ArtAdhiran දමිළ සිනමාවට ශ්‍රී ලාංකේය ලකුණක්

Adhiran දමිළ සිනමාවට ශ්‍රී ලාංකේය ලකුණක්

-

spot_img

Adhiran – ශ්‍රී ලාංකික රසික ජනතාවගේ නොමද ආදරයට ලක් වූ ජනප්‍රිය නිළි මිචෙල් දිල්හාරා රංගනයෙන් දායක වන ප්‍රථම දමිළ සිනමාපටය Adhiran හි පූර්ව ප්‍රචාරක පටය පසුගියදා අන්තර්ජාලය වෙත නිකුත් කර තිබුණා. මෙහි දමිළ නළු Sudharshan Raveendran සහ මිචෙල් දිල්හාරා ප්‍රධාන චරිත නිරූපනය කරති. මෙය ඉන්දියානු චිත්‍රපටයක් බවට විවිධ මාධ්‍යයන් ඔස්සේ තොරතුරු ප්‍රචාරය වෙමින් තිබුණද, Adhiran සිනමාපටය ශ්‍රී ලාංකික සිනමා අධ්‍යක්ෂකවරයෙකු වන Thinesh Kanagaraj ගේ අධ්‍යක්ෂණයක්. සංගීත නිර්මාණය Sagishna Xavier විසින් සිදු කර තිබෙනවා. නිෂ්පාදනය ඒඩ්‍රියන් ප්‍රොඩක්ශන් ( පුද්ගලික) සමාගම විසින් වන අතර අප්‍රේල් – මැයි කාල සීමාව තුළදී Adhiran සිනමාශාලාවල ප්‍රදර්ශනය වීමට නියමිත බැව් සඳහන්.

Mishel Dilhara and Tinesh KanagarajSudharshan Raveendran

ගම්බද තරුණයෙකු වූ ආදිගේ කතා පුවත රැගත් Adhiran මත්ද්‍රව්‍ය සහ දේශපාලනය මිනිස් ජීවිත සඳහා සිදුකරන බලපෑම මෙන්ම ආදරය, පවුලේ බැඳීම්, හාස්‍යය තේමා කරගත් වාණිජමය කතා පුවතක් රැගත් සිනමා නිර්මාණයක්. මෙහි රූගත කිරීම් සිදුකර ඇත්තේ යාපනය, කොළඹ සහ තදාසන්න ප්‍රදේශවලයි. මිචෙල් දිල්හාරාගේ දමිළ ඌරුව සහිත පෙනුමත්, සිනමාත්මක රංගනයේ අපූර්ව බවත් චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය නැරඹීමෙන්ම වැටහී යනවා. 2025 වසර ලාංකේය සිනමා රසිකයින්ට විශේෂ වසරක් වනුයේ, මෙම වසරේම ප්‍රදර්ශනය ඇරඹු “නෙළුම් කුළුණ” චිත්‍රපටය ද ශ්‍රී ලාංකික දමිළ චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකු වන Ilango Ram විසින් අධ්‍යක්ෂණය කර තිබීමයි. Ilango විසින්ම අධ්‍යක්ෂණය කළ “Perusu” නම් දමිළ චිත්‍රපටයේ ප්‍රති නිර්මාණයක් වන “නෙළුම් කුළුණ” චිත්‍රපටයද අති සාර්ථකව තිරගත වන මේ කාලවකවානුව තුළ දමිළ සිනමාවට පෙම් බඳින ශ්‍රී ලාංකික සිනමා රසිකයන්ට Adhiran සිනමා නිර්මාණය අපූරු අත්දැකීමක් වනු නිසැකයි.

Tinesh Kanagaraj and family

Image Source: Thinesh Kanagaraj FB page

Latest news

රන් භාණ්ඩ හා වාහන ණය සඳහා සීමා

රන් භාණ්ඩ හා වාහන ණය සඳහා සීමා  රත්තරන් බඩු උකස් කර ණය ලබා ගැනීමේදී සහ වාහනයක් මිලට ගැනීමට ණය පහසුකමක්...

මෙනින්ජයිටීස් රෝගීන්ගේ ව්‍යාප්තිය ඉහළ යයි

මෙනින්ජයිටීස් රෝගීන්ගේ ව්‍යාප්තිය ඉහළ යයි - Meningitis මොළය වටා ඇති මෙනින්ජීස් නමැති පටලවල ඇතිවන ආසාදන තත්වය අනුව වයිරස්, බැක්ටීරියා සහ...

ඩොලරය සමඟ බඩු මිලත් අහස උසට

ඩොලරය සමඟ බඩු මිලත් අහස උසට - Rupee depreciation ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල වේගයෙන් අවප්‍රමාණය වීම නිසා අත්‍යවශ්‍ය...

සයිබර් අපරාධ සීඝ්‍රයෙන් ඉහළට

සයිබර් අපරාධ සීඝ්‍රයෙන් ඉහළට දිනෙන්  දින වැඩිවෙමින් පවතින සයිබර් අපරාධ හමුවේ ඒ සම්බන්ධයෙන් වන මහජන පැමිණිලිද වැඩි වෙමින් පවතින බව...
- Advertisement -spot_img

මෙනින්ජයිටීස් රෝගීන්ගේ ව්‍යාප්තිය ඉහළ යයි

මෙනින්ජයිටීස් රෝගීන්ගේ ව්‍යාප්තිය ඉහළ යයි - Meningitis මොළය වටා ඇති මෙනින්ජීස් නමැති පටලවල ඇතිවන ආසාදන තත්වය අනුව වයිරස්, බැක්ටීරියා සහ...

පැලවත්තේ පැළ මගඩිය

පැලවත්තේ පැළ මගඩිය - Clean Sri Lanka ක්ලීන් ශ්‍රී ලංකා ජාතික වැඩසටහන යටතේ පළාත්, දිස්ත්‍රික්ක සහ ප්‍රාදේශීය මට්ටමින් සම්බන්ධීකාරකවරුන් පත්...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you