ArtTime Loop යනු සැබෑවක්ද?

Time Loop යනු සැබෑවක්ද?

-

spot_img

Time Loop යනු සැබෑවක්ද? – Sambhavam Adhyayam Onnu

පසුගිය මාර්තු මස තිරගත වීම ඇරඹූ Sambhavam Adhyayam Onnu වෙනස්ම කතා තේමාවක් රැගත් මලයාලම් චිත්‍රපටයක්. මලයාලම් සිනමාව තුළ තරමක් දුලභ ලෙස සැළකෙන විද්‍යා ප්‍රබන්ධ – අභිරහස් සහ ෆැන්ටසි ගණයට අයත් මේ කතාව ඇරඹුමේ සිට අවසානය දක්වා කුතුහලය නොඅඩුව රඳවා ගන්නට සමත් වී තිබෙනවා.

Sambhavam Adhyayam Onnu ( 2026)

මෙහි කථා නායකයා ආනන්ද්. පොලිස් නිලධාරී ආනන්ද් ඈත ගම්මානයක සේවය උදෙසා පැමිණෙන පළමු දිනය එයයි. කේරළ තමිල්නාඩු සීමාවේ පිහිටි මේ සුන්දර ගම්මානය විශාල වනාන්තරයකට මායිම්ව පිහිටා තිබෙනවා. ප්‍රදේශවාසීන් එයට ඇතුළු වීමට බියක් දැක්වූයේ වනාන්තරය තුළට ගිය අයෙකුට නැවත පැමිණීමක් ගැන සිතිය නොහැක යන කථා විශ්වාස කළ නිසාවෙන්. මේ කථා සත්‍ය බව තහවුරු කිරීමට ඔවුන් සතුව ඇති තරම් උදාහරණ, සාක්ෂි තිබුණා. පළමු දිනයේම ආනන්ද් ඇතුළු නිලධාරීන්ට බැරෑරුම් රාජකාරියක් පැවරුණා. එනම් අතුරුදන් වීමක් පිළිබඳව විමර්ශනය කිරීම. සාමාන්‍ය පරීක්ෂණයක් ලෙසින් ඇරඹෙන මෙය සම්පූර්ණයෙන්ම කණපිට හැරෙන්නේ ආනන්ද් ඇතුළු පොලිස් කණ්ඩායම වැඩිදුර නොසිතාම වනාන්තරයට ඇතුළු වීමත් සමගින්.

Sambhavam Adhyayam Onnu ( 2026)

මේ අත්භූත – අසාමාන්‍ය ස්ථානයට ඇතුල් වීමත් සමගින්, පැමිණි කාරණයට එහා ගිය, එක පිට එකක් ලෙස පැමිණෙන වටහා ගත නොහැකි සිද්ධීන් දාමයකට මුහුණ දීමට මේ කණ්ඩායමට සිදු වෙනවා. මහත් පරිශ්‍රමයක් දරා මෙම අගක් මුලක් නොවූ සිදුවීම් එකිනෙක ගලපා බැලූ කළ ආනන්ද්ට වැටහී යන්නේ ඔවුන් time-loop එකක සිරවී ඇති බවයි. එනම් අතීතය – වර්තමානය සහ අනාගතය තුළ බලපෑම්වලට ලක් වෙමින් ඔවුන් ඒ තුළ අතරමංව තිබෙන වග. ටිකෙන් ටික, සැබෑව සහ මායාව හරිහැටි නොවැටහෙන මේ වනාන්තරය තුළ සැඟවී ගත් අබිරහස් විසඳීමත්, යළි යළිත් ඔවුන් ඒ තුළම පැටලීමත් සිදුවෙන්නේ ගැලවීමක් පෙනෙන මානයක නොමැති අයුරින්. ඒ ඇතැම් දේවල් ඔවුන්ගේ පෞද්ගලික ජීවිතයට අදාළ කාරණා වීම මෙහි තිබෙන බැරෑරුම් බව දෙගුණ තෙගුණ කරනවා. එමෙන්ම පෘතුග්‍රීසි පාලන අවධියේදී සිදුවුණා යැයි කියන වනාන්තරය හා බැඳුණු බිහිසුණු කතාව මිත්‍යාවක්ද නැතහොත් සැබෑවක්ද? කෙසේ හෝ ඔවුන්ට මෙම අත්භූත ස්ථානයෙන් බේරී යා හැකිද?

Sambhavam Adhyayam Onnu ( 2026)

මෙම කතාව මතුපිටින් ත්‍රාසජනක හා අභිරහස් කතාවක් ලෙසින් පෙනුනද ඒ තුළ ගැබ් වුණ පණිවිඩ බොහොමයක් තිබෙනවා. time loop සංකල්පය විද්‍යාත්මක කාරණාවක් පමණක් නොව එමගින් මිනිස් ජීවිතයට පොදු වූ හට ගැනීම සහ නැතිවීම සංකේතවත් කිරීම උදෙසා වන ප්‍රබල රූපකයක් ලෙස භාවිතා කර තිබෙනවා. ඉතිහාසය නැවත නැවතත් ඒ අයුරින්ම සිදු විය හැකි බව, ඇතැම් අමිහිරි අතීත සිදුවීම් කිසිදා අවසන් නොවී වර්තමානය ඔස්සේ අනාගතය කරාද දිවෙන බව මෙමගින් පැහැදිලි කරනවා.

Sambhavam Adhyayam Onnu ( 2026)

මිනිසා යනු මේ අපහැදිලි අතීත – වර්තමාන සහ අනාගත යන කාල තුනෙහිම සිරවූ සිරකරුවෙක් නොවේද? වර්තමානය ගැන හරිහැටි වැටහීමක් නැති ඔවුන් අතීතය සහ අනාගතය වෙනස් කිරීමේ නිරර්ථක උත්සාහයක නියැළී සිටිනවා. අවසානයක් නොපෙනෙන මේ උත්සාහයේදී ඔවුන් තව තවත් උගුලේම පැටලීම විනා නිදහස් වීමක් දැකිය හැකිද? බොහෝවිට අතීතය විසින් වර්තමානය සහ අනාගතය තීරණය කරනවා. දෙමාපියන් සතු හැසිරීම් ගතිගුණ දරුවන් කරා යෑම සාමාන්‍යයි. එලෙසින්ම අතීත පරපුරක් විසින් සිදු කළ ක්‍රියාවන් හොඳ හෝ නරක වේවා ඒ දේවල් අනාගත පරපුරට සෘජුවම බලපානවා. අතීත පරම්පරාවේ ක්‍රියාකාරකම් වල ප්‍රතිවිපාක හොඳින්ම භුක්ති විඳිමට සිදුවන්නේ අනාගත පරපුරටයි. නිමාවක් ඇතැයි අපි සිතා සිටිනමුත්, කිසිදා නිම නොවන අතීත සිදුවීම් වර්තමානය සහ අනාගතය තීරණය කරනවා. අතීතයේ සිදුවූ අසාධාරණකම්, හිංසා පීඩාවන්වල වේදනාව අදටත් ඉතිරි වී තිබෙනවා. ඒ වේදනාව සදාකාලික එකක්.

Sambhavam Adhyayam Onnu ( 2026)

රටක, ගමක, පවුලක ඉතිහාසය ඒ හා බැඳුණු කතා පාඩම් උගත හැකි මූලාශ්‍රයන්. ඉතිහාසය නැවත නැවත සිදුවෙන බව දැන ඒ තුළින් පාඩම් ඉගෙන ගැනීමෙන් වර්තමානය සහ අනාගතය වඩාත් යහපත් එකක් කර ගැනීමේ වාසනාව උදාකර ගත හැකියි. මිනිසුන් අතීතය පිළිබඳ අවබෝධය ලබා එයින් නිදහස් විය යුතුයි. දේශපාලන, ආගමික ආදී විවිධ හේතු ඔස්සේ ඇතිවන ප්‍රචණ්ඩත්වය වළකා ගැනීම උදෙසා අතීත සිදුවීම් දෙස විමසිලිමත්ව බැලීම බුද්ධිමත් තීරණයක් වෙනවා. නොඑසේ නම් අපිත් අතීත – වර්තමානය – අනාගතය වටහා ගත නොහැකි චක්‍රයක සදාකාලික සිරකරුවන් වීම වළකාගත නොහැකියි. ජාති – ආගම් – සමේ පැහැය යනාදිය උදෙසා ගැටුම් ඇති කර ගැනීම නතර කෙරූ දිනක ලෝකය නිදහස් තැනක් වෙනු ඇත. මිනිසුන් තවදුරටත් සීමාවලට යටත් වූ සිර කරුවන් නොවනු ඇත. එවැනි සාමකාමී ලෝකයක්, time loop වැනිම වූ සැබෑ ලෝකයේ සිදුවෙතැයි නිශ්චිතම සනාථ කළ නොහැකි යථාර්ථයට පටහැනි දෙයක් පමණක්මද?

Sambhavam Adhyayam Onnu චිත්‍රපටය අධ්‍යක්ෂණය කර තිබෙන්නේ Jithu Satheesan Mangalathu විසින්. Askar Ali, Vineeth Kumar, Assim Jamal ඇතුළු රංගන ශිල්පීන් රැසක් රංගනයෙන් දායක වෙනවා. මිනිත්තු 129 ක් පුරා දිවෙන මෙම කතාව අපූරු සිනමා අත්දැකීමක්.

Latest news

තාවකාලික ඉන්ධන හිඟයක් ඇතිවිය හැකියි

තාවකාලික ඉන්ධන හිඟයක් ඇතිවිය හැකියි මෙම මාසය අවසන් වනතුරු ඉන්ධන මිල වැඩි නොකර පවතින මිල ගණන් යටතේ පවත්වාගෙන යෑමට හැකි...

තෙල් මිල ගළපන්නෙ IMF එකට ඕනෙ විදිහටද?

තෙල් මිල ගළපන්නෙ IMF එකට ඕනෙ විදිහටද? මැදපෙරදිග ගැටුම් හමුවේ ඉහළ යන ඉන්ධන මිල ගණන්වලට සාපේක්ෂව දේශීය ඉන්ධන මිල ගැලපීම...

ක්ෂේත්‍ර බෝගවලටත් පොහොර සහනාධාර

ක්ෂේත්‍ර බෝගවලටත් පොහොර සහනාධාර 2026/27 මහ කන්නයේ වී සහ කුඹුරු ඉඩම්වල වගා කරන වෙනත් ක්ෂේත්‍ර බෝග සඳහා පොහොර මූල්‍ය සහනාධාරය...

ලබන වසරේ පාසල් පෙළපොත් ලැබෙන්නෙ මෙහෙමයි

ලබන වසරේ පාසල් පෙළපොත් ලැබෙන්නෙ මෙහෙමයි ලබන වසරේ (2027) පාසල් දරුවන් වෙත නොමිලේ බෙදාදීමට නියමිත පෙළපොත්/මොඩියුල මුද්‍රණය කිරීමේ (පළමු අදියර)...
- Advertisement -spot_img

පිරිමින්ටත් පියයුරු පිළිකා

පිරිමින්ටත් පියයුරු පිළිකා පියුයුරු පිළිකා සම්බන්ධව ප්‍රජාව දැනුම්වත් කරන ඒ පිළිබඳව උපදේශන සේවා ක්‍රියාත්මක වන කාල වකවානුවයි මේ. නවතම දත්ත...

ලබන වසරේ පාසල් පෙළපොත් ලැබෙන්නෙ මෙහෙමයි

ලබන වසරේ පාසල් පෙළපොත් ලැබෙන්නෙ මෙහෙමයි ලබන වසරේ (2027) පාසල් දරුවන් වෙත නොමිලේ බෙදාදීමට නියමිත පෙළපොත්/මොඩියුල මුද්‍රණය කිරීමේ (පළමු අදියර)...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you