වත්කම් බැරකම් ප්‍රකාශ එළිදැක්වීමත් සමඟ ශ්‍රී ලංකාවේ දේශපාලන සහ සමාජ කරළියේ වැඩිපුරම...

ක්‍රීඩකයින්ට පදක්කමක් නැති රටේ, ඔලිම්පික් සභාපතිට හැඳුනුම්පත් දෙකක්!

ක්‍රීඩකයින්ට පදක්කමක් නෑ, සභාපතිට හැඳුනුම්පත් දෙකයි ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ක්ෂේත්‍රය අද වන විට පත්ව ඇත්තේ අතිශය ඛේදජනක තත්ත්වයකටය. ජාත්‍යන්තර...
- Advertisement -spot_img

දුප්පත් රටේ අවලස්සන ජීවිත

දුප්පත් රටේ අවලස්සන ජීවිත දේශපාලන වේදිකාවල සහ රූපවාහිනී තිරවලින් ඇසෙන්නේ රට ආර්ථික වශයෙන් ස්ථාවර වී, සංවර්ධනයේ මාවතට අවතීර්ණ වී ඇති...

වෙරළ තීරයේ අනවසර ඉදිකිරීම් නාටකය නටා අවසන් ද ?

වෙරළ තීරයේ අනවසර ඉදිකිරීම් නාටකය නටා අවසන් ද ? බම්බලපිටියේ සිට දෙහිවල දක්වා මැරීන් ඩ්‍රයිව් (Marine Drive) වෙරළ තීරයේ පවත්වාගෙන...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you