NovelsRath Dothaluරත් දෝතළු - 98

රත් දෝතළු – 98

-

spot_img

රත් දෝතළු – 98

ඈ මොහොතක් මා දෙස බලා සිටියාය. ඒ දෑස්වල වූයේ කෝපයක් නොව වඩා මෘදු අනුකම්පා උපදවන සුළු බැල්මකි. දිගු සුසුමක් ඈ මුවින් නික්මිණි.

“ඔයාට තිබුණා මා එක්ක හරි කතාකරලා තීරණයක් ගන්න… ඔයා එහෙම නොකළේ ඇයි කියලා මං හැමවෙලේම කල්පනා කළා… ඒත් පස්සේ මං තේරුම් ගත්තා… ඔයා ඉන්න තත්වේ මං හිටියානම්… මාත් කරන්න තිබුණේ ඒ දේ තමයි කියලා…”

“අනේ මැඩම්… මට ඒ වෙලේ ඔය මොකුත් කල්පනා වුණේ නැහැ… මට ඕන වුණේ එකම දෙයයි… ඒ දේ කළේ මම අහස් සර්ට ආදරේ නිසායි… එයාට මෙහෙම දෙයක් වුණේ මං නිසායි මැඩම්…”

“මං සැරයකුත් කිව්වානේ ළමයෝ… තමන්ටම දොස් පවරගත්තා කියලා කිසිදෙයක් වෙනස්වෙන්නේ නැහැ… මෙහෙම වෙලා හරි අහස් පුතා ජීවත්වෙන එක ගැනයි මං නම් සතුටුවෙන්නේ…”

මා සිත කිරිගස්වමින් ඈ කීවාය.

“අනේ මැඩම්…”

මා මුවින් පිටවූයේ කෙඳිරිල්ලකි. ඈ අනුකම්පා මුසු වූ දෑසින් මදෙස බැලුවාය.

“ඕවා ඔහොම තමා දරුවෝ…”

ඈ කියන විට මම දිගු හුස්මක් ඇද්දෙමි.

“කෝ මැඩම් අහස් සර්…?”

සියදහස් වරක් උත්සාහ කරමින් අවසන මම එය මුවින් පිටකළෙමි.

“ආහ්… ඔයා තාම එයාව බලන්න ගියේ නැත්ද… එහා පැත්තේ ඇති… පහළ තට්ටුවේ පඩිපෙළ ගාවම කාමරේ… ඒක නෙවේ… ඔයාට කොහොමද විහඟව මුණ ගැහුණේ…?”

මා සිටියේ නොඉවසිළිමත් ලෙසිනි. මට අහස් බලන්නට වුවමනාය.

“හරි… හරි… ඒවා පස්සෙ බැරියැ… ඔයා යන්න… අහස් බලලා එන්න…”

ඈ මා සිතැඟි හඳුනාගත්තාක් මෙන් කීවාය. මම වහා නැඟී සිටියෙමි.

“එතකොට පු…තා… කෝ මැඩම්…?”

පිටව යන්නට සැරසී ආපසු හැරී මම ඇසීමි.

“ආහ්… එයා එයාගේ ආච්චි අම්මා ළඟ… හවස එයි…”

මුවේ ඉහිරුණු සිනහවක්ද සමඟ ඈ කීවාය. මම වහා පිටව අහස් සොයා ආලින්දය මැදින් විත් මැද දොරටුවෙන් අනෙක් පසට පිවිසියෙමි. අහස්ගේ කාමරය අසළට එනවිටම විහඟ ඉන් පිටතට පැමිණියේය. මා දෙසට නෙරවාගත් බැල්මකින් සංග්‍රහ කළ ඔහු ඉවතට පිය මැන්නේය. එම අඩි හඬ තරප්පුපෙළ දිගේ ඉහළටම ඇදී ගොස් වියැකී ගිය පසුව සිතට දිරිගත් මම දොර රෙද්ද මෑත්කර කාමරයට එබුණේ ඔහු මා හට බැන වැදී පළවා හැරියත් කම් නැතැයි කියා සිතමිනි. දුටු දසුනින් මා හද ඇවිළී ගියේ වියළි පිදුරු ගොඩකට ගිනි කූරක් ගැසුවාක් මෙනි. විහඟ මා පැමිණි බවක් ඔහුට දැනටමත් පවසා තිබුණා වන්නට ඇත. ඇවිළීගිය හදින් මම ඔහු දෙසට පියවර තැබුවෙමි. ජනේලය අසළ රෝද පුටුව තබාගෙන ඔහු සිටියේ පිටතට දැල්වුණු දෑසිනි. මගේ පියවර හඬ සවන් වැකුණ නිසාදෝ ඔහු ගෙළ මඳක් හරවා බලා යළි ඉවත බලාගත්තේ ගිනියම් වී ඇවිළෙන මා සිත තව තවත් අවුළුවාලමිනි. සිත සී සී කඩ වී බිඳී විසිර ගියේ ඔහු මා පිළිබඳව කිසිදු තැකීමක් නොමැති නිසාම නොවේ. ඔහුගේ මුහුණෙහි පෙර නොවූ දුක්ඛිත බව දෑසට ග්‍රහණය වූ නිසාය.දෑස් තෙත් කරමින් යළි කඳුළු ගලායන්නට වූයේ නිමේෂයකිනි. ඔහු දෙපා පාමුළ වැඳ වැටී මම බොහෝ වේලාවක් හැඬුවෙමි. සිතේ දුක කඳුළුවලින් දියකර හරින්නට හැකිවූවාද කියා මම නොදනිමි. එසේ හැකියාවක් වූයේ නම් එය මේ වනවිටත් සිදුව අවසන් වන්නට ඉඩ තිබිණි. මගේ හැඬුම කෙමෙන් බාල වන්නට ඇති වුවද ඔහු මෙතෙක් කිසිදු වචනයක් හෝ පැවසුවේ නැත. මට බැන වැදී ඔහු මා පළවා හරින්නට හෝ තැත්කළා නම් එයත් සහනයක් වන්නට ඉඩ තිබිණි. ඔහුගේ මේ නිහඬ බවට වඩා එය මට දරා සිටින්නට නොහැකිය.

“ම්…මට ස…මාවෙන්න අහස්…ස…ර්… මෙහෙම දෙයක් වෙයි කියලා මං දැනන් හිටියා නම්… කවදාවත් ඒ වගේ තීරණයක් ගන්නේ නැහැ…”

හඬ බිඳී තිබූ නිසාදෝ වචන පිටවුණේ පහත් වූ අපහැදිළි හඬකිනි. ගලන්නට තවත් කඳුළු තිබුණා දැයි කියා මම නොදන්නා මුත් නොනවත්වා කඳුළු නම් ගැලීය. මෙතෙක් කල සිතේ සිරකරන් සිටි සියල්ල ඔහු ඉදිරියේ කීමට මට වුවමනා විය.

“ම..මං එහෙම ගිය එක වැරදිද අහස් සර්.. අපි අතරේ බැඳීමක් ඇතිවෙන්න බැහැ කියලා දැන දැනත්… මං සර්ට ආදරෙන් බැඳුණා… සර් ගැන විතරක් නෙවේ… මැඩම්… සර්ගේ දරුවා… ගැනත් ඒ බැඳීම වැඩිවෙනකොට ආදරයක් ඇතිවෙනකොට… මං කොහොමද ඒ හැමදේම හිරකරගෙන… තවත් එකම ගෙදරක ඉන්නේ…?”

මම නිහඬවූයෙමි. ඔහුද නිහඬය. හිස ඔසවා මම ඔහු දෙස බලනවිටත් ඔහු සිටියේ තවමත් නිශ්චල දෑසින් ඉවත බලාගෙනමය. රෝද පුටුවේ අත්ල මත වූ ඔහුගේ සුරත ගෙන මම මගේ දෝතට මැදිකරගතිමි. එය සීතලය. එමෙන්ම ඔහුගේ සිතත් සීතල යැයි කියා මට සිතිණි. මේ නිහඬ බව ඒ නිසාය.

“මට බනින්න අහස් සර්… මට ගැහුවත්… ඔය අත් දෙකෙන් මගේ බෙල්ල මිරිකලා මාව මරලා දාන එකත් මට සැපයි සර් ඔහොම කතා නොකර ඉන්නවට වඩා… මට තවත් දරාගන්න බැහැ සර්… මෙච්චර දවසක් මං මැරි මැරි ඉපදුණා… පපුව ඇතුළෙන් පිච්චි… පිච්චී මම මොනතරම් වේදනාවක් වින්දද කියලා සර් දන්නේ නැහැ… මට සර්ගේ ජීවිතේට එන්න ඕන නැහැ… මං ඒ ජීවිතෙන් ඈත්වෙලාම යන්නම්… ඒත් වචනයක් හරි කතාකරලා මට සමාව දුන්නා කියලා හරි කියන්න…”

මම නිහඬවීමි. ගතවන්නට ඇත්තේ තත්පර කීපයක් වුවද එය මට දැනුණේ කල්පයක් තරම් දිගුවටය.

“නැඟිටින්න…”

සුළු මොහොතකට පසුව ඔහු ඔහුට සුපුරුදු රළු හඬින් අමතනු ඇසී මට නැඟිටුණේ ඉබේමය. ඔහුගේ මුහුණ දෙස එක එල්ලේ බැලීමට බියක් දැනුණද මම ඒ මුහුණ දෙස බැලීමි. එහි වූයේ මා ඔහු දුටු පළමු දින ඔහුගේ මුහුණෙහි වූ දැඩි බවත් රළු බවත්ය. ඔහු එසේ හෝ වචනයක් හෝ පිටකිරීම සතුටක් මෙන් දැනුණද එය උපන්ගෙයිම මියැදුණේ ඔහු රෝද පුටුව පදවාගෙන මා කෙරෙන් ඉවත යන විටය. ඔහු එසේ හෝ අමතා තිබුණේ අන් කිසිත් නිසා නොව අප අතර වූ දුරස්ථභාවය රඳවාගැනීමේ වුවමනාව නිසා බව මට වැටහී ගියෙන් සිත වඩාත් ශෝකයකින් ඇවිළිණි. ඔහුගේ ලෝකය තුළ මට පුංචිම හෝ ඉඩක් නොමැති බව වැටහී තව දුරටත් මෙහි රැඳී සිටීමේ ඵලක් නොමැති බව සිතමින් මම ඔහු අසලට ගොස් සිටගතිමි.

“මං යන්නම් අහස් සර්… මං ආවේ නවතින්න හිතාගෙන නෙවේ… මට කියන්න තියෙන්නේ මට සමාව දෙන්න කියලා විතරයි…”

මෙතෙක් වෙලා මා දැඩි පසුතැවීමකින් ඔහු ඉදිරියේ හඬා වැළපුණද ඔහුට එහි වගක් නැත. තව දුරටත් ඔහු ඉදිරියේ මගේ ආදරය බාල්දු වෙන්නට ඉඩහරින්නේ මන්ද කියා මා සිතේ ඇති වූයේ නොසතුටකුත් නොමනාපයකුත්ය.

“සර් හිතන්න එපා… මං ආවේ සර්ගෙන් මාව සර් ළඟ නවත්තගන්න කියලා වැඳවැටෙන්න කියලා… මට සර්ගෙන් කිසිදෙයක් වුවමනා නැහැ… සර් මට උදව්කළා… මගේ පවුල බැලුවා… මං ඒ කිසිදෙයක් අමතක කරන්නේ නැහැ… සර් නපුරුයි… හිතේ කිසිම අනුකම්පාවක් නැහැ… ඔය පපුව ඇතුළේ තියෙන්නේ කළු ගලක් වෙන්නැති… හදවතක් කියලා දෙයක් අඩුම තරමේ හිත හැදෙන්න හරි වචනයක් වත් කියනවානේ…”

කෝපයකුත් නොමනාපයකුත් මා හඬේ විය. ඔහු විසල්කොට ගත් දෑසින් බලාසිටින විට මම තව දුරටත් එතැන නොරැඳී පිටතට ආවෙමි.

-හෙට අවසාන කොටස-

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest news

තෙල් මිලේ සුළු වැඩිවීමක් විය හැකියි

තෙල් මිලේ සුළු වැඩිවීමක් විය හැකියි ඉදිරියේදී ඉන්ධන මිල ඉහළ දැමුවද අප්‍රේල් මස මෙන් ඉහළ අගයකින් ඉහළ දැමීමේ කිසිදු අවශ්‍යතාවක්...

ඩොලරය හදිසියේ උඩ ගොස් බිම වැටුණු හැටි

ඩොලරය හදිසියේ උඩ ගොස් බිම වැටුණු හැටි ලංකාවේ විදේශ විනිමය වෙළඳපොළ තුළ අන්තර් බැංකු සහ බැංකුවලින් පිටත බැංකු ගනුදෙනුකරුවන් වශයෙන්...

අපයෝජනයට ලක්වූ දැරිය වෙනුවෙන් මන්ත්‍රීවරියන් පෙරට

අපයෝජනයට ලක්වු දැරිය වෙනුවෙන් මන්ත්‍රීවරියන් පෙරට අනුරාධපුර ප්‍රදේශයේ දැරියක් ලිංගික අපයෝජනයට ලක් කිරීමේ සිද්ධියට අදාළව ක්‍රියාත්මක වන නීතිමය කටයුතු සහ...

රන් භාණ්ඩ හා වාහන ණය සඳහා සීමා

රන් භාණ්ඩ හා වාහන ණය සඳහා සීමා  රත්තරන් බඩු උකස් කර ණය ලබා ගැනීමේදී සහ වාහනයක් මිලට ගැනීමට ණය පහසුකමක්...
- Advertisement -spot_img

මම ටිකක් පිස්සු වැටිලා වගේ ඉන්නෙ

මම ටිකක් පිස්සු වැටිලා වගේ ඉන්නෙ - Smriti Mandhana ස්මිත්‍රි මන්දානා ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ සිටින දක්ෂතම සහ ජනප්‍රියතම පිතිකාරිනියක්....

පිරිමින්ට විශේෂ දවස් මතක් වෙන්නෙම නෑ

පිරිමින්ට විශේෂ දවස් මතක් වෙන්නෙම නෑ - Lechindi Mahila Lokam ඔයා කසාද බැඳපු පිරිමියෙක්නං වැදගත් දින (බර්ත්ඩේ, ඇනිවසරි වගේ) හරියට...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you