NewsCourt order ගෝණෙකු දඩයම් කළ තිදෙනෙකුට අධිකරණය දුන් නියෝගය

Court order ගෝණෙකු දඩයම් කළ තිදෙනෙකුට අධිකරණය දුන් නියෝගය

-

spot_img

 Court order – ගෝණෙකු වෙඩි තබා ඝාතනය කර, ජීප් රථයකින් රැගෙන යමින් සිටියදී අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනෙකු මෙම මස 31 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.

ඒ අනුව, මෙම සැකකරුවන් නුවරඑළිය පොලිස් ස්ථානයේ නිළධාරින් විසින් නුවරඑළිය මහේස්ත්‍රාත් ලංකාංගනී ප්‍රබුද්ධිකා වෙත ඉදිරිපත් කළ අවස්ථාවේදී මෙම නියෝගය ලබාදී ඇති බවයි සඳහන් වෙන්නේ.

අවුරුදු 40 – 50 යන වයස්වල පසුවන කුරුණෑගල සහ දංකොටුව ප්‍රදේශයේ පදිංචිකරුවන් තිදෙනෙක් මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

ඔවුන් තිදෙනා විසින් නුවරඑළිය, සීතා අම්මාන් කෝවිල අසළ රක්ෂිතයේ සැරිසරමින් සිටි ගෝණෙකු වෙඩි තබා ඝාතනය කර, ජීප් රථයකින් දංකොටුව දක්වා රැගෙන යමින් සිටියදී, නුවරඑළිය රථවාහන අංශයේ පොලිස් නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබුණා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් පරික්ෂා කිරීමේදී බලපත්‍ර නොමැති බෝර 12 ගිනි අවියක්, උණ්ඩ 09 ක් සහ කුඩා ඊයම් බෝල 174ක් සොයාගෙන ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

 

Latest news

හැරී කුමරුගේ මාමණ්ඩියට ළමා ලිංගික අපයෝජන චෝදනා

හැරී කුමරුගේ මාමණ්ඩියට ළමා ලිංගික අපයෝජන චෝදනා හැරී කුමරුගේ බිරිඳ මේගන් මාර්කල්ගේ පියා වන තෝමස් මාර්කල් (Thomas Markle Sr.) සම්බන්ධයෙන්...

සමාජ මාධ්‍ය තුළ දරුවන් අනිසි ලෙස යොදාගැනීමට එරෙහිව නීති

සමාජ මාධ්‍ය තුළ දරුවන් අනිසි ලෙස යොදාගැනීමට එරෙහිව නීති දරුවන් අවදානම් සහිත ස්ථානවලට රැගෙන යාම, අසභ්‍ය වචන භාවිත කරවීම, වැඩිහිටියන්ට...

ධම්මික පෙරේරා කුණු කොල්ලයට ගත් කිංග්ස්බරි ඉඩම

ධම්මික පෙරේරා කුණු කොල්ලයට ගත් කිංග්ස්බරි ඉඩම  කොළඹ කොටුවේ අක්කර 5.5 ක මංකොල්ලය කොළඹ නගරයේ හදවත බඳු, වාණිජමය වශයෙන් ඉහළම වටිනාකමක්...

කුඹුරක තිබී වෙඩි වැදුණු සිරුරක් හමුවේ

කුඹුරක තිබී වෙඩි වැදුණු සිරුරක් හමුවේ වෙඩි වැදීමකින් මරණයට පත් පුද්ගලයෙකුගේ සිරුරක් කොටවෙහෙර පොලිස් වසමට අයත් කුඹුරක තිබියදී හමුවී...
- Advertisement -spot_img

මගේ චිත්‍රපටි මමවත් බලන්නෙ නෑ

මගේ චිත්‍රපටි මමවත් බලන්නෙ නෑ - Preity Zinta Dil Chahta Hai, Kal Ho Naa Ho, Veer-Zaara වැනි චිත්‍රපට රැසකින්ම ආදරණීය...

කුඹුරක තිබී වෙඩි වැදුණු සිරුරක් හමුවේ

කුඹුරක තිබී වෙඩි වැදුණු සිරුරක් හමුවේ වෙඩි වැදීමකින් මරණයට පත් පුද්ගලයෙකුගේ සිරුරක් කොටවෙහෙර පොලිස් වසමට අයත් කුඹුරක තිබියදී හමුවී...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you