Interviewsවැරදි ගැහැණියකගේ චරිතයක් රඟපාද්දි ආදරය නැතිවෙලා යනවා - Darshana...

වැරදි ගැහැණියකගේ චරිතයක් රඟපාද්දි ආදරය නැතිවෙලා යනවා – Darshana Rajendran

-

spot_img

 

Darshana Rajendran – ඇය,කෙනෙකුට අමතක කිරීමට අපහසු අන්දමේ සොඳුරු දසුනක්. මලයාලම් සිනමාවට පෙම්බඳින ශ්‍රී ලාංකික රසිකයන් අතරත් ඇය අතිශයින් ම ජනප්‍රියයි. මේ වසරේ ඇය අප හමුවට එන්නේ Purusha Pretham චිත්‍රපටය තුළින්.

මේ දර්ශනා රාජේන්ද්‍රන් සමගින් (Cinema Express ) සිදුකළ කතාබහක්.

• Purusha Pretham වෙනස්ම විදිහේ තේමාවක් ඇති චිත්‍රපටයක් වගේ…

එය Dark / Comedy වර්ගයේ ෆිල්ම් එකක්. අපරාධ, පොලීසිය වගේ දේවල් ඇතුලත් කතාවක්. විශේෂම දේ තමයි මේ කතාව හාස්‍යජනක එකක්. හාස්‍යයට කැමති අයට විනෝදවෙන්නත්, දේශපාලනය වගේ දේවල්වලට කැමති අයට අවබෝධයක් ලබා ගනිමින් බලන්නත් පුලුවන් ෆිල්ම් එකක්. Krishand ගේ මේ වෙනස් අදහසට මං කැමතියි. Purusha Pretham ඔබට විනෝදය ගෙන දේවි. හිතන්න දේවල් ඉතිරි කරාවි.

• Krishand ගේ සිනමා භාෂාව තේරුම් ගන්න ඔබට පුළුවන් වුනාද?

ඔහුගේ අදහස් සිත්ගන්නාසුළුයි. නැවුම් සහ නුහුරුයි. ඔහු සිනමාවේ අලුත් දේවල් ගවේෂණය කරනවා. මට ඔහු සහ ඔහුගේ කණ්ඩායම ගැන විශ්වාසයක් තිබුනා. ඔවුන් සීමිත සම්පත්වලින් උපරිම ප්‍රයෝජන ගන්නවා. මම කරන්නේ Susan කියන චරිතය.

• Jaya jaya jaya jaya hey චිත්‍රපටයේ ඔබේ රංගනය විශිෂ්ඨයි. මේ නිසා ඔබට ලොකු ප්‍රේක්ෂක ආදරයකුත් ලැබුනා. ඔබට එය දැනෙන්නේ කොහොමද?

ඔවුන්ගේ ඒ ආදරය Jaya කියන ගැහැණියටයි. ප්‍රශ්නකාරී,”වැරදි ගැහැණියකගේ” චරිතයක් රඟපාද්දි ඒ ආදරය නැතිවෙලා යනවා. ඔවුන් හිතනවා “මේ කෙල්ල මොනවද මේ කරන්නෙ” කියලා. (සිනාසෙයි) හැම විදිහකම චරිත රඟපාන්න මම කැමතියි. Jaya jaya jaya jaya hey කියන්නෙ සුන්දර අත්දැකීමක්. ඒ වගේම ප්‍රේක්ෂක ආදරය කියන්නෙ ක්ෂණිකව වෙනස්වෙන දෙයක්. මම ඒ වෙත බැඳෙන්නේ නැහැ.

• චරිතයක් තුළට කාවැදෙමින් එය නිරූපනය කරන්නෙ කොහොමද?

මගේ මේකප්, හැසිරීම,කොණ්ඩය මේ දේවල්වලට වඩා චරිතයක් හොඳින් කරන්න බලපාන්නෙ මම මොනතරම් ඒ චරිතය තේරුම් ගන්නවාද කියන දේ එක්ක. එය අභියෝගාත්මකයි.

• Susan ගෙ චරිතය ඔබේ සිත ගත්තෙ ඇයි?

ඇය මට වඩා වෙනස්. නමුත් සමානකමුත් තියෙනවා. අපිට ලැබෙන චරිතවල සමානකම්, වෙනස්කම් ගැන සසඳන්න ලැබෙන එක නළු නිළියන්ට ලැබෙන අපූරුම අත්දැකීමක්.

• ඔබ වාණිජ හා එසේ නොවෙන චිත්‍රපට දෙවර්ගයටම සම්බන්ධ වී තිබෙනවා. එයට හේතුව මොකක්ද? එය සැලසුම්සහගතව කරන දෙයක් ද?

නැහැ. මම චිත්‍රපටයක වැඩ කරන්නෙ පිටපත සහ මට අනිත් අය සමග වැඩ කරන්න පුළුවන් ද කියන දේවල් අනුව. මගේ තීරණ ගැන මම පසුතැවෙන්නේ නැහැ. මගේ තේරීම් තනිකරම හදවතින් කරන ඒවා.

• ඔබ දෙමළ චිත්‍රපට සඳහා,හින්දි කතාමාලාවක් සඳහා රංගනයෙන් එක්වුනා. ඔබ ඒවාට සම්බන්ධ වෙන්න කැමති ද?

මලයාලම් චිත්‍රපට කරන එක මට සතුටක්. ඒ වගේම වෙනත් භාෂාවල චරිත නිරූපනය කරන්නත් මම කැමතියි. මං හිතනවා මට ඒ සඳහා අවස්ථා ලැබෙනවා කියලා. සිනමාව මගේ ජීවිතයේ කොටසක්. මම එයට පැමිණියේ අහම්බෙන්.මම බලාපොරොත්තු වෙනවා පුලුවන් තරම් සතුටින් වැඩ කරගෙන යන්න.

 

 

 

 

Latest news

තාවකාලික ඉන්ධන හිඟයක් ඇතිවිය හැකියි

තාවකාලික ඉන්ධන හිඟයක් ඇතිවිය හැකියි මෙම මාසය අවසන් වනතුරු ඉන්ධන මිල වැඩි නොකර පවතින මිල ගණන් යටතේ පවත්වාගෙන යෑමට හැකි...

තෙල් මිල ගළපන්නෙ IMF එකට ඕනෙ විදිහටද?

තෙල් මිල ගළපන්නෙ IMF එකට ඕනෙ විදිහටද? මැදපෙරදිග ගැටුම් හමුවේ ඉහළ යන ඉන්ධන මිල ගණන්වලට සාපේක්ෂව දේශීය ඉන්ධන මිල ගැලපීම...

ක්ෂේත්‍ර බෝගවලටත් පොහොර සහනාධාර

ක්ෂේත්‍ර බෝගවලටත් පොහොර සහනාධාර 2026/27 මහ කන්නයේ වී සහ කුඹුරු ඉඩම්වල වගා කරන වෙනත් ක්ෂේත්‍ර බෝග සඳහා පොහොර මූල්‍ය සහනාධාරය...

ලබන වසරේ පාසල් පෙළපොත් ලැබෙන්නෙ මෙහෙමයි

ලබන වසරේ පාසල් පෙළපොත් ලැබෙන්නෙ මෙහෙමයි ලබන වසරේ (2027) පාසල් දරුවන් වෙත නොමිලේ බෙදාදීමට නියමිත පෙළපොත්/මොඩියුල මුද්‍රණය කිරීමේ (පළමු අදියර)...
- Advertisement -spot_img

පිරිමින්ටත් පියයුරු පිළිකා

පිරිමින්ටත් පියයුරු පිළිකා පියුයුරු පිළිකා සම්බන්ධව ප්‍රජාව දැනුම්වත් කරන ඒ පිළිබඳව උපදේශන සේවා ක්‍රියාත්මක වන කාල වකවානුවයි මේ. නවතම දත්ත...

ලබන වසරේ පාසල් පෙළපොත් ලැබෙන්නෙ මෙහෙමයි

ලබන වසරේ පාසල් පෙළපොත් ලැබෙන්නෙ මෙහෙමයි ලබන වසරේ (2027) පාසල් දරුවන් වෙත නොමිලේ බෙදාදීමට නියමිත පෙළපොත්/මොඩියුල මුද්‍රණය කිරීමේ (පළමු අදියර)...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you