NewsEl-Chapo කුඩු රජාගේ බිරිඳ නිදහස්?

El-Chapo කුඩු රජාගේ බිරිඳ නිදහස්?

-

spot_img

El-Chapo – මෙක්සිකානු මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රබලයකු වන Joaquin Guzman [El-Chapo] ගේ බිරිඳ වන Emma Coronel Aispuro ඇය දැනට රඳවා සිටින කැලිෆෝනියාවේ රැදවුම් නිවාසයෙන් නිදහස් වීමට නියමිත බවට වාර්තාවේ. බන්ධනාගාර වාර්තා වලට අනුව තම ස්වාමියා පවත්වාගෙන ගිය මත්ද්‍රව්‍ය ජාවාරමට සහය දැක්වීම සම්බන්ධයෙන් ඇයට චෝදනා එල්ල වී තිබුණි. මුදල් විශුද්ධිකණය, කොකේන්, මෙත්, හෙරොයින් සහ මරිජුවානා බෙදා හැරීම සම්බන්ධයෙන් වරද පිළිගැනීමෙන් පසුව ඇයට මාස 36ක සිරදඬුවමක් ෆෙඩරල් අධිකරණයෙන් නියම කරන ලද්දේ 2021 වසරේදීය. ඇය ජූනි මාසයේදී ඇයව රඳවා සිටි ටෙක්සාස් හි ෆෙඩරල් බන්ධනාගාරයේ සිට කැලිෆෝනියාවේ ⁣Long Beach හි රැඳවුම් නිවාසයකට මාරු කළ බවට වාර්තා වෙයි. බන්ධනාගාර කාර්යාංශයේ නිලධාරියෙක් ප්‍රකාශ කළ පරිදි, ෆෙඩරල් බන්ධනාගාරවල යහපත් හැසිරීම පෙන්නුම් කරන රැඳවියන් නිදහස් කිරීමට මාස 6කට පෙර මෙලෙස අර්ධ නිවාස වලට මාරු කිරීම සාමාන්‍ය ක්‍රියාවක් බවයි. 2021 පෙබරවාරි මාසයේදී ඇය අත්අඩංගුවට පත් වුයේ Dulles International Airport හීදි බවද සඳහන් වෙයි. එම වසරේම අග භාගයේදී මත්ද්‍රව්‍ය ජාවාරම සහ මුදල් විශුද්ධිකරණය යන චෝදනා මත වොෂින්ටන් අධිකරණයේ ජූරි සභාව ඇයට ඇති චෝදනා වලට ඇය වරදකරු කරන ලදී.

ඇයට දඩුවම නියම කරන මොහොතේ පරිවර්තකයෙකු මගින් ඇය අධිකරණයෙන් සමාව අයැද සිටියේ තම දියණියන්ට “හරි වැරැද්ද”කියා දෙන බවට පොරොන්දු වෙමින් බව සඳහන් විය. “අම්මා නැතිව එයාලට තනිවම හැදෙන්න දෙන්න එපා කියලා මම ඔබෙන් අයැද සිටිනවා” ඇය එසේ පැවසු බවටද වාර්තා වේ. ඇයට එල්ල වු තවත් චෝදනාවන් වුයේ 2015 වස⁣රේදි Altiplano සිර ගෙදරින් තම සැමියාට පැන යාමට උපකාර කිරීම සහ 2017 ජනවාරි මාසයේදි ඔහුව එක්සත් ජනපදයට පිටුවහල් කිරීමට පෙර මෙම “මත්ද්‍රව්‍ය රජු” වෙනුවෙන් තවත් බන්ධනාගාරයකින් පැන යාම සැලසුම් කිරිමයි. Sinaloa නම් විශාල ප්‍රමාණයේ මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ ජාලයක් පවත්වාගෙන යාම සම්බන්ධයෙන් වරදකරු වු Guzman 2019 වසරෙදි ජීවිතාන්තය දක්වා සිරදඩුවමකට යටත් වු බවට වාර්තා විය. අති දැවැන්ත ජාවාරමක් වු එයින් ඔහු විශාල ලෙස ලාභ ඉපයු බවටද වාර්තා වෙයි. සිර දඩුවම් ලැබු දා සිටම ඔහු ඉන් නිදහස් වීමට අභියාචනා ඉදිරිපත් කිරීමට උත්සාහ කරන බවටද වාර්තා වෙයි.

-ABC News ඇසුරෙනි-

Photo Credit: www.abcnews.com

Latest news

හිටපු පොලිස්පතිවරයාගේ අවමංගල්‍යයට පොලිස් ගෞරව

හිටපු පොලිස්පතිවරයාගේ අවමංගල්‍යයට පොලිස් ගෞරව මෙරට 35 වැනි පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ සී.ඩී. වික්‍රමරත්නගේ අවසන් කටයුතු පොලිස් ගෞරව සහිතව...

පළාත් සභා ඡන්දය පැවැත්වීමට බල කෙරේ

පළාත් සභා ඡන්දය පැවැත්වීමට බල කෙරේ පළාත් සභා මැතිවරණය හැකි ඉක්මනින් පවත්වන ලෙස දෙමළ දේශපාලන පක්ෂ හයක නායකයෝ රජයෙන් ඉල්ලීමක්...

මහ බැංකු අධිපතිගෙන් විශේෂ හෙළිදරව්වක්

මහ බැංකු අධිපතිගෙන් විශේෂ හෙළිදරව්වක් වර්තමානයේ දී රට යම් ස්ථාවර මට්ටමකට පැමිණ ඇත්තේ වැරැදි නිවැරැදි කරමින් විනිවිද භාවයකින් යුතුව කටයුතු...

නිල ඇඳුමට අමතරව ඩෙංගුවලටත් ඇඳුමක්

නිල ඇඳුමට අමතරව ඩෙංගුවලටත් ඇඳුමක් ඩෙංගු වසංගතයෙන් පාසල් දරුවන් මුදා ගැනීමේ පියවරක් ලෙස පාසල් නිල ඇඳුමට අමතරව දෑත් , දෙපා...
- Advertisement -spot_img

හිටපු පොලිස්පතිවරයාගේ අවමංගල්‍යයට පොලිස් ගෞරව

හිටපු පොලිස්පතිවරයාගේ අවමංගල්‍යයට පොලිස් ගෞරව මෙරට 35 වැනි පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ සී.ඩී. වික්‍රමරත්නගේ අවසන් කටයුතු පොලිස් ගෞරව සහිතව...

එක් අඟහරුවාදාවක්

එක් අඟහරුවාදාවක් - A Tuesday මගේ කෝපයේ තරම ගැන මම දැනගත්තේ එදිනය. ඒ වන විට මගේ කඳුළු අවසන්ව තිබුණි. මට...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you