Interviewsමම සාංකාවයි බයයි දරාගත්තා - කත්‍රිනා කයිෆ්ගේ සැමියාගේ කතාව

මම සාංකාවයි බයයි දරාගත්තා – කත්‍රිනා කයිෆ්ගේ සැමියාගේ කතාව

-

spot_img

මම සාංකාවයි, බයයි දරාගත්තා – කත්‍රිනා කයිෆ්ගේ සැමියාගේ කතාව Vicky Kaushal

ඉංජිනේරුවරයෙකු වීමේ බලාපොරොත්තුවෙන් අධ්‍යාපනය හැදෑරුවද ඔහුගේ සිහිනය වුණේ නළුවෙක් වීමයි. අවසානයේ ඔහු තම සිහිනය සැබෑ කර ගැනීමට තීරණය කළේය. කුඩා චරිත සිදු කරමින් රංගනයට අවතීර්ණ වූ විකී කෞෂාල් ප්‍රේක්ෂක හදවත්වල ලැගුම් ගත්තේ 2015 දී තිරගත වූ Masaan චිත්‍රපටයේ ප්‍රේමවන්තයාගේ චරිතය තුළින්. ඔහුගේ පරම්පරාවේ දක්ෂතම නළුවෙක් ලෙසින් හැඳින්වෙන විකී අහිංසක පෙම්වතාගේ සිට ක්‍රියාදාම චිත්‍රපටවල දක්වා රඟපෑ චරිත, විචාරක ප්‍රශංසාවට ලක් ව ඇති අතර, ඒ වෙනුවෙන් ෆිල්ම් ෆෙයාර් ඇතුළු සම්මාන රැසකින්ම පිදුම් ලැබුවා. රසිකයින් එතරම් නොදන්නා නමුත් විකී කලා පවුලක සාමාජිකයෙක්. ඔහුගේ පියා ස්ටන්ට් අධ්‍යක්ෂවරයෙක් වන අතර සහෝදරයා සනී කෞෂාල් නළුවෙක්. විකී විවාහ වුණේ කත්‍රිනා කයිෆ් සමඟින්. ඔවුන්ට පුතෙක් සිටිනවා. තිරයෙන් පිටත සාමාන්‍ය ජීවිතයේදී ඔහු නිහතමානී අයෙකු ලෙසින් ප්‍රසිද්ධයි. 

Vicky Kaushal

ජනප්‍රියත්වය හේතුවෙන් ඔලුව උදුම්මවාගත් නළු නිළියන් බහුල බොලිවුඩයේ විකී කෞෂාල් හැඳින්වෙන්නේ මෘදු කතාබහක් ඇති, යහපත් හැසිරීමක් ඇති නියම මහත්මයෙකු වශයෙන්. ඔහුගේ ජීවිතයේ අංක එක රංගනය නොව පවුලයි. ඔහු හැදී වැඩුණේ මුම්බායි වල මහල් නිවාසයකය.

“මම හිතන්නෙ නෑ මම තරුවක්ය කියලා. ජනරජ දිනයට තිබුණ උත්සවයකදී මගේ පවුලේ අයට මම ස්ටේජ් එකක නටන හැටි මුලින්ම දකින්න ලැබුණා. ඒ දවස්වල මම ක්‍රීඩා කළා. ක්‍රිකට් වලට ආසයි. ඒ කාලෙ හරි නිදහස්. නිර්මාණශීලීයි. හැමදෙයක් ගැනම කුතුහලයෙන් පිරිලා. අසල්වැසියො යාළුවො වුණත් හැමෝම එකිනෙකාව දන්නවා. සමීපයි. හරියට එකම පවුලක් වගෙයි. ඒ පරිසරය මාව කලාකාරයෙක් කරන්න ලොකු බලපෑමක් වුණා. පාසල් අධ්‍යාපනයෙන් පස්සෙ මම ඉංජිනේරු විද්‍යාව හදාරන්න තීරණය කළා. තාත්තට ඕනෙ වුණේ මට ස්ථාවර වෘත්තියක් ලැබෙනව දකින්න.” 

Vicky Kaushal

“උපාධිය ලබා ගෙන සම්ප්‍රදායික විදිහට විදේශගත වෙන්න තමයි මම හිතාගෙන හිටියෙ. නමුත් බහුජාතික සමාගමකට සිදු කෙරුව කාර්මික සංචාරයක් අතරතුර හැම දේම වෙනස් වුණා. මම ඒ ඔෆිස් එකට ගිය ගමන්ම මට එතැන නොගැළපෙන බව තේරුණා. එක තැනක හිරවෙලා ඉන්න වෙන එක දරාගන්න බැරි වුණා. ඒ අත්දැකීම මාව වෙනස් කළා. වෙනස් හීනයක් බිහි කළා. මට ඇත්තටම අවශ්‍ය දේ ළඟා කර ගන්න ඕන බව දැණුනා. ස්ටේජ් එකේදී නැටුම් සහ නාට්‍යවලට සහභාගී වුණාම මට සතුටක් දැණුනත් කවදාවත් නළුකම වෘත්තියක් විදිහට සැළකුවෙ නැහැ. ඒ ප්‍රීතිය වෘත්තියක් බවට පත් කරොත් සඳුදා දවස්වලට බය නොවී නිදහසෙ ඉන්න පුළුවන් වග මට තේරුණා. රංගනය මගේ මාර්ගය බව පිළිගන්න මට කාලයක් ගත වුණා. ඊට පස්සෙ මගේ පවුලේ අයට පැහැදිලි කරා මේක තමයි මට හරියන දේ කියලා”

“මම කර්මය සහ ඉරණම දැඩි ලෙස විශ්වාස කරන කෙනෙක්. දවස අවසානයේදී, අද දවසෙ කාටහරි සතුටක් ගෙනත් දුන්නා කියලා දැනෙන එක නියමයි. එතකොට මට සැනසිල්ලෙ නිදා ගන්න පුළුවන්. මම මහන්සි වෙලා වැඩ කරනවා. විශ්වය අපිට දේවල්, අවස්ථා ලබා දෙනව. මම ඒවා අහක දාන්නෑ ” 

Vicky Kaushal

ඔහු සැබවින්ම වෙහෙස මහන්සි වී වැඩ කරමින් තම වෘත්තීය ජීවිතය පුරාම විවිධාකාර චරිත තෝරාගෙන ඇති අතර එය කිසි විටෙකත් වාණිජ සිනමාවට සීමා වුණේ නැත.

“මට ඕනෙ වුණා මටම අභියෝග කර ගන්න. ඔබ චිත්‍රපටයක් රූගත කරනකොට චරිතය වෙනුවෙන් කැපවෙලා සූදානම් වෙන්න ඕනෙ කාලයක් තියෙනව. නමුත් පස්සෙ පස්සෙ ඒ දේ ඉබේම සිද්ධ වෙනව. දැන් මම ඉන්නෙ ඒ අවධියෙ”

මෑතක සිට ඔහු වැඩිපුර විලාසිතා කරන බව පෙනෙන්නට තිබේ. ඔහු තවමත් ඔහුගේ රුචිකත්වය සොයා ගෙන නොමැති බවයි විකී පවසන්නේ.

“මට විලාසිතා ගැන එතරම් අවබෝධයක් නැහැ. නමුත් කාලයත් සමඟ, මම මම වීම ගැන වඩාත් විශ්වාසයෙන් ඉන්නවා. මම ඇත්තටම සැපපහසු ඇඳුම් අඳින්න කැමතියි. ඇඳුම් වලින් මට හොඳක් දැනෙනකොට මම ඇවිදින, හැසිරෙන විදිහ ගැන හොඳ විශ්වාසයක් දැනෙනවා. ඒක හැමදේටම බලපානවා.”

රසිකයින් වසඟ කෙරූ ඒ සිනහව පිටුපස ඇති කඳුළු කතා ලෝකයට හෙළි කිරීමට ඔහු කිසි විටෙක මැළි වූයේ නැත. ඔහුට තිබුණ සාංකාව (Anxiety) සහ බිය දැනීම ගැන ඔහු විවෘතව කතා කළේය.

Vicky Kaushal

“සාංකාව සඳහා කළ යුතු හොඳම දෙය නම් එය පිළිගැනීමයි. ජ්‍යෙෂ්ඨ නළුවෙක් වරක් මට කිව්වා සාංකාව ඔබේ මිතුරා කර ගන්න කියලා. ඔබ එය දරා ගන්න ඕනෙ. ඒක පිළිගැනීමම නැති කර ගැනීමට තියන විශිෂ්ඨ පළමු පියවර වෙනවා.”

දුෂ්කර දිනවලදී, වෙහෙසට පත් නොවී, නිර්මාණාත්මක වූ විට ඔහුට තම උපරිමය කළ බව දැනේ.

“චිත්‍රපට නිර්මාණයේ විවිධ ප්‍රවේශයන් දැකීම සිත් ඇදගන්නා සුළුයි. මම කුතුහලයෙන් ඉන්නෙ. ඉන්දියානු චිත්‍රපට කර්මාන්තය පරිණාමය වෙලා මල් පිපෙන්න අරන්. අපි ඉන්නෙ උද්යෝගිමත් අවධියක. මිනිසුන් විවිධ තේමාවන්ට වඩාත් විවෘත වෙමින් ඉන්නව දකිනකොට සතුටක් දැනෙනවා. මට අවස්ථාවක් තියේනම්, මම නැගී එන කලාකරුවන් ප්‍රවර්ධනය කරන්න කැමතියි. අපි මේ ඩිජිටල් යුගයේ කලාකරුවන් විදිහට ගොඩක් හිතන්න ඕන”

තිරයෙන් පිටත විකී කෞෂාල් කවුදැයි ඇසූ පැනයට පිළිතුරු දෙමින් ඔහු මෙසේ පවසයි.

“විකී කෞෂාල් තිරයෙන් පිටත ඔබ වගේමයි. බලාපොරොත්තු සහ සිහින වලින් පිරුණු ජීවිතයක් ගත කරන කෙනෙක්.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest news

ආබාධ සහිත පුද්ගලයින් සඳහා ප්‍රමුඛතා බස් සේවාව හෙට (21) සිට

ආබාධ සහිත පුද්ගලයින් සඳහා පහත් මහලේ ප්‍රමුඛතා බස් සේවාවක් හෙට (21) මාකුඹුර බහුමාධ්‍ය මධ්‍යස්ථානයෙන් (MMC) ආරම්භ කරන බව ප්‍රවාහන,...

2026 අලුත් අවුරුදු නැකැත් සීට්ටුව

හෙට (14) දිනයේ පූර්වභාග 09.32 ට සිංහල අලුත් අවුරුද්ද උදාවීමට නියමිතව තිබේ. අවුරුදු උදාවට අදාළ නැකැත් සහිතව බුද්ධශාසන, ආගමික හා...

සිල්වර් ඩෝන් සුඛෝපභෝගී නෞකාවේ ශ්‍රී ලංකා සංචාරය

සිල්වර් ඩෝන් නැමැති අතිසුඛෝපභෝගී මගී නෞකාව  ඊයේ ( 09) ගාල්ල වරායට පැමිණ තිබේ.සංචාරකයන් 596 දෙනෙකු රැගත් මෙම නෞකාව දින 141ක ලෝක සංචාරයක...

ගාල්ල බන්ධනාගාරයේ කාන්තා වාට්ටුවෙන් සොයාගත් ජීව උණ්ඩ

ගාල්ල බන්ධනාගාරයේ තිබී ජීව උණ්ඩ කිහිපයක් සොයාගෙන තිබෙනවා.ඒ බන්ධනාගාර නිලධාරීන් කණ්ඩායමක් සිදුකළ හදිසි සෝදිසි මෙහෙයුමකදීයි. බන්ධනාගාරයේ කාන්තා රැඳවූවන් රඳවා...
- Advertisement -spot_img

රත් දොතළු – 72

රත් දොතළු - 72 කිසිවෙකු විසින් මිදුලේ විදුලි පහන් දල්වන ලද්දෙන් රාඝවගේ මුහුණ මට පැහැදිලිව දිස් විණි. "අහස් සර්ට වැරදි දෙයක්...

අභය භුමි මැදින් විශ්මිත සවාරියක්

අභය භුමි මැදින් විශ්මිත සවාරියක් - Habarana Jeep Safari නිවාඩුවක් ලැබුණු සැණින් බොහෝ දෙනා සූදානම් වන්නේ පවුලේ සියලු දෙනා සමග...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you