More
    ArtBollywood සිනමාවට පැමිණෙන කාජල්ගේ දියණිය

    Bollywood සිනමාවට පැමිණෙන කාජල්ගේ දියණිය

    -

    spot_img

    Bollywood සිනමාවේ දැවැන්ත තරු යුගලක් වන කාජල්ගේ සහ අජේ දේව්ගන්ගේ දියණිය සිනමාවට පිවිසෙනු ඇති බවට ඉන්දීය රසිකයන් සහ මාධ්‍ය අතර කතාබහක් ඇතිව තිබිණි. පසුගියදා News 18 විසින් පවත්වන ලද උත්සවයකදී Nysa Devgan සිනමාවට පිවිසෙනවාදැයි මාධ්‍යවේදියෙකු ඇසූ පැනයට පිළිතුරු දෙමින් කාජල් මේ බව හෙලිදරව් කර සිටියා. එහිදී, තමන්ගේ දියණිය බොලිවුඩ් සිනමාවට පිවිසෙන්නේ නැති බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් කාජල් පවසා සිටියේ.

    “මම හිතන්නෙ නෑ ඇය බොලිවුඩ් එයි කියලා. ඇයට දැන් අවුරුදු 22ක්. දැනට ඇය තීරණය කරල තියෙන්නෙ බොලිවුඩ් එන්නෙ නැහැ කියලා ” කාජල් පවසා සිටියා.

    Nysa Devgan and Kajal

    ඇය නවකයන්ට දෙන උපදෙස් මොනවාදැයි ඇසූ පැනයට පිළිතුරු දුන් කාජල් “කරුණාකරල හැමෝගෙන්ම උපදෙස් ගන්න යන්න එපා. මිනිසුන්ගෙන් ඔබ උපදෙස් ඉල්ලුවොත් ඒ අය ඔබේ කොන්ඩෙ පැහැය, නාසය, අත් මේ හැමදෙයක්ම වෙනස් කරන්න කියයි ” යනුවෙන් පවසා සිටියා.

    එලඹෙන ජුනි 27 වෙනිදා තිරගත වීමට නියමිත ත්‍රාසජනක කතා තේමාවක් රැගත් Maa චිත්‍රපටයේ තම දියණිය ආරක්ෂා කරගැනීමට සටන් වදින මවකගේ චරිතය තුළින් කාජල් රසිකයින් හමුවට ඒමට නියමිතයි. මෙම චිත්‍රපටය Vishal Furia ගේ අධ්‍යක්ෂණයක්.

    – Indian Express ඇසුරිනි –

    Latest news

    නිදි යාහනේදී අවසන් ගමන් ගිය දඹුල්ලේ සිසුවිය

    දඹුල්ල ඉහළ ඇරෑඋල ප්‍රදේශයේ පදිංචි මෙවර උසස් පෙළ විභාගයට ජීව විද්‍යාව අංශයෙන් පෙනී සිටීමට නියමිතව සිටි සිසුවියක් හදිසියේම අද...

    කොළඹ බාලදක්ෂ කැම්පෝරිය (Scout Camp) විහාරමහාදේවි උද්‍යානයේදී

    කොළඹ බාලදක්ෂ ජම්බෝරිය විහාරමහාදේවි උද්‍යානයේදී ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ කොළඹ දිසාව විසින් සංවිධානය කරනු ලබන 60 වැනි කොළඹ කැම්පෝරිය (බාලදක්ෂ...

    ඉන්දියාවේ ඉන්න ලාංකික දෙමළ සරණාගතයින්ට පුරවැසිභාවය දෙන්න

    දශක ගණනාවක් තිස්සේ ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ ජීවත් වන, ශ්‍රී ලංකාවෙන් පැමිණි සරණාගතයින්ට සම්පූර්ණ පුරවැසිභාවය හා ඡන්ද අයිතිය ලබා දෙන...

    මෙක්සිකෝ ජනපතිනිය ලිංගික හිංසනයට ලක්වෙයි

    මෙක්සිකෝවේ ජනාධිපතිනිය වන ක්ලෝඩියා ෂේන්බවුම් (Claudia Sheinbaum), මෙක්සිකෝ නගරයේ ජනාධිපති මන්දිරය අසලදී ආධාරකරුවන්ට ආචාර කරමින් සිටියදී ලිංගික හිංසනයකට ලක්වීමෙන්...
    - Advertisement -spot_img

    ඉන්දියාවේ ඉන්න ලාංකික දෙමළ සරණාගතයින්ට පුරවැසිභාවය දෙන්න

    දශක ගණනාවක් තිස්සේ ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ ජීවත් වන, ශ්‍රී ලංකාවෙන් පැමිණි සරණාගතයින්ට සම්පූර්ණ පුරවැසිභාවය හා ඡන්ද අයිතිය ලබා දෙන...

    ඉන්දීය තාරුණ්‍යයේ හදගැස්ම

    ඉන්දීය තාරුණ්‍යයේ හදගැස්ම - Chetan Bhagat ඉන්දියානු සාහිත්‍යයට වගේම සිනමාවට පෙම් බඳින කෙනෙක්ට Chetan Bhagat කියන්නෙ හුරුපුරුදු නමක්. චේතන් භගත්...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page