Artවෙනස කළ හැක්කේ සහයෝගයෙනි

වෙනස කළ හැක්කේ සහයෝගයෙනි

-

spot_img

වෙනස කළ හැක්කේ සහයෝගයෙනි – Project Hail Mary

මෙම වසරේ මාර්තු මස තිරගත වුණු Project Hail Mary විද්‍යා ප්‍රබන්ධ කතාවක් රැගත් චිත්‍රපටියක්. The Martian, Artemis වැනි කතා ලියූ සුප්‍රකට අමෙරිකානු ලේඛක Andy Weir විසින් රචිත Project Hail Mary කෘතිය ඇසුරින් මෙම චිත්‍රපටිය නිමවී තිබේ. මෙය අභ්‍යවකාශ චාරිකා ගැන නිමවූ තවත් එක් චිත්‍රපටයක් පමණක් නොවන්නේ එහි අන්තර්ගතය නිසාමයි. මනුෂ්‍යත්වය අවධානමක් වූ අවස්ථාවක පවා මිනිසෙකු වීමේ අපූර්වත්වය, මනුෂ්‍යත්වය සතු ගුණාංග මේ කතාවෙන් පැහැදිළි වෙනවා. 

Project Hail Mary

කතාව ඇරඹෙන්නේ පෘථිවියෙන් ඉතාම ඈත තැනක අභ්‍යවකාශ යානයක හිඳ තනිව අවදි වෙන රයිලන්ඩ් ග්‍රේස් සමගින්. රයිලන්ඩ් සිටින්නේ තමා කවුද, මෙතැනට ආවේ ඇයිද කියාවත් මතකයට නගා ගැනීමට අසීරු තත්වයකයි. ඔහු ඒ ප්‍රශ්නවලට පිළිතුරු සොයා ගැනීමට උත්සාහ කරනවා. සුපුරුදු වීරයන් සිටින විද්‍යා ප්‍රබන්ධ කතාවක් වෙනුවට මෙහි සිටින්නේ මුහුණ දීමට සිදු වූ තත්වය හේතුවෙන් ව්‍යාකූලව, බියට පත් වූ සාමාන්‍ය මිනිසෙකු වීම මේ කතාව යථාර්ථයට සමීප කරවනවා. එනම් සාමාන්‍ය මිනිසෙකු තමන් වෙත ආ අභියෝගවලට මුහුණ දෙන අතර එය මානව සංහතිය බේරා ගැනීමේ වෑයමක් වන්නේ නිරායාසයෙන්ම වීම විශේෂත්වයයි.

Project Hail Mary

රයිලන්ඩ් ග්‍රේස් පුහුණුව ලත් ගගනගාමියෙකු හෝ නිර්භීත ගවේෂකයෙක් නොව සාමාන්‍ය ගුරුවරයෙකි. විද්‍යාව දන්නා මුත් ඔහු අපි කොයි කවුරුත් සේම තනි වීමට බියක් දක්වන, හොඳ හදවතක් ඇති, අභියෝගවලට බිය, විටෙක පැකිළෙන නමුත් වෙන විකල්පයක් නොමැති නිසාම ධෛර්යය වඩවා ගන්නට සමත්කම් ඇති සාමාන්‍ය මිනිසෙකි. සාමාන්‍යයෙන් වීරයින් බහුල චිත්‍රපට ලෝකයේ රයිලන්ඩ් ග්‍රේස් ගේ මෙම චරිත ස්වභාවයත්, ඔහුට මුණගැහෙන රොකී නම් වූ පිටසක්වළ ජීවියාත් නිසාවෙන්, මෙම කතාව හුරු පුරුදු විද්‍යා ප්‍රබන්ධ කතා ආකෘතියෙන් වෙනස් වෙනවා. සන්නිවේදනය වැනි බොහෝ අභියෝග තිබුණද රයිලන්ඩ් සහ රොකී අතර ඇතිවන බැඳීම, මිත්‍රත්වය පුදුම සහගත එකක්. ඔවුන් දෙදෙනාගේ බැඳීම මේ කතාවේ ඇති සිත්ගන්නා සුලු දෙයයි.

Project Hail Mary

මෙහි සුවිශේෂීත්වය නම් Martian චිත්‍රපටයේ සේම සාමාන්‍ය ප්‍රේක්ෂකයින්ට වටහා ගැනීමට අසීරු විද්‍යාත්මක කාරණා අනවශ්‍ය අයුරින් සඳහන් නොවීමයි. ඒ වෙනුවට තාරකා විද්‍යාව, පිටසක්වල ජීව විද්‍යාව වැනි සංකල්ප පවා කතාවේ රසයට බාධාවක් නොවෙන අන්දමට පැහැදිලිව සහ සරලව ඉදිරිපත් කර තිබෙන්නේ කාටත් වටහා ගත හැකි ආකාරයටයි. සැබෑ බුද්ධිමත්කම නම් විද්‍යාව විනාශය සඳහා භාවිතා කිරීම නොව ජීවීන්ගේ යහ පැවැත්ම උදෙසා මානුෂීය අයුරින් ප්‍රයෝජනයට ගැනීම බව මෙම කතාව පැහැදිළි කරනවා. මිනිසා සතු කාරුණික බව, පරිත්‍යාගශීලි බව, වගකීම් දැරීමේ අවශ්‍යතාවය යනාදී දේවල වටිනාකමත්, පැවැත්ම උදෙසා විද්‍යාවටත් වඩා මිත්‍රත්වය, සහයෝගය උවමනාය යන පණිවිඩයත් ප්‍රේක්ෂකයින්ට ලබා දෙනවා.

Project Hail Mary

හාස්‍යය රසයට ඉඩ දෙමින් ඉදිරියට ඇදෙන නිසාම මෙම කතාව කම්මැළිකමක් නැතිව, පවුලේ සැමට නැරඹීමට හැකි කතාවක්. අභ්‍යවකාශ ගවේෂණයේ සැබෑ අවධානම් සහ සුන්දරත්වයත්, ලෝකය බේරා ගැනීම යනු බුද්ධිය හෝ තාක්ෂණය භාවිතයෙන්ම කළ හැකි දෙයක් නොවන බවත් යන පණිවිඩ ලබා දෙනවා. අභ්‍යවකාශයේ ඇති හිස් බව පවා නැති කිරීමට මිත්‍රත්වයට හැකියාව තිබේය යන සුන්දර පණිවිඩය ලබා දෙනවා. මෙම කරුණු නිසාම Project Hail Mary යනු හුරු පුරුදු විද්‍යාත්මක ප්‍රබන්ධයකට එහා ගිය ප්‍රේක්ෂක හදවත් වලට කතා කරන සිනමා නිර්මාණයක්. විද්‍යාව සහ තාක්ෂණයට වඩා වටින්නේ සහ ලෝකයට අවශ්‍ය වන්නේ මිනිසා තුළ ඇති හැඟීම්, ආදරය, මිත්‍රත්වය සහ වගකීම් සහගත බවය යන පණිවිඩය රයිලන්ඩ් ග්‍රේස් සහ රොකීගේ කතාවෙන් දෙන වටිනාම පණිවිඩයයි. භාෂාව, ස්වරූපය, ලෝක දෙකකින් පැමිණියා වුවද, මිත්‍රත්වයට එකිනෙකා තේරුම් ගත හැකි බවත්, සහයෝගයට බොහෝ දේ වෙනස් කළ හැකි බවත්ය යන ජීවිත පාඩම් මේ කතාව කියා දෙනවා. විනෝදාස්වාදයට පමණක් සීමා නොවී මිනිසෙකු වීමේ අරුත පිළිබඳ නැවත වරක් සිතා බැලීමට පොළඹවනවා සේම අභ්‍යවකාශයේ අනන්ත හිස් බව මැදින් වුව, ජීවිතයට අරුතක් ගෙන ඒමට බැඳීමකට හැකියාවක් ඇති බව අවබෝධ කර දෙනවා.

Project Hail Mary

මිනිත්තු 156 ක් පුරා දිවෙන මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කර තිබෙන්නේ Phil Lord සහ Christopher Miller විසින්. Ryan Gosling, Sandra Hüller, James Ortiz, Lionel Boyce රංගනයෙන් දායක වෙනවා. රයිලන්ඩ් ග්‍රේස් ලෙස Ryan Gosling මතක හිටින රඟපෑමක නියැළෙන බවයි බොහෝ අය පවසන්නේ. රොකී ලෙස පෙනී සිටින alien character එක motion capture සහ voice performance හරහා ජීවමාන කරන්නේ Alan Tudyk විසින්. ඉහළ මට්ටමේ production design, sound design සහ visual effects භාවිතා කරමින්, අභ්‍යවකාශ පසුබිමක් යථාර්ථයට සමීප අයුරින් නිර්මාණය කර තිබෙන අතර එය නරඹන්නන්ට වෙනස්ම අත්දැකීමක් ගෙන දීමට සමත් වෙනවා. බොක්ස් ඔෆිස් සාර්ථකත්වයක් අත්කර ගනිමින් ඩොලර් මිලියන 511 කට අධික ආදායමක් උපයා ගත් Project Hail Mary මෙම වසරේ වැඩිම ආදායම් ඉපැයූ චිත්‍රපට ලැයිස්තුවේ තුන්වන ස්ථානය හිමිකර ගෙන තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest news

ආබාධ සහිත පුද්ගලයින් සඳහා ප්‍රමුඛතා බස් සේවාව හෙට (21) සිට

ආබාධ සහිත පුද්ගලයින් සඳහා පහත් මහලේ ප්‍රමුඛතා බස් සේවාවක් හෙට (21) මාකුඹුර බහුමාධ්‍ය මධ්‍යස්ථානයෙන් (MMC) ආරම්භ කරන බව ප්‍රවාහන,...

2026 අලුත් අවුරුදු නැකැත් සීට්ටුව

හෙට (14) දිනයේ පූර්වභාග 09.32 ට සිංහල අලුත් අවුරුද්ද උදාවීමට නියමිතව තිබේ. අවුරුදු උදාවට අදාළ නැකැත් සහිතව බුද්ධශාසන, ආගමික හා...

සිල්වර් ඩෝන් සුඛෝපභෝගී නෞකාවේ ශ්‍රී ලංකා සංචාරය

සිල්වර් ඩෝන් නැමැති අතිසුඛෝපභෝගී මගී නෞකාව  ඊයේ ( 09) ගාල්ල වරායට පැමිණ තිබේ.සංචාරකයන් 596 දෙනෙකු රැගත් මෙම නෞකාව දින 141ක ලෝක සංචාරයක...

ගාල්ල බන්ධනාගාරයේ කාන්තා වාට්ටුවෙන් සොයාගත් ජීව උණ්ඩ

ගාල්ල බන්ධනාගාරයේ තිබී ජීව උණ්ඩ කිහිපයක් සොයාගෙන තිබෙනවා.ඒ බන්ධනාගාර නිලධාරීන් කණ්ඩායමක් සිදුකළ හදිසි සෝදිසි මෙහෙයුමකදීයි. බන්ධනාගාරයේ කාන්තා රැඳවූවන් රඳවා...
- Advertisement -spot_img

රත් දෝතළු – 73

රත් දෝතළු - 73 මා සිතූ සේම විශාකා මහත්මිය දොස් පැවරුවේ විනීෆ්‍රීඩා මහත්මියටය. ඈ නම් හිතක් පපුවක් නැති ගැහැණියකය. "දරුවෝ අද...

තේ වෙලාවට චොක්ලට් ස්විස් රෝල්

තේ වෙලාවට - Chocolate Swiss Roll තේ වෙලාවට ගැළපෙනම දෙයක් තමයි ස්විස් රෝල් කියන්නෙ. රසම රස චොක්ලට් ස්විස් රෝල් එකක්...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you