ArtBrida කාමය ගැහැණු සතුව ඇති සොඳුරුතම බලයයි

Brida කාමය ගැහැණු සතුව ඇති සොඳුරුතම බලයයි

-

spot_img

Brida – එදා, මම ඔයාට මැජික්වල එන වැදගත්ම රහසක් ගැන කීවා. ආත්මීය සහකරුවා ගැන. මේ පොළෝ තලයේ ජීවත්වෙන මිනිහෙක්ගේ මුළු ජීවිතේම, ආත්මීය සහකරුවා සොයා යෑම කියන සාධකයට කැටි කරන්න පුළුවන්. එයා ඥානයන්, මුදල් හෝ බලය පස්සේ හඹා යනවා කියල මවා පෙන්නයි. ඒත් ඇත්තටම මේ කිසි දෙයක් වැදගැම්මකට නැහැ. එයා ලබා ගන්න හැමදෙයක්ම අසම්පූර්ණයි එයාට ආත්මීය සහකරුවා හොයාගන්න බැරිනම්. – (59 පිටුව)

ජීවිත කාලය තුල අපිව පරිපූර්ණත්වයට පත් කරගැනීම උදෙසා අපි සියල්ලන්ම අපගේ ආත්මීය සහකරු හෝ සහකාරිය, අපගේ ඉතිරි කොටස නොඑසේ නම් ආදරය සොයමින් ජීවත්වන්නෙමු. ප්‍රේමය නොමැතිව සතුටක් කොහෙන්ද..?

මෙය, බ්‍රීඩා නම් වූ විසි එක් වියැති යෞවනියගේ කතාවයි. ජීවිතය පිළිබඳව ඈ තුළ වූ සැක සංකා, පියවි ලෝකයට එහා මායාකාරී තැනකට පිවිසීමේ ඈ තුළ වූ ආශාව ඔස්සේ ඇගේ සොයායෑමේ කතාවයි. ඇය ඇයවම සොයා යෑමේ නොඑසේනම් තම අනන්‍යතාව සොයා යෑමේ කතාවයි. අතීතයේ පටන් පැවති ජීවිතයේ ගැඹුරු මායාවන්, රහස් ගවේෂණය කිරීමේ ඈ තුළ වූ ආශාව පිළිබඳව කතාවයි.

BridaBrida

බ්‍රීඩා සමගින් මායාවන්ගෙන් හෙබි, ගුප්ත මෙන්ම සොඳුරු ලොවකට අපිව කැටිව යන බ්‍රසීලියානු ලේඛක පාවුලෝ කොයියෝ ජීවයෙන් පිරුණු, ලෝකය ගැන කුතුහලයෙන් යුතු වු බ්‍රීඩාගේ සුන්දර ගැහැණුකම හරහා, සරලවම බොහොම ගැඹුරු ජීවිත පාඩම් රැසක්ම ගෙනහැර පානවා.

ජීවිතයේ සුන්දරම, වැදගත්ම දේ ප්‍රේමය නොවේද…?

ඇගේ ජීවිතයේ වැදගත්ම කලාපය වූ ආදරේදී පවා ඒ වෙනුවෙන් කැපවී ඉන්නට ඇයට නොහැකි විය. ප්‍රේමය තුළ ඈ අත්දුටු පළමු හිත් බිඳුමෙන් පසු, නැවත කිසිම දිනෙක ඈ පූර්ණ ලෙසම ප්‍රේමය වෙනුවෙන් කැප වූයේ නැත. ඇය වේදනාවට බිය වූවාය. විඳවීමට, වෙන් වීමට බිය වූවාය. ඒවා ප්‍රේමයේ මාවත තුළ අනිවාර්ය දෑ විය. ඒවා මඟ හැරීමට ඇති එකම ක්‍රමය ඒ මාවතේ කිසි ලෙසකින්වත් ගමන් නොකිරීමයි. විඳවීම මඟ හරින්නටනම් ඔබ ප්‍රේමය අත් හැරිය යුතුය. එය හරියටම ජීවිතය තුළ ඇති නපුරු දෑ නොපෙනෙනු පිණිස තම දෑස් උගුල්ලා දැමීම වැනිය. (96 පිටුව)

ආදරය ජීවිතයේ මග කියා දෙන බලවේගයයි. එමෙන්ම, කාමය යනු ගැහැණුන් සතුව ඇති සොඳුරුතම බලවේගයයි. ගැහැණියක වීම මොනතරම් නම් ආශ්වාදජනක දෙයක්ද..? ඒ මහා බලවේගය බ්‍රීඩා විඳගන්නේ කෙලෙසින්ද…?

Paulo Coelho
Paulo Coelho
Maheshi Weerakoon
Maheshi Weerakoon

ජීවිතය පිළිබඳව කුහුලින් පිරුණු, අධිෂ්ඨානශීලී තරුණියක් තම ගුරුවරුන් සහ තමා විසින්ම අවබෝධ කරගන්නා දේවල් තුළින් අත්දැකීම් ලබමින්, ක්‍රම ක්‍රමයෙන් අත්දැකීම් සපිරි තැනැත්තියක බවට පරිවර්තනය වෙන අයුරු, තම අරමුණ මුදුන්පත් කරගන්නා අන්දම සැබැවින්ම අපූරුයි. තමා විසින් තමාව සොයාගැනීම මොන තරම් නම් ආශ්වාදජනකද…? ජීවිතය යනු තමාව සොයා යෑමම නොවේද…?

“හොඳයි. මින් පස්සෙ මොනව හරි ගැන දැනගන්න ඕනෙනම්, කෙළින්ම ඒකට පනින්න.” (96 පිටුව)

බ්‍රීඩා තුලින් පාවුලෝ කොයියෝ අපිට කියා දෙන ජීවිත පාඩම් බොහෝමයි. අවදානම් හරහා අරමුණ කරා ගමන් කිරීම, අභියෝග වලට නොබියව මුහුණ දීම, තමාට අවැසි දේ සොයා යෑම, විශ්වාසයේ, ආදරයේ වටිනාකම ඒ පාඩම් අතරින් කිහිපයක්. ඇතැම් ජීවිත පාඩම් අප විසින් අසීරුවෙන් හෝ තනිවම ඉගෙන අවබෝධ කරගත යුතුයි. එමෙන්ම සොබාදහම යනු මොනතරම් නම් සොඳුරු, බලසම්පන්න ගුරුවරයෙක්ද…?

මහේෂි වීරකෝන් විසින් ඇයටම සුවිශේෂී වූ ලිවීම් රටාවෙන් සිත් කාවදින අයුරින් බ්‍රීඩා සිංහලට පරිවර්තනය කර තිබෙන්නේ යළි යළිත් බ්‍රීඩාව කියැවීමට හිතෙන තරම් අපූර්ව ලෙසින්. බ්‍රීඩා, මතකයේ රැඳෙන සුන්දර අත්දැකීමක්.

Latest news

ළමුන් ලක්ෂ දෙකහමාරකට වඩා පාසල් හැරගිහින්

ළමුන් ලක්ෂ දෙකහමාරකට වඩා පාසල් හැරගිහින් 2018 සිට 2024 වර්ෂය දක්වා කාලය තුළ පාසල් හැරගිය ළමයින් 267,138 දෙනෙකු වාර්තා වී...

එල් නිනෝ ලංකාවට එන හැටි

එල් නිනෝ ලංකාවට එන හැටි - El Nino එල් නිනෝ යනුවෙන් හඳුන්වන්නේ මධ්‍යම හා නැගෙනහිර පැසිෆික් කලාපයේ සාගර ජලය මතුපිට...

කොළඹ මහල් නිවාස විසි හතම අපායවල්

කොළඹ මහල් නිවාස විසි හතම අපායවල් කොළඹ මහල් නිවාස විසි හතම අපායන් බවත් ඒවා මිනිසුන්ට ජීවත් විය හැකි පරිදි සකස්...

ට්‍රම්ප්ගෙන් ලංකාවට අලුත් බද්දක්?

ට්‍රම්ප්ගෙන් ලංකාවට අලුත් බද්දක්? රජයේ ආර්ථික කළමනාකරණය ගැන විශ්වාසය ගිලිහී යෑම නිසා රුපියල මත පවතින පීඩනය තවදුරටත් ඉහළ යා හැකි...
- Advertisement -spot_img

එල් නිනෝ ලංකාවට එන හැටි

එල් නිනෝ ලංකාවට එන හැටි - El Nino එල් නිනෝ යනුවෙන් හඳුන්වන්නේ මධ්‍යම හා නැගෙනහිර පැසිෆික් කලාපයේ සාගර ජලය මතුපිට...

කරුප්පුසාමි දෙවියන්ගේ අවතාරය

කරුප්පුසාමි දෙවියන්ගේ අවතාරය - Karuppu Karuppu (2026) චිත්‍රපටය සමකාලීන දකුණු ඉන්දියානු සිනමාවේ සමාජ, දේශපාලන සහ සංස්කෘතික තේමා විමර්ශනය කරන වෙනස්ම...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you