NewsElectricity Amendments ශ්‍රී ලංකා විදුලිබල (සංශෝධන) පනත් කෙටුම්පත...

Electricity Amendments ශ්‍රී ලංකා විදුලිබල (සංශෝධන) පනත් කෙටුම්පත කථානායකයාගේ සහතිකය සටහන් කරයි

-

spot_img

Electricity Amendments –  ශ්‍රී ලංකා විදුලිබල (සංශෝධන) පනත් කෙටුම්පත සඳහා කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න සිය සහතිකය සටහන් කර තිබෙනවා.

ඒ අනුව, මෙම ශ්‍රී ලංකා විදුලිබල (සංශෝධන) පනත් කෙටුම්පත 2025 අංක 14 දරන ශ්‍රී ලංකා විදුලිබල (සංශෝධන) පනත ලෙස බලාත්මක වනු ඇති බවයි පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

බලශක්තිය පිළිබඳ ජාතික ප්‍රතිපත්තියේ කොටසක් ලෙස ජාතික විදුලිබල ප්‍රතිපත්තිය සකස් කිරීමට විධිවිධාන සැලැස්වීම මෙම පනතේ අරමුණ වන අතර, මෙම පනත මගින් ‘ජාතික විදුලිබල උපදේශක සභාව’ වෙනුවට ‘බලශක්තිය පිළිබඳ ජාතික ප්‍රතිපත්තියේ කොටසක් ලෙස ජාතික විදුලිබල ප්‍රතිපත්තිය’ සකස් කිරීමට විධිවිධාන සලසන බවද සඳහන්.

‘තොග විදුලිබල වෙළෙඳපොළ’ යන්න ‘ජාතික විදුලිබල වෙළෙඳපොළ’ ලෙස වෙනස් කර ඇති අතර, කාර්යක්ෂම සහ පිරිමැසුම්දායක විදුලිබල සැපයුමක් අඛණ්ඩව පවත්වාගෙන යාම, හරිතාගාර වායු විමෝචනය අවම කිරීම සහ පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කිරීම මෙම පනතේ ප්‍රධාන අරමුණු වන බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

 

Latest news

පළාත් සභා ඡන්ද විශේෂ කාරක සභාවට විපක්ෂය නෑ

පළාත් සභා ඡන්ද විශේෂ කාරක සභාවට විපක්ෂය නෑ පළාත් සභා ඡන්ද විමසීම කුමන මැතිවරණ ක්‍රමයක් යටතේ පැවැත්විය යුතුද යන්න සොයා...

මැලේරියාව සහ පිටගැස්ම පාලනය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයුමට

මැලේරියාව සහ පිටගැස්ම පාලනය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයුමට මැලේරියා රෝගය මෙන්ම මවුවරුන්ගේ සහ බිළිඳුන්ගේ පිටගැස්ම තුරන් කිරීමත් එය වසර 10ක්...

වසර දෙකක් තුළ සතොස අලෙවිහල් 31ක් වහලා

වසර දෙකක් තුළ සතොස අලෙවිහල් 31ක් වහලා 2024 වසරේ ජනවාරි සිට ඉකුත් වසරේ (2025) ඔක්තෝබර් මාසය දක්වා කාලය තුළ දිවයින...

ප්‍රධාන ජලාශ 74 ක වතුර හිඳේ

ප්‍රධාන ජලාශ 74 ක වතුර හිඳේ වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පවතින ප්‍රධාන ජලාශ 74 හි සමස්ත ජල ධාරිතාව සියයට 34ක පමණ...
- Advertisement -spot_img

පැරසිටමෝල් වැඩිපුර බිව්වොත් මොකද වෙන්නේ?

පැරසිටමෝල් වැඩිපුර බිව්වොත් මොකද වෙන්නේ? ඕනෑම දෙයක් ඕනෑවට වඩා ඕනේම නැත. බේත් හේත් වුවද එසේමය. නිසි ප්‍රමාණය නිසි වෙලාව ඉක්මවා...

ප්‍රධාන ජලාශ 74 ක වතුර හිඳේ

ප්‍රධාන ජලාශ 74 ක වතුර හිඳේ වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පවතින ප්‍රධාන ජලාශ 74 හි සමස්ත ජල ධාරිතාව සියයට 34ක පමණ...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you