Newsදුස්සීල භික්ෂූන්ට වෙසක් පණිවිඩයක්

දුස්සීල භික්ෂූන්ට වෙසක් පණිවිඩයක්

-

spot_img

දුස්සීල භික්ෂූන්ට වෙසක් පණිවිඩයක්

විනය විරෝධී කටයුතුවල යෙදෙන භික්‍ෂූන්ට තරාතිරම නොබලා දඬුවම් කිරීමටත්, භික්‍ෂූන් වහන්සේලාගේ විනය කටයුතු පවත්වාගෙන යෑම සඳහාත් බෞද්ධ විහාර දේවාලගම් පනත සංශෝධනය කිරීමට සංඝ සභාවන්හි ලේඛකාධිකාරී හිමිවරුන්ගෙන් වාර්තාවක් කැඳවා ඇතැයි බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් ගාමිණී සේනාරත්න පැවසීය. 

Monks who violate the rules

එම වාර්තාව ලැබුණු වහාම බෞද්ධ විහාර දේවාලගම් සංශෝධන පනත් කෙටුම්පත සකස් කිරීමට නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවට යොමු කරන බවද හෙතෙම අවධාරණය කළේය. ලේඛකාධිකාරී හිමිවරුන්ගේ වාර්තාව අද හෙටම තමන් අතට පත් වීමට නියමිත අතර මේ කාරණය සම්බන්ධයෙන් නීතිපතිවරයා සමඟ තමා පසුගිය දිනවල දීර්ඝව සාකච්ඡා කළ බවද බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා පැවසීය. තවද එම සාකච්ඡාවලදී පැහැදිලි එකඟතා කිහිපයකටම පැමිණීමට හැකිවුණු බවත් කොමසාරිස්වරයා සඳහන් කළේය.

Monks who violate the rules
බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් ගාමිණී සේනාරත්න

එහිදී ඇති කරගත් එකඟතා සියල්ලම ලේඛකාධිකාරී හිමිවරුන්ට භාරදී ඇති බවත් ඒ අනුව නායක හිමිවරුන්ගේ අදහස් ද ලබාගෙන පනත් කෙටුම්පත කාලයට ඔබින පරිදි සංශෝධනය කිරීමට කටයුතු සූදානම් කරන බවද බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා තවදුරටත් සඳහන් කළේය . ඒ අනුව විනය විරෝධී ක්‍රියාවන්හි යෙදෙන භික්‍ෂූන් සම්බන්ධයෙන් ඒ ඒ සංඝ සභාවන් මගින් විනය ක්‍රියාමාර්ග ගත්තද, එකී භික්‍ෂූන් චීවරය දරාගෙන තවදුරටත් කටයුතු කරන තත්වයක් දක්නට ලැබෙන හෙයින් සංඝාධිකරණයක් වැනි යාන්ත්‍රණයක් මගින් දඩුවම් කිරීමට හැකිවන පරිදි බෞද්ධ විහාර දේවාලගම් පනතට සංශෝධන එක් කරන බවද හෙතෙම වැඩිදුරටත් පැවසීය.

✍️ ධාරා අබේනායක විසිනි.

Latest news

ඩෙංගු රෝගීන් ඇඳන් යට සහ කොරිඩෝවල

ඩෙංගු රෝගීන් ඇඳන් යට සහ කොරිඩෝවල ඩෙංගු වසංගතය හේතුවෙන් මේ වනවිට රෝහල් රැසක ධාරිතාව ඉක්මවා යෑම නිසා සෞඛ්‍ය සේවාව  පවා...

බොරතෙල් මිල නැවතත් ඉහළට

බොරතෙල් මිල නැවතත් ඉහළට ඉරානය සහ ඇමෙරිකාව ප්‍රහාර යළි ඇරැඹීමත්, ඉරානය ගල්ෆ් කලාපයේ රටවලට ප්‍රහාර එල්ල කිරීමත් සමග ලෝක වෙළෙඳපොළේ...

ඩෙංගු මදුරුවා විදින වෙලාව වෙනස් වෙලා

ඩෙංගු මදුරුවා විදින වෙලාව වෙනස් වෙලා ඩෙංගු මදුරුවා සක්‍රීය වන සහ දෂ්ට කරන කාලසීමාවේ පැහැදිලි වෙනසක් සිදුව ඇති බව අලුත්ම...

මීගමුව බන්ධනාගාරයට දැඩි හානි

මීගමුව බන්ධනාගාරයට දැඩි හානි‎ මීගමුව බන්ධනාගාරයේ ඇතිවූ උණුසුම් තත්වය පාලනය කර, රැඳවියන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම උදෙසා රැඳවියන් 700කට ආසන්න පිරිසක්...
- Advertisement -spot_img

සාරා

සාරා - Between Acts සින්ක් එක ආයෙමත් හිර වී තිබේ. ජීවිතේ හැටි! අපි එයට වත්කරන ජලයට වඩා සෙමින් වතුර බැස...

පල්ලියේ මහමොළකරු නාටකය

පල්ලියේ මහමොළකරු නාටකය රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානි සුරේෂ් සලේ මේ වන විට රටේ ජනප්‍රිය චරිතයකි. කොටින්ම පැමිණිලි පාර්ශ්ව ඔහුව...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you