More
    FeaturesEaster Attack පිල්ලෙයාන් රඟන මාලිමාවේ පාස්කු නාට්‍යය

    Easter Attack පිල්ලෙයාන් රඟන මාලිමාවේ පාස්කු නාට්‍යය

    -

    spot_img

    Easter Attack – 2019 අප්‍රේල් 21 වන පාස්කු ඉරිදා දිනයේ ශ්‍රී ලංකාවේ කිතුනු බැතිමතුන්ගේ දේව මෙහෙයන් හා සංචාරක හෝටල් හා ලැගුම්හල් කිහිපයක් ඉලක්ක කරගනිමින් එල්ලකරන ලද බෝම්බ ප්‍රහාරයන්හි අමිහිරි මතකයන්ට අදට වසර හයක් සපිරේ. එහෙත්, වින්දිතයින්ට පමණක් නොව, දොස් පැවරීමේ බරින් තවමත් පීඩා විඳින මුස්ලිම් ප්‍රජාවටද තවමත් යුක්තිය ඉටුවී නොමැත.

    මෛත්‍රීපාල සිරිසේනගේ සිට ගෝඨාභය රාජපක්ෂ සහ රනිල් වික්‍රමසිංහ දක්වා අනුප්‍රාප්තික රාජ්‍ය නායකයින් මෙම දරුණු ත්‍රස්ත ක්‍රියාව සම්බන්ධයෙන් කිසිදු සාධනීය හෝ විශ්වාසදායක පිළිතුරු ලබා දීමට අපොහොසත් වී ඇති බව දැන් අතීතයට එක්වී හමාර ය. තත්වය එසේ තිබියදී, වින්දිත ප්‍රජාවගේ බලාපොරොත්තු දැල්වී තිබුණේ අභිනව ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත ය. වසර හයක් එකිනෙකා පිට වරද පටවමින් ගෙවී ගිය මෙම නිහඬතාවයේ සහ දඬුවම් නොලැබීමේ දාමය බිඳ දැමීමට අභිනව ජනාධිපතිවරයා සමත්වේය යන බලාපොරොත්තුවද මේ වනවිට ඇත්තේ අවිනිශ්චිත ස්වාභාවයකය.

    Easter Attack

    සහරාන් හෂීම් නැමැති අන්තවාදියෙකු සහ ඔහු විසින් මොළ සෝදන ලද අනුගාමිකයින් පිරිසකගේ ගිණුමට බැරකරන ලද මෙම මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ ප්‍රහාරයට යුක්තිය ඉටුකිරීම දේශපාලන අධිකාරීන් සහ රාජ්‍ය බුද්ධි අංශ වෙතින් දිනෙන්, දින ප්‍රමාද වන්නේ ඇයිද යන්න විමතිය දනවන කාරණයකි. ගෝලීය මෙහෙයුම් ජාලයක් සහිත එල්ටීටීඊය පවා මෙතරම් සූක්ෂම ලෙස හා එකවර සම්බන්ධීකරණය කරන ලද ප්‍රහාරයක් සිදු කිරීමට අපොහොසත් වූ බව අප පිළිගත යුතුය. සහරාන් හෂීම් එල්ටීටීඊ මෙහෙයුම් පිළිබඳව ශ්‍රී ලංකා බුද්ධි අංශය වෙතින් ගෙවීම් කරන ලද තොරතුරු සපයන්නෙකුව සිට ඇති බවට ඇතැම් පාර්ශව අනාවරණය කර ඇති පසුබිමක මෙම කුරිරු ප්‍රහාර දාමයට විදේශීය බුද්ධි විශේෂඥයින්ගේ සහ ක්‍රියාකාරීන්ගේ සහාය ලැබී තිබිය හැකි බව විශ්වාස කළ හැකිය. එබැවින්, මෙම සංහාරය පිටුපස සිටින මහ මොළකරුවන් සම්පූර්ණයෙන්ම අනාවරණය කර ගත හැක්කේ ස්වාධීන, ජාත්‍යන්තර පරීක්ෂණයකින් පමණි.

    මෙම ප්‍රහාරවලින් විදේශිකයන් 45 දෙනෙකු, පොලිස් නිලධාරීන් තිදෙනෙකු ඇතුළු ජීවිත 270 ක් අහිමි වූ අතර 500 කට අධික පිරිසක් තුවාල ලැබූහ. මෙය ශ්‍රී ලාංකික මුස්ලිම්වරුන්ගේ ඉතිහාසයේ අඳුරුතම දිනවලින් එකක් වූ අතර ඛේදජනක ලෙස අන්තවාදී සිංහල බෞද්ධ කොටස් ඛේදවාචකය උපයෝගී කරගනිමින් මිලියන 2.1 ක් වන සමස්ත මුස්ලිම් ජනගහනය මත ප්‍රචණ්ඩත්වය මුදාහැර භීතිය සහ සැකය පතුරුවා හැරියේය. ඔවුන් ත්‍රස්තවාදීන් බවට හංවඩු ගැසීමෙන් නොනැවතී මීගමුව, කුලියාපිටිය සහ ඒ අවට ප්‍රදේශවල මුස්ලිම්වරුන් ඉලක්ක කර ගනිමින් සංවිධානාත්මකව කරන ලද ගිනි තැබීම්, කොල්ලකෑම් සහ ප්‍රචණ්ඩත්වය පතුරවා මුස්ලිම් ජීවනෝපායන් විනාශ කළෝය.

    Easter Attack

    පාස්කු ඉරිදා ප්‍රහාර සම්බන්ධයෙන් විශ්වාසදායක සහ අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වන ලෙස අතිගරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ශ්‍රී ලංකා රජයෙන් නිරන්තරයෙන් ඉල්ලා සිටියේය. එහෙත් වසර හයකට පසුවත්, පිළිගත හැකි පරීක්ෂණයක් සිදු වී නොමැති අතර, ඛේදවාචකයේ සැබෑ අපරාධකරුවන් හඳුනාගෙන දඬුවම් ලබා දී නොමැත. ඒ වෙනුවට වාර්ගික ප්‍රචණ්ඩත්වය උසිගැන්වීම, මුස්ලිම් ආර්ථිකය අඩපණ කිරීම සහ ආගමික බෙදීම් සහ දේශපාලන වාසි තකා මෙම ඛේදවාචකය හසුරුවා ඇති බව බොහෝ ශ්‍රී ලාංකිකයන් දැන් තරයේ විශ්වාස කරති. බහුවිධ පරීක්ෂණ කොමිෂන් සභා තිබියදීත්, ක්‍රිස්තියානි සහ මුස්ලිම් යන ප්‍රජාවන් දෙකම මේ වනවිට දේශීය යුක්ති යාන්ත්‍රණයන් කෙරෙහි විශ්වාසය බිඳගෙන තිබේ.

    අහිමි වූ ජීවිත සහ අඛණ්ඩව පවතින වේදනාව අතරතුර, ශ්‍රී ලාංකිකයන් ලෙස විශ්වාසයේ සහ අවබෝධයේ පාලම් ගොඩනඟා ගැනීමට නම් අපව නොමඟ යැවීමට දරන උත්සාහයන් අප වටහාගත යුතුය. වෛරයෙන් හා සැකයෙන් නොව, සාමය, දයාව, සත්‍යය සහ එකමුතුකම මුල් කරගත් අනාගතයක් හැඩගස්වා ගැනීමටනම් අනුර කුමාර දිසානායක පාලනයට කළ හැක්කේ විශ්වසනීය දේශීය යාන්ත්‍රණයක් හරහා හෝ ජාත්‍යන්තර මැදිහත්වීමක් ඉල්ලා සිටීමෙන් යුක්තිය ඉටු කර ගැනීමය. ඒ වෙනුවට මැතිවරණ ඉලක්ක කරගනිමින් සිදු කරන්නාවූ “පිල්ලෙයාන්ගේ පාස්කු නාට්‍ය” වැනි අවස්ථාවාදී ක්‍රියාදාමයන් තුළින් සිදුවනුයේ පෙර පැවති පාලනයන්ගේ “අපොහොසත් බවේ ගොඩට” ජාතික ජනබලවේග ආණ්ඩුවත් එකතුවීම පමණි.

    Easter Attack

    Latest news

    ඉන්දීය ගලවා ගැනීමේ හමුදා භටයින් රැගත් ගුවන් යානයක් කටුනායකට

    ඉන්දීය " ගලවා ගැනීමේ හමුදා භටයින් රැගත් ඉන්දීය ගුවන් හමුදාවට අයත් විශේෂ ගුවන් යානයක් අද දින උදෑසන කටුනායක ගුවන්...

    උතුරු සුමාත්‍රා දූපත් ආසන්නයේ භූ කම්පනයෙන් ශ්‍රී ලංකාවට සුනාමි අවදානමක් නැහැ

    උතුරු සුමාත්‍රා දූපත් ආසන්නයේ අද උදෑසන 10යි 26ට පමණ රික්ටර් මාපාංක ඒකක 6යි දශම 6ක ප්‍රභලත්වයකින් යුත් භූ කම්පනයක්...

    බදුල්ල ප්‍රදේශයේ නාය යෑම්වලින් පුද්ගලයින් 11ක් ජීවිතක්ෂයට

    පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් බදුල්ල දිස්ත්‍රික්කයේ ස්ථාන 07 ක සිදු වූ නාය යෑම්වලින් පුද්ගලයින් 11 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව...

    ඩේසිගේ නඩු කටයුතු සඳහා මානසික වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස නියෝගයක්.

    මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ චෝදනා ලබා සිටින යෝෂිත රාජපක්ෂගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට් යන අය නඩුවකට පෙනී සිටීම...
    - Advertisement -spot_img

    සතුට තමයි මගේ ජිවිතේ අංක එක

    සතුට තමයි මගේ ජිවිතේ අංක එක - Shraddha Kapoor කලා පවුලක සාමාජිකාවක් වුණ ශ්‍රද්ධා කපූර්ව ගොඩක් දෙනෙක් හඳුනගන්නෙ ආශිකී 2...

    ඉන්දීය ගලවා ගැනීමේ හමුදා භටයින් රැගත් ගුවන් යානයක් කටුනායකට

    ඉන්දීය " ගලවා ගැනීමේ හමුදා භටයින් රැගත් ඉන්දීය ගුවන් හමුදාවට අයත් විශේෂ ගුවන් යානයක් අද දින උදෑසන කටුනායක ගුවන්...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page