NewsDonald Trump ඝාතනයට උත්සාහ කළ පුද්ගලයා ආරුගම්බෙටත් සම්බන්ධයි

Donald Trump ඝාතනයට උත්සාහ කළ පුද්ගලයා ආරුගම්බෙටත් සම්බන්ධයි

-

spot_img

Donald Trump – ශ්‍රී ලංකාවේ වෙසෙන ඊශ්‍රායල සංචාරකයන්ට ආරුගම්බේහිදී ප්‍රහාර එල්ල කිරීම සඳහා පැවැරී තිබුණේ වත්මන් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඝාතන කොන්ත්‍රාත්තුව ලබාගත් බවට චෝදනා එල්ල වූ ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බළකාය හා සම්බන්ධකම් පවත්වන කුප්‍රකට කුලී ඝාතකයෙක් වන ෆර්ෂාඩ් ෂකේරිට බව එක්සත් ජනපද අධිකරණ දෙපාර්තමේන්තුව පෙරේදා(9 වෙනි සෙනසුරාදා) මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබිණි.

එම මාධ්‍ය නිවේදනයකට අනුව, ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බළකාය සමග සම්බන්ධකම් ඇති බවට චෝදනා සහිත ෂකේරි එම බළකායේ විවේචකයන් නිහඬ කිරීම සඳහා ඉරාන නිලධාරීන් විසින් සංවිධානය කරන ලද පුළුල් ජාත්‍යන්තර කුමන්ත්‍රණයක කොටස්කරුවෙකි. ෂකේරිට ට්‍රම්ප් මරා දැමීම සඳහා අමෙරිකානු ඩොලර් 300,000 කොන්ත්‍රාත්තුවක් ලබා දී තිබු බවත් ඉරානය විදේශයන්හි මෙහෙයුම් කිරීම සඳහා වෙනත් පුද්ගලයන් සහ අපරාධ ජාලා මෙහෙයවමින් ඇති බව ෂකේරිගේ කුමන්ත්‍රණයෙන් පැහැදිලි වන බවත් එරට අධිකරණ දෙපාර්තමේන්තුව පවසයි.

එම නිවේදනයේ දැක්වෙන ආකාරයට ශ්‍රී ලංකාවේ සංචාරයෙහි නියුතු ඊශ්‍රයාල ජාතිකයන් ඝාතනය සඳහා සැලකිය යුතු මුදලක් ලබා දී ඇත්තේ ෆර්ෂාඩ් ෂකේරි විසිනි. ජාත්‍යන්තර සීමාවන් නොතකා ඉරානය සිය පාලන තන්ත්‍රයේ විරුද්ධවාදීන් සහ එය සතුරු ලෙස සලකන අය ඉලක්ක කර ගැනීමට දරන උත්සාහයන් මෙම සිද්ධියෙන් ඉස්මතු වන බව පවසන එෆ්.බී.අයි. අධ්‍යක්ෂ ක්‍රිස්ටෝපර් වේ ප්‍රකාශ කර ඇත්තේ, එවැනි තර්ජනවලට එරෙහිව සිය ඒජන්සිය සුපරීක්ෂාකාරීව සිටින බව යි.

ෆර්ෂාඩ් ෂකේරි යනු 2008 වසරේදී අමෙරිකාවෙන් පිටුවහල් කරන ලද මේ වන විට 51 හැවිරිදි ටෙහෙරානය පදනම් කරගත් ඇෆ්ගන් සම්භවයක් සහිත පුද්ගලයෙකි. කුඩා කාලයේදීම එක්සත් ජනපදයට සංක්‍රමණය වන ඔහු, වයස අවුරුදු 20දී පමණ සොරකම් කිරීමේ වරදකට හසුව වසර 14ක් දඬුවම් ලැබීමෙන් අනතුරුව, 2008 වසරේදී අමෙරිකාවෙන් පිටුවහල් කර තිබේ. මෑත මාසවලදී ෂකේරි ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බළකායට සහාය වීම සඳහා එක්සත් ජනපද සිර ගෙවල්වලදී ඔහුට හමු වූ අපරාධ සහචරයන්ගේ ජාලයක් ශක්තිමත් කිරීම සඳහා සම්බන්ධ වී ඇති අතර එක්සත් ජනපද අධිකරණ දෙපාර්තමේන්තුවට අනුව, ඔහු ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බළකාය වෙත උනන්දුවක් දක්වන පුද්ගලයන් හඳුනාගෙන ඔවුන් මගින් ඝාතන ඉලක්ක නිරීක්ෂණයන් සහ ඝාතන සිදු කිරීම සඳහා ක්‍රියාකාරීන් ලබාදී ඇති බවත් සඳහන්.

විදෙස් පුවත් ඇසුරෙනි.

Latest news

විනිසුරුවරුන්ගේ විශ්‍රාම කාලය දිර්ඝ කිරිම වංචනිකයි

විනිසුරුවරුන්ගේ විශ්‍රාම කාලය දිර්ඝ කිරිම වංචනිකයි ආණ්ඩුව ක්‍රියාත්මක කිරිමට නියමිත විනිසුරුවරුන්ගේ විශ්‍රාම කාලය දිර්ඝ කිරිමේ ව්‍යවස්ථා සංශෝධනයට නිතීඥ ක්ෂේතුයේ දැඩි...

ඕස්ට්‍රේලියානු පුරවැසි ශ්‍රී ලාංකික තරුණයා මාස තුනක් හිරේ

ඕස්ට්‍රේලියානු පුරවැසි ශ්‍රී ලාංකික තරුණයා මාස තුනක් හිරේ ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බන් නුවර දුම්රියක් තුළ ගමන් ගත් මඟියකුගේ හිසට බෝතලයකින් පහර දීමේ...

ජනාධිපති මන්දිර දේශපාලන හිතවතුන්ට සැප ගන්න දීලා

ජනාධිපති මන්දිර දේශපාලන හිතවතුන්ට සැප ගන්න දීලා රටපුරා ඇති ජනාධිපති මන්දිර තම පාලන කාලය තුළ සිය වුවමනාවන් සදහා භාවිතා නොකරන...

හිටපු පොලිස්පතිවරයාගේ අවමංගල්‍යයට පොලිස් ගෞරව

හිටපු පොලිස්පතිවරයාගේ අවමංගල්‍යයට පොලිස් ගෞරව මෙරට 35 වැනි පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ සී.ඩී. වික්‍රමරත්නගේ අවසන් කටයුතු පොලිස් ගෞරව සහිතව...
- Advertisement -spot_img

ජනාධිපති මන්දිර දේශපාලන හිතවතුන්ට සැප ගන්න දීලා

ජනාධිපති මන්දිර දේශපාලන හිතවතුන්ට සැප ගන්න දීලා රටපුරා ඇති ජනාධිපති මන්දිර තම පාලන කාලය තුළ සිය වුවමනාවන් සදහා භාවිතා නොකරන...

රසකාරක නැති චිකන් සීසනින් කියුබ්

රසකාරක නැති චිකන් සීසනින් කියුබ් - Chicken seasoning Cube චිකන් සීසනින් කියුබ් (Chicken seasoning Cube) කියන්නෙ මේ වෙනකොට ගෘහණියන්ට කෑම...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you