Artදුප්පත්කම හැමවෙලාවෙම අසරණයි

දුප්පත්කම හැමවෙලාවෙම අසරණයි

-

spot_img

දුප්පත්කම හැමවෙලාවෙම අසරණයි – Mardaani 3

මුදලට සහ බල පුළුවන්කාරකමට යටත් නොවන පුද්ගලයන් අද සමාජයෙ ඇත්තේම නැති තරම්. මුදලට යටත් වූ ලෝකයක දුප්පත් පොහොසත්කම්, සමාජ තත්වය වැනි කාරණා මනුස්සයෙක්ගෙ ජීවිතේ ගොඩක් දේවල් තීරණය කරනව. දුප්පත් මිනිස්සු හැම වෙලාවෙම අසරණයි. මනුෂ්‍යත්වය අමතක කෙරුව සමාජයක ජීවත්වීමේ අයිතිය තීරණය කරන්නෙත් මුදල සහ බලපුළුවන්කාරකම විසින්.

පොලිසිය පිළිබඳව ගොඩක් අයගෙ හිත්වල තියෙන්නෙ අප්‍රසාදයක්. හේතුව ඔවුන් බලවතුන් ආරක්ෂා කරන, දේශපාලඥයින්ට, අපරාධකරුවන්ට, මුදලට යටත් වුණ, නැති බැරි මිනිසුන්ට සිය නිල ඇඳුමේ බලය පෙන්වන පිරිසක්ය යන මතය සමාජයේ මුල් බැසගෙන ඇති නිසා. බලයට යටත්ව ඔවුන් අපරාධකරුවන් ආරක්ෂා කරන්නේය යන මතය නිසා. සමහරවිට ඔවුන් ඔවුන්ගෙ රැකියාව, ජීවිතය බේරගන්න උත්සාහ කරනව වෙන්නත් පුළුවන්. නමුත්, මේ පිරිස අතරෙ මාසය අවසානයේ ලැබෙන කුඩා වැටුපට තම ජීවිතය පවා පරදුවට තියලා යුක්තිය සාධාරණත්වය වෙනුවෙන් කටයුතු කරන නිලධාරීන්ද සිටිනවා. යුක්තිය සාධාරණය මේ තරමටවත් සුරැකී තියෙන්නෙ එවැන්නන් නිසා.

Mardaani 3

මේ කතාව ඇරඹෙන්නෙ කුඩා දැරිවියො දෙන්නෙක්ව පැහැර ගැනීමේ සිද්ධියකින්. රුහානි සහ ජිම්ලි කියන මේ දැරිවියො දෙන්නගෙන් රුහානිගෙ තාත්තා ඉන්දියානු රාජ්‍ය තාන්ත්‍රිකවරයෙක්. ජිමිලි කියන්නෙ ඔවුන්ට සේවය කරන අයෙක්ගේ දුවෙක්. පැහැරගැනීම පිළිබඳව විමර්ශනය කිරීම භාරවෙන්නෙ SSP ශිවානි ශිවාජි රෝයිට. මත්ද්‍රව්‍ය ජාවාරම් වැටලීම වගේ ගොඩක් දේවල් නිසා ශිවානි බොහොම දක්ෂ නිලධාරිනියක් විදිහට ඇගයීම් ලබා සිටියා. තම කණ්ඩායමත් සමග දැරිවියන් සොයායන ශිවානිට පසුගිය මාස කිහිපය ඇතුලෙ වයස හයත් අටත් අතර දැරිවියන් රාශියක් අතුරුදන් ව ඇති බව සොයාගන්න ලැබෙනව. විශේෂත්වය වෙන්නෙ මේ හැම දැරිවියක්ම දුප්පත් පවුල්වල අය වීම කියන කාරණය. ඊළඟට තමයි ඉන්දියාවෙ යාචක මාෆියා ජාලයක නායිකාව වෙන ”අම්මා” නම් කාන්තාව ගැන දැනගන්න ලැබෙන්නෙ. අම්මා ළඟ දරුවො රාශියක් හිටියා. මේ දරුවො කවුරුන්ද? ඇයි ගැහැණු දරුවොම විතරක්?

Mardaani 3

වීදි දරුවො කියන්නෙ ඉන්දියාවෙ බොහොම සුලබ දෙයක්. මව් සෙනෙහස කියල එකක් ගැන අහල නැති, බොහෝවිට පියාව දැකලවත් නැති මේ දරුවන්ගෙ ජීවිත සහ වීදිවල ගැවසෙන සත්තුන්ගෙ ජීවිතවල වෙනසක් නැහැ කියන එක තමයි සත්‍යය. මිනිස්සුන්ට, පාලකයන්ට මේ ජීවිතවල වටිනකමක් නැහැ. ඔවුන් අතුරුදන් වුනොත් නෙමෙයි මහපාරෙ මැරිලා ගියත් ඒක එච්චර ලොකු දෙයක් නෙමේ. ඉපදුණ ගමන්ම මේ දරුවන්ව යාචක වෙළඳාම සඳහා යොදා ගන්නව. වයස අවුරුදු හය හත වෙද්දීම අමු අමුවේ අත පය කපා හෝ දෑස් අන්ධකොට හිඟමනට යොදවනවා. වැඩිවියට පත්වූ වහාම ගණිකා ජාවාරමේ යොදවනවා. මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි කරවනවා. වීදි දරුවන්ගේ ඉරණම එයයි. ක්‍රිකට් තරඟයක් නැරඹීම සඳහා පවා තම වකුගඩුව විකුණන රටක් ඇතුළෙ, ජීවිතවලට අවම වටිනාකමක් හෝ නොලැබෙන මුදල් මත හැම දෙයක්ම තීරණය කරන සමාජයක් ඇතුලෙ ඊට වඩා අතිශයන්ම භයානක දේවල් වුනත් වෙන්න පුළුවන්.

Mardaani 3

දුප්පත් අසරණ දරුවො පෝලිමේ අතුරුදන් වෙනකොට, ඒ ගැන සොයා නොබලා ඇස් කන් වහගෙන හිටිය නිලධාරීන් කලබළ වෙන්නෙ ප්‍රභූවරයෙක්ගෙ දියණිය අතුරුදන් වීමත් සමගයි. ජීවිතවලට පවා මිලක් තියෙනව. එදාවේල සොයා ගැනීමට නොහැකිව දුක් විඳින, කුසගින්නේ මිනිසුන් මියයන රටක, ලෝකයක, අභ්‍යවකාශ මෙහෙයුම්, විවිධාකාරයේ පරීක්ෂණ සඳහා විශාල මුදලක් වැය කරනවා. අත්හදා බැලීම් වෙනුවෙන් මිනිස් ජීවිත, සත්ත්ව ජීවිත බිල්ලට ගන්නවා. බලවතුන්, හදවතින් මනුෂ්‍යත්වය අතුගා දැමූවන් මිනිස් ජීවිත සමග විවිධාකාරයේ පරීක්ෂණ කරනව. ව්‍යාපාර උදෙසා. දේශපාලනය උදෙසා. Mardaani 3 කියන්නෙ එවැනි බිහිසුණු කතාවක් ගැන.

Mardaani 3

මුදල් හම්බ කිරීම ජීවිතයම කරගත් අය මුදලට සියල්ල කළ හැකි බව විශ්වාස කරනව. භෞතික දේවලින් එහා ගිහින් හැඟීම්, විශ්වාසය මේ දේවල්වලට පවා මිලක් ඇතැයි ඔවුන් සිතනව. මුදලට විකිණෙන්නෙ නැති මිනිස්සුත් මේ ලෝකෙ ඉන්නව. ඔවුන්ගෙ අරමුණ මේ ලෝකෙ වඩාත් යහපත් තැනක් කරන එක. එවැන්නෙක් ප්‍රතිවාදියා වූ දිනෙක මුදල්වලට කළ හැකි කිසිවක් නැහැ. ඉන්දියානු සමාජය තුළ නිතරම වගේ ගැහැණු ජීවිත දෙවැනි තැනට වැටෙනව. පවුලක වුනත් පිරිමි දරුවන්ට සැළකිල්ල වැඩියි. පොලිසියෙ තේ හදන කොස්තාපල්වරියකට ඊට එහා දෙයක් කරන්න බැරිද? නූගත් ගැහැණියක විසින් ඉන්දියාවෙ යාචක මාෆියාවක් මෙහෙයවනකොට, බලවතුන්ට ඇයව අත්අඩංගුවට ගන්න බැරි තරම් සූක්ෂ්ම වෙනකොට එහෙම දෙයක් පරදවන්න ශිවානි වගේ කාන්තාවකට බැරිද? අපරාධ, අයුක්තිය ඉතාමත් සාමාන්‍ය දේවල් ලෙසිනුත්, යුක්තිය සාධාරණත්වය සුරංගනා කතාවක සිදුවීම් ලෙසත් දැනෙන්නේ සියල්ල බලයත් මුදලුත් මත පමණක්ම තීරණය වෙන නිසාවෙන්ද?

Mardaani 3

මෙම වසරේ ජනවාරි මාසයේ නිකුත් වුණ Mardaani 3 චිත්‍රපටය 2014, 2019 වසරවල නිකුත් වූ Mardaani, Mardaani 2 චිත්‍රපට මාලාවේ තුන්වැන්නයි. මෙය Yash Raj Films වෙනුවෙන් Aditya Chopra විසින් නිෂ්පාදනය කර තිබෙනවා. අධ්‍යක්ෂණය Abhiraj Minawala විසින්. Rani Mukerji, SSP ශිවානි ලෙසින් රඟපාන අතර, Prajesh Kashyap, Janki Bodiwala, Mallika Prasad ඇතුළු රංගන ශිල්පීන්, ශිල්පිනියන් රැසක් චිත්‍රපටය සඳහා රංගනයෙන් දායක වෙනවා.

Latest news

දුස්සීල භික්ෂූන්ට වෙසක් පණිවිඩයක්

දුස්සීල භික්ෂූන්ට වෙසක් පණිවිඩයක් විනය විරෝධී කටයුතුවල යෙදෙන භික්‍ෂූන්ට තරාතිරම නොබලා දඬුවම් කිරීමටත්, භික්‍ෂූන් වහන්සේලාගේ විනය කටයුතු පවත්වාගෙන යෑම...

ගජ මිතුරු නඩයට දුන් තුටු පඬුරු

ගජ මිතුරු නඩයට දුන් තුටු පඬුරු ශුද්ධ වූ සියල්ල කෙලෙසෙමින් ඇත. පව්කාරයෝ මුනිවර වෙස් ගෙන මුනිවරයෝ පව්කාරයෝ වී ඇත. කොටින්ම...

IMFඑකෙන් තවත් ඩොලර් මිලියන 695 ක ණයක්

IMF එකෙන් තවත් ඩොලර් මිලියන 695 ක ණයක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබා දී ඇති අරමුදල් වැඩසටහන ක්‍රියාත්මක කිරීමෙහිලා...

බිමල්ගේ අමාත්‍යාංශයේ ලේකම් ඉල්ලා අස්වෙයි

ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්යාංශයේ ලේකම්, මහාචාර්ය කපිල පෙරේරා සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බව වාර්තා වේ. ඔහු ඒ...
- Advertisement -spot_img

රත් දෝතළු – 99 (අවසන් කොටස)

රත් දෝතළු - 99 (අවසන් කොටස) තවත් හඬන්නට කඳුළු නැත. යළිත් නම් නොහඬමියි මම මටම දිවුරාගතිමි. විනිෆ්‍රීඩා මහත්මියත් විහඟත් ආලින්දයට...

ලාංකිකයන් 7ක් අබුඩාබියෙන් පිටුවහල් කෙරේ

ලාංකිකයන් 7ක් අබුඩාබියෙන් පිටුවහල් කෙරේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ , අබුඩාබි නුවර රැඳී සිටිමින් මැදපෙරදිග යුද්ධයේදී භාවිත කළ ඩ්‍රෝන යානා,...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you