NewsCase අලි රොෂාන්ගේ නඩුවට දින දෙයි

Case අලි රොෂාන්ගේ නඩුවට දින දෙයි

-

spot_img

Case – බලපත්‍ර නොමැතිව අලි ඇතුන් කිහිප දෙනෙකු සන්තකයේ තබා ගැනීම ඇතුළු චෝදනා මත සමරප්පුලිගේ නිරාජ් රොෂාන් හෙවත් අලි රොෂාන් ඇතුළු විත්තිකරුවන් හතර දෙනෙකුට එරෙහිව ගොනු කර ඇති නඩුවේ තීන්දුව සැප්තැම්බර් 29 වනදා ප්‍රකාශයට පත් කරන බව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද දින නියම කළා.

මෙම නඩුව අද මංජුල තිලකරත්න සහ ලංකා ජයරත්න යන විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

එහිදී විනිසුරු මඬුල්ලේ සභාපති විනිසුරු මංජුල තිලකරත්න මහතා විවෘත අධිකරණයේ කරුණු දක්වමින් 2025 මැයි 16 දින අගවිනිසුරුවරියගේ නියමයෙන් මෙම නඩුව විභාග කිරීම සඳහා නව ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් නම් කර ඇති බව සඳහන් කළා.

මෙම නඩුවේ පූර්වගාමී විනිසුරු වරු ඉදිරියේ කැඳවනු ලැබු සාක්ෂි ඒ ආකාරයෙන්ම පිලිගැනීමට විත්ති පාර්ශවය විරුද්ධත්වයක් දක්වා නොමැති බවත් විනිසුරුවරයා කියා සිටියා.

නව විනිසුරු මඩුල්ලට මෙම නඩූකරය ගැන අධ්‍යයනය කිරීමට ප්‍රමාණවත් කාලයක් අවශ්‍ය බව පෙන්වා දුන් විනිසුරුවරයා ඒ අනුව නඩු තීන්දුව සැප්තැම්බර් 29 ප්‍රකාශයට පත් කරන බව සඳහන් කළා.

Latest news

තාවකාලික ඉන්ධන හිඟයක් ඇතිවිය හැකියි

තාවකාලික ඉන්ධන හිඟයක් ඇතිවිය හැකියි මෙම මාසය අවසන් වනතුරු ඉන්ධන මිල වැඩි නොකර පවතින මිල ගණන් යටතේ පවත්වාගෙන යෑමට හැකි...

තෙල් මිල ගළපන්නෙ IMF එකට ඕනෙ විදිහටද?

තෙල් මිල ගළපන්නෙ IMF එකට ඕනෙ විදිහටද? මැදපෙරදිග ගැටුම් හමුවේ ඉහළ යන ඉන්ධන මිල ගණන්වලට සාපේක්ෂව දේශීය ඉන්ධන මිල ගැලපීම...

ක්ෂේත්‍ර බෝගවලටත් පොහොර සහනාධාර

ක්ෂේත්‍ර බෝගවලටත් පොහොර සහනාධාර 2026/27 මහ කන්නයේ වී සහ කුඹුරු ඉඩම්වල වගා කරන වෙනත් ක්ෂේත්‍ර බෝග සඳහා පොහොර මූල්‍ය සහනාධාරය...

ලබන වසරේ පාසල් පෙළපොත් ලැබෙන්නෙ මෙහෙමයි

ලබන වසරේ පාසල් පෙළපොත් ලැබෙන්නෙ මෙහෙමයි ලබන වසරේ (2027) පාසල් දරුවන් වෙත නොමිලේ බෙදාදීමට නියමිත පෙළපොත්/මොඩියුල මුද්‍රණය කිරීමේ (පළමු අදියර)...
- Advertisement -spot_img

පිරිමින්ටත් පියයුරු පිළිකා

පිරිමින්ටත් පියයුරු පිළිකා පියුයුරු පිළිකා සම්බන්ධව ප්‍රජාව දැනුම්වත් කරන ඒ පිළිබඳව උපදේශන සේවා ක්‍රියාත්මක වන කාල වකවානුවයි මේ. නවතම දත්ත...

ලබන වසරේ පාසල් පෙළපොත් ලැබෙන්නෙ මෙහෙමයි

ලබන වසරේ පාසල් පෙළපොත් ලැබෙන්නෙ මෙහෙමයි ලබන වසරේ (2027) පාසල් දරුවන් වෙත නොමිලේ බෙදාදීමට නියමිත පෙළපොත්/මොඩියුල මුද්‍රණය කිරීමේ (පළමු අදියර)...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you