ArtCovid වසංගත සමයේ අපුරු මිතුදමක කතාවක්

Covid වසංගත සමයේ අපුරු මිතුදමක කතාවක්

-

spot_img

Covid වසංගත සමයේ අපුරු මිතුදමක කතාවක් – Homebound

සමහර මිතුරුකම් ලේ නෑකම්වලට වඩා ප්‍රභලයි. අම්මා තාත්තටත් වඩා හදවතට සමීපයි. යහළුවෙක්ට වඩා සහෝදරයෙක් වගේ දැනෙන මිතුරු බැඳීම් තියෙනවා. සතුටේදිත් දුකේදිත් එක ලෙසින්ම ළඟ ඉන්න.

ශොයිබ් සහ චන්ද්‍රන් කියන ප්‍රාණසම මිත්‍රයො දෙන්නා ජීවත්වුනේ උතුරු ඉන්දියාවෙ කුඩා ගම්මානයක. දුප්පත්කම ඔවුන්ගෙ ජීවිතේම කොටසක්. තමන්ගෙ පවුල්වලට බොහොම ලෙංගතු මේ දෙන්නගෙ හීනෙ වුණේ පොලිසියට බැඳෙන එක. කොස්තාපල්වරයෙක් වුණාම ගෙදර හොඳට හදාගන්න, පවුලට හයියක් වෙන්න වගේම, ජාති භේද, කුලය වගේ දේවල් දරුණුවටම තිබ්බ රටක රැකියාව නිසා තමන්ට පිළිගැනීමක් ලැබෙන බවත් ඔවුන් විශ්වාස කරා. දෙන්නත් එක්ක පොලිස් විභාගයට ලියලා ප්‍රතිඵල අපේක්ෂාවෙන් හිටියා. තවදුරටත් මුදල් හම්බ කරන්න අපහසු දෙමව්පියන් එක්ක, රැකියා විරහිතව ඔවුන් ජීවිතේ ගතකළේ තමන් ගැනම කළකිරීමක් හිතේ තියාගෙන. සැනසිල්ලකට තිබුණෙ මිත්‍රත්වය විතරයි. හීන හුඟක් ඈත බව දැනුනම මේ මිත්‍රයන්ට සිද්ධ වුණා මොනවම හරි කරලා සල්ලි හම්බ කරන්න.

Homebound

රැකියා විරහිත බව උග්‍ර ගැටළුවක් වෙලා තියෙන රටක රැකියාවක් ලබා ගැනීම කියන්නෙ බොහොම තරඟකාරී දෙයක් බව අමුතුවෙන් කිව යුතු නැහැ. චන්ද්‍රන්, ශොයිබ් වැනි තරුණයන්ගෙ ජීවිත සෑහෙන වෙනස් කරන්න, සමාජයේ “තැනක්” ලබා දෙන්න රැකියාවකට පුළුවන්. නමුත් රජයේ රැකියාවක් කියන හීනය හීනයක්ම බව පෙනී යනකොට ඔවුන් ඒකට උත්තර හෙව්වා. ගෙදරට සල්ලි දිය යුතුව තිබුණා. ශොයිබ්ට පිටරටක රැකියාවකට අවස්ථාවක් තිබුණත්, උපන් ගම, පවුල, යාළුවව දාලා යන්න ඔහුට කොහෙත්ම හිත දුන්නෙ නැහැ. රැකියාවක් සොයාගෙන උපන් ගම දාලා ආවට පස්සෙ මේ දෙන්නගෙ ජීවිත ටික ටික වෙනස් වෙන්න ගත්තා. මිත්‍රත්වය පෙර සේම පැවතුණා. පෙර සේම ශක්තියක් වුණා. සතුටෙදි හිනාවෙන්නත්, දුකේදි කෑගහල අඬන්නත් ඔවුන්ට ඔවුන් හිටියා. ඔය අතරෙ තමයි බියකරු යක්ෂයෙක් ලෝකයම ග්‍රහණයට ගන්නෙ.

Homebound

ඒ තමයි Covid වසංගතය. දෙවියන් ඇදහුව ඉන්දියාවෙ මිනිස්සු කොවිඩ් නිසා එකා පිට එකා මැරී වැටුණෙ වැඩිම මරණ සංඛ්‍යාවක් සිද්ධ වුණ රටක් බවට පත්වෙමින්. මහපාරෙ, වාහන ඇතුළෙ, මිනිස්සු මැරිලා ගියේ වතුර උගුරක් හෝ නොලබා. අනෙකාගෙ හුස්මටත් බය වුණ මිනිස්සු උදව් කරන්න තබා ළඟටවත් ආවෙ නැහැ. කන්න බොන්න දෙයක් හොයා ගැනීම අතිශය දුෂ්කර වී තිබුණා. ඇඳිරි නීතිය රජවී මිනිසුන් නිවාස තුළට කොටුවී සිටියා. නොනිදන නගර සදාතනික නින්දකට වැටී ඇත්තාක් මෙන් දිස් වුණා. සිහින වෙනුවෙන් නගරයට ආ චන්ද්‍රන්ගේත්, ශොයිබ් ගේත් ඉරණම කුමක්ද?

Homebound

හොඳම මිතුරෙක් කියන්නෙ ඔබ ගැන හැම දේම දන්න, ඔබව කිසිදා තනි නොකරන කෙනෙක්ට. සිහිනවලට යන මාවතේ විතරක් නෙමෙයි මරණය කරා යන මාවතේත් ඔවුන් නොවෙනස්ව ළඟ රැඳෙනව. අපි ළඟ නොසිටියත් ඔවුන් අපි වෙනුවෙන් පෙනී සිටිනවා. හදවත්වල නිධන් වුණ බැඳීම් සදාතනිකයි. අමරණීයයි. වසංගතයකට මිනිස් ජීවිත උදුරාගත හැකියි. අඩාල කර හැකියි. විනාශ කළ හැකියි. නමුත් ඒවාට මිනිස් හිත්වල අධිෂ්ඨානය, ශක්තිය හෝ බැඳීම්වල උණුසුම මකලා දාන්න බැහැ.

Homebound

කොවිඩ් සමයේදී ඛේදවාචකයකට මුහුණ දුන් මොහොමඩ් සයූබ් සහ අම්රිත් කුමාර් නැමති ඉන්දීය ජාතික තරුණයන් දෙදෙනාගේ සත්‍ය කතාව ඇසුරෙන් Homebound (2025) චිත්‍රපටය නිමැවී තිබෙනවා. අධ්‍යක්ෂණය Neeraj Ghaywan විසින්. Ishaan Khatter, Vishal Jethwa, Janhvi Kapoor ඇතුළු රංගන ශිල්පීන් රැසක් රංගනයෙන් දායක වෙනවා.

Latest news

තාවකාලික ඉන්ධන හිඟයක් ඇතිවිය හැකියි

තාවකාලික ඉන්ධන හිඟයක් ඇතිවිය හැකියි මෙම මාසය අවසන් වනතුරු ඉන්ධන මිල වැඩි නොකර පවතින මිල ගණන් යටතේ පවත්වාගෙන යෑමට හැකි...

තෙල් මිල ගළපන්නෙ IMF එකට ඕනෙ විදිහටද?

තෙල් මිල ගළපන්නෙ IMF එකට ඕනෙ විදිහටද? මැදපෙරදිග ගැටුම් හමුවේ ඉහළ යන ඉන්ධන මිල ගණන්වලට සාපේක්ෂව දේශීය ඉන්ධන මිල ගැලපීම...

ක්ෂේත්‍ර බෝගවලටත් පොහොර සහනාධාර

ක්ෂේත්‍ර බෝගවලටත් පොහොර සහනාධාර 2026/27 මහ කන්නයේ වී සහ කුඹුරු ඉඩම්වල වගා කරන වෙනත් ක්ෂේත්‍ර බෝග සඳහා පොහොර මූල්‍ය සහනාධාරය...

ලබන වසරේ පාසල් පෙළපොත් ලැබෙන්නෙ මෙහෙමයි

ලබන වසරේ පාසල් පෙළපොත් ලැබෙන්නෙ මෙහෙමයි ලබන වසරේ (2027) පාසල් දරුවන් වෙත නොමිලේ බෙදාදීමට නියමිත පෙළපොත්/මොඩියුල මුද්‍රණය කිරීමේ (පළමු අදියර)...
- Advertisement -spot_img

පිරිමින්ටත් පියයුරු පිළිකා

පිරිමින්ටත් පියයුරු පිළිකා පියුයුරු පිළිකා සම්බන්ධව ප්‍රජාව දැනුම්වත් කරන ඒ පිළිබඳව උපදේශන සේවා ක්‍රියාත්මක වන කාල වකවානුවයි මේ. නවතම දත්ත...

ලබන වසරේ පාසල් පෙළපොත් ලැබෙන්නෙ මෙහෙමයි

ලබන වසරේ පාසල් පෙළපොත් ලැබෙන්නෙ මෙහෙමයි ලබන වසරේ (2027) පාසල් දරුවන් වෙත නොමිලේ බෙදාදීමට නියමිත පෙළපොත්/මොඩියුල මුද්‍රණය කිරීමේ (පළමු අදියර)...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you