Artසැමියන්ට වෙන ගැහැණුන්ගෙ ඇල්ම බැල්ම වැඩි ඇයි?

සැමියන්ට වෙන ගැහැණුන්ගෙ ඇල්ම බැල්ම වැඩි ඇයි?

-

spot_img

සැමියන්ට ගැහැණුන්ගෙ ඇල්ම බැල්ම වැඩි ඇයි? – The Housemaid

සාමාන්‍යයෙන් බිරිඳක් තමන්ගෙ සැමියට වෙනත් ගැහැණුන්ගෙ ඇල්ම බැල්ම වැටෙනවද කියලා නිතර දෙවේලේ සෝදිසියෙන් ඉන්නෙ. සමහර බිරින්දෑවරුන්ට සැමියා වෙන ගැහැණු කෙනෙක් එක්ක වචනයක් දෙකක් කතා කරත් සැකයි. ඒ තරමට ඔවුන්ගෙ නීති වැඩියි. හදිසියේ සැමියා වෙනත් ගැහැණියක් එක්ක බැඳුනොත් ගොඩක් වෙලාවට සමාජය කියන්නෙත් ඒකට හේතුව බිරිඳගෙ වැරදි අඩුපාඩු බව.

 The Housemaid

රූමත් බිරිඳක් වුන නිනාට හිටියෙ බොහොම කඩවසම් සැමියෙක්. ඇන්ඩෲගෙ හිනාවට ගැහැණු පිස්සු වැටුණා. ඇන්ඩෲ හරිම ගුණ යහපත් ආදරණීය සැමියෙක්, පියෙක් කියලා හැමෝම කිව්වා. ඔය අතරෙ තමයි නිනා තමන්ගෙ ගෙදර වැඩට Housemaid කෙනෙක් ගන්නෙ. ඒ තමයි මිලී. මේ කෙල්ල බොහොම තරුණ රූමත් කෙනෙක්. ඉන්න හිටින්න තැනක්, කාත් කවුරුත් හිටියෙ නැති මිලීව ගෙදර වැඩට ගත්තු නිනා ඇයට ගෙදර කාමරයකුත් වෙන් කරලා දුන්නා. ඒ විතරක් නෙමේ පවුලෙ කෙනෙක් විදිහට ඇයව පිළිගන්න බවත් කිව්වා. මෙච්චර කඩවසම් සැමියෙක් ගෙදර ඉන්නකොට මිලී වගෙ කෙල්ලක් ගේ ඇතුළට දාගන්න ඇයට පිස්සු කියලා ඕනෙ කෙනෙක් හිතයි.

 The Housemaid

නිනාගෙ හැසිරීම තරමක් අමුතු බව ටිකෙන් ටික මිලීට වැටහුණා. ඇය සැරින් සැරේ වෙනස් වුණේ හිතාගන්නත් බැරි විදිහට. සමහරවෙලාවට ඇයට බොහොම තදින් කේන්ති ගියා. ඒ වෙලාවට ඇය හැසිරුණේ වියරුවෙන් වගේ. ඒත් ඇන්ඩෲ මේ හැමදෙයක්ම බොහොම සන්සුන්ව ඉවසගත්තා. නිනාගෙ අතින් වුණු වැරදිවලට මිලීගෙන් සමාව ගන්න තරම් ඔහු නිහතමානී වුණා. නිනාට පිස්සු කියලයි හැමෝම කතා වුණේ. ඇන්ඩෲ මොනතරම් අසරණද, කාරුණිකද කියලත් හැමෝම කතා වුණා. ඇත්තටම නිනාගෙ ප්‍රශ්නෙ මොකක්ද? බොහොම ඉක්මනින් මිලීට ඒ දේවල් හොයාගන්න ලැබුණා.

 The Housemaid

ලෝකෙට වගේම මිලීටත් ඇන්ඩෲ ගැන අනුකම්පාවක් දැණුනා. ඒ වගේම ආකර්ෂණයක්. ඔය බව ඉව වැටුණ නිනා තමන්ගෙ සැමියගෙන් ඈත්වෙලා ඉන්න කියලා ඇයට අනතුරු ඇඟෙව්වා. ඒ විතරක් නෙමේ නිනා මිලීගෙ අවුරුදු ගණනාවක් පරණ අතීතයත් හොයාගෙන තිබුණා. මිලීගෙ අතීතය මොකක්ද? එතකොට නිනාගෙ අතීතය?

 The Housemaid

සමහර මිනිස්සු කෙනෙක්ගෙ දුර්වලම තැන හොයාගෙන ඒ ඔස්සේ ඒ කෙනාව තමන්ගෙ ග්‍රහණයට ගන්නව. ඒ වගේ මිනිස්සු බොහොම භයානකයි. ආකර්ෂණීය හිනාවකින්, හැසිරීමෙන්, හදවතම දෙනව වගේ කරන කතාබහෙන් ඔවුන්ට පුළුවන් අනිත් අයව වසඟ කරගන්න. කෙනෙක්ගෙ ජීවිතේ විනාශ කරලා දාන්න. නමුත් කවදහරි දවසක ඔවුන්ට තමන්ට වඩා බොහොම දක්ෂ ප්‍රතිවාදියෙක් මුණ ගැහෙනවා. එදාට ඔවුන් තමන්ගෙ අවසානය තමන් විසින්ම ලියා ගන්නවා. මේ ලෝකෙ සදාකාලික රහස් කිසිවක්ම නැහැ.

Latest news

තාවකාලික ඉන්ධන හිඟයක් ඇතිවිය හැකියි

තාවකාලික ඉන්ධන හිඟයක් ඇතිවිය හැකියි මෙම මාසය අවසන් වනතුරු ඉන්ධන මිල වැඩි නොකර පවතින මිල ගණන් යටතේ පවත්වාගෙන යෑමට හැකි...

තෙල් මිල ගළපන්නෙ IMF එකට ඕනෙ විදිහටද?

තෙල් මිල ගළපන්නෙ IMF එකට ඕනෙ විදිහටද? මැදපෙරදිග ගැටුම් හමුවේ ඉහළ යන ඉන්ධන මිල ගණන්වලට සාපේක්ෂව දේශීය ඉන්ධන මිල ගැලපීම...

ක්ෂේත්‍ර බෝගවලටත් පොහොර සහනාධාර

ක්ෂේත්‍ර බෝගවලටත් පොහොර සහනාධාර 2026/27 මහ කන්නයේ වී සහ කුඹුරු ඉඩම්වල වගා කරන වෙනත් ක්ෂේත්‍ර බෝග සඳහා පොහොර මූල්‍ය සහනාධාරය...

ලබන වසරේ පාසල් පෙළපොත් ලැබෙන්නෙ මෙහෙමයි

ලබන වසරේ පාසල් පෙළපොත් ලැබෙන්නෙ මෙහෙමයි ලබන වසරේ (2027) පාසල් දරුවන් වෙත නොමිලේ බෙදාදීමට නියමිත පෙළපොත්/මොඩියුල මුද්‍රණය කිරීමේ (පළමු අදියර)...
- Advertisement -spot_img

පිරිමින්ටත් පියයුරු පිළිකා

පිරිමින්ටත් පියයුරු පිළිකා පියුයුරු පිළිකා සම්බන්ධව ප්‍රජාව දැනුම්වත් කරන ඒ පිළිබඳව උපදේශන සේවා ක්‍රියාත්මක වන කාල වකවානුවයි මේ. නවතම දත්ත...

ලබන වසරේ පාසල් පෙළපොත් ලැබෙන්නෙ මෙහෙමයි

ලබන වසරේ පාසල් පෙළපොත් ලැබෙන්නෙ මෙහෙමයි ලබන වසරේ (2027) පාසල් දරුවන් වෙත නොමිලේ බෙදාදීමට නියමිත පෙළපොත්/මොඩියුල මුද්‍රණය කිරීමේ (පළමු අදියර)...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you