BusinessBurger King මෙනුවෙන් තක්කාලි ඉවත් කෙරේ

Burger King මෙනුවෙන් තක්කාලි ඉවත් කෙරේ

-

spot_img

Burger King – තියුණු ලෙස මිළ ඉහළ යෑම නිසා ඉන්දියාවේ Burger King ජාලය සිය මෙනුවෙන් තක්කාලි ඉවත් කර ඇත. “තක්කාලි භෝගවල ගුණාත්මකභාවය සහ සැපයුම පිලිබඳ අනපේක්ෂිත තත්වයක් නිසා” මෙම තීරණය ගත් බව ඔවුන් පවසයි. ආර්ථික විද්වතුන්ගේ අදහස වුයේ අයහපත් කාලගුණික හේතුන් නිසා ඇති වූ වගා හානි වෙළෙදපොලට තක්කාලි සැපයිමට බධාවක් වී ඇති බවයි.

Burger king

මෙම සතිය මුලදි ඇමරිකානු සැන්ඩ්විච් නිෂ්පාදකයෙකු වන Subway ද තක්කාලි තම මෙනුවෙන් ඉවත් කළේය. ඉන්දියාවේ ආහාර උද්ධමනය 2020 ජනවාරි මාසයේ සිට ඉහළම අගයට පැමිණ ඇති බව Reuters පුවත් සේවය වාර්තා කරයි. මෝසම් වැසි නිසා බෝග සහ සැපයුම් දාම කඩාකප්පල් වීමත් සමග ජූලි මාසයේදී තක්කාලි කිලෝවක මිල රුපියල් 250 (US$3) දක්වා ඉහළ යෑමත් සමගම මෑත මාස වල ඉන්දියාවේ අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය වල මිළද ඉහළ ගොස් තිබේ.

Burger king

Burger King India තම නිල වෙබ් අඩවියට “අපේ බර්ගර් වල තක්කාලි නැත්තේ ඇයි?” යනුවෙන් නව අංශයක් එක් කර තිබිණි. එම ජාලයේ හිමිකරු පැවසුවේ “ඉතා උසස් තත්ත්වයේ ප්‍රමිතීන්” තමන් අනුගමනය කරන බවත් තක්කාලි ඉක්මනින්ම මෙනුවට පැමිණෙන බවත්ය. “එතෙක් ඔබ ඉවසීමෙන් සහ අවබෝධයෙන් සිටිනු ඇතැයි අප බලාපොරොත්තු වන” බව ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබිණි.

-BBC News ඇසුරෙනි-

Latest news

කොළඹට සහ ගම්පහට වතුර කැපුවේ ඇයි?

කොළඹට සහ ගම්පහට වතුර කැපුවේ ඇයි? කොළඹ සහ ගම්පහ ප්‍රදේශවලට ජලය බෙදාහරින අඹතලේ සහ කැලණි දකුණ ඉවුර ජල පවිත්‍රාගාරවල ජල...

මේ වසරේ ඉන්ධන ආනයන වියදම් වැඩියි

මේ වසරේ ඉන්ධන ආනයන වියදම් වැඩියි මෙම වසරේ පළමු භාගයේ ආනයනික ඉන්ධන වියදම පසුගිය 2025 කාලයට සාපේක්ෂ සැලකිය යුතු අගයකින්...

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක මිල ඉහළ යන ලකුණු

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක මිල ඉහළ යන ලකුණු එල්නිනෝ අනිටු බලපෑම් සහ මැද පෙරදිග අර්බුදය නිසාවෙන් සීනි, ලොකු ළූණු, ආනයනික...

පොත්වලට බදු ගහන ආසියාවේ එකම රට ලංකාව

පොත්වලට බදු ගහන ආසියාවේ එකම රට ලංකාව මුද්‍රිත පොත් සඳහා පනවා ඇති බදු හේතුවෙන් වසර තුනකදී ගත් කතුවරුන් සියයට 50ත්...
- Advertisement -spot_img

සිරගෙය තිඹිරිගෙය කරගත් පුංචි කොල්ලෙක්ගේ කතාව

සිරගෙය තිඹිරිගෙය කරගත් පුංචි කොල්ලෙක්ගේ කතාව - Balan: The Boy සිරගෙදරක කල්ගෙවන හැම සිරකරුවක් ළඟම අපරාධයක් ගැන කතාවක් තියෙනවා. බොහෝවිට...

පොඩි බඩගින්නට බේකරි රසට ගෙදර හැදු සොසේජ් බන්

පොඩි බඩගින්නට බේකරි රසට ගෙදර හැදු සොසේජ් බන් - Sausage Bun බේකරි කෑම අතරෙ ලොකු කුඩා කවුරු අතරත් ගොඩක්...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you