Featuresදීපචෙල්වන් වෙන ආණ්ඩු සහ මේ ආණ්ඩුව

දීපචෙල්වන් වෙන ආණ්ඩු සහ මේ ආණ්ඩුව

-

spot_img

දීපචෙල්වන්, වෙන ආණ්ඩු සහ මේ ආණ්ඩුව – Theepachelvan Piratheepan

දීපචෙල්වන් ප්‍රදීපන් යනු ලාංකේය සහ ලෝක දමිළ පාඨක ප්‍රජාව අතර මෙන්ම බහුතරයක් සිංහල පාඨක ප්‍රජාව අතරත් නමක් දිනා සිටින ශ්‍රී ලාංකික ලේඛකයෙකි. ඔහු විසින් රචිත කෘති කිහිපයක් මුද්‍රණය කොට මෙරටට ගෙන්වීමේදී රේගු භාරයෙන් නිදහස් නොකොට රඳවා තබා ගැනීම, මේ දිනවල සාහිත්‍ය ක්ෂේත්‍රය තුළ කතාබහට ලක්ව ඇති මාතෘකාවකි. දීපචෙල්වන් පවසන පරිදි තම කෘතීන් “රටේ ජාතික සමඟියට බාධා කරන බැවින් ආරක්ෂක හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ අවසරය ඇතිව පමණක් ඒවා නිදහස් කළ හැකි” බව ඔහුට දන්වා ඇත. පසුගිය අප්‍රේල් මස 17 වනදා මේ පිළිබඳව සාකච්ජාවකට විෂය භාර අමාත්‍ය හිනිදුම සුනිල් සෙනෙවි විසින් දීපචෙල්වන් ඇතුළු ක්ෂේත්‍රයේ විෂය ප්‍රවීනයින් කිහිප දෙනෙකුට ආරාධනා කොට තිබිණි. සාකච්ජාව අතරමග අමාත්‍යවරයා පිටව යෑම සහ එම හමුවෙන් පසු පොදු අවකාශයකදී ආචාර්ය සුනිල් අර්නස්ට් විජේසිරිවර්ධන විසින් ප්‍රකාශ කළේ යැයි කියන “වෙන ආණ්ඩුවක් තිබ්බනම් දීපචෙල්වන් අත්අඩංගුවට ගන්නවා” යන ප්‍රකාශය මේ වන විට සමාජයේ දැඩි අප්‍රසාදයට ලක්වෙමින් පවතී.

මේ ආණ්ඩුවත් වෙන ආණ්ඩුත් අතර කෙස් ගහක තරම්වත් වෙනසක් නැති බව ආණ්ඩු ගැත්තෝ හැර පියවි සිහිය ඇත්තෝ පිළිගනිති. ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14(1)(අ) වගන්තිය මඟින් සහතික කරන භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහසට, රේගු දෙපාර්තමේන්තුව හෝ ආරක්ෂක අමාත්‍යාංශය හරස් වන්නේ කුමන සීමාවන් යටතේද යන්න වෙනම සාකච්ජා කළ යුතු කාරණයකි. අප පළමුව විමසිය යුත්තේ මේ පිළිබඳව සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ ස්ථාවරය කුමක්ද යන්නයි. රේගු භාරයේ ඇති දීපච්චෙල්වන්ගේ කෘතීන් මොනවාද? එම කෘතීන් වල කුමන අන්තර්ගතයෙන් ජාතික සමඟියට බාධා පමුණුවන්නේද? එය තහවුරු කරගැනීම සඳහා රේගුව යොදාගත් නිර්ණායක කවරේද? ආරක්ෂක අමාත්‍යාංශයට මේ ගැන නිගමනයකට ඒමට කොපමණ කාලයක් අවශ්‍ය වන්නේද? මේ සටහන ලියන මොහොත වන විට ඉහත කිසිඳු ප්‍රශ්නයකට ආණ්ඩුව පාර්ශවයෙන් පිළිතුරු ලබානොදී සිටියදී, වෙන ආණ්ඩු කරන දේවල් ගැන පැවසීම කෙතරම් අණුවනද? සුනිල් විජේසිරිවර්ධන්ගේ එම ප්‍රකාශයේ අනියමාර්ථය වන්නේ දීපච්චෙල්වන් හිරේ නොදමා පොත් ටික නිවාස අඩස්සියේ තබාගැනීමේ ඇති වරදක් නොවේ යන්නද?

යාපනය විශ්ව විද්‍යාලයෙන් දෙමළ භාෂාව පිළිබඳ විශේෂ උපාධියක් ලබාගත් දීපචෙල්වන්, ඉන්දියාවේ මදුරාසි විශ්ව විද්‍යාලයෙන් ජනමාධ්‍යවේදය සහ මාධ්‍ය සන්නිවේදනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය ද (MA), සුන්දරනාර් විශ්ව විද්‍යාලයෙන් මාධ්‍ය අධ්‍යයනය පිළිබඳ දර්ශන ශාස්ත්‍රපති උපාධිය ද (MP) ලබා, දැනට කිලිනොච්චිය මුරුගානන්ද විද්‍යාලයේ උසස් පෙළ සිසුන් සඳහා දෙමළ භාෂාව සහ මාධ්‍ය අධ්‍යානය උගන්වන ගුරුවරයෙකි. නඩුගල්, සයනයිඩ්, බයංගරවාදී යනු දීපචෙල්වන් විසින් ලියන ලද කෘතීන් කිහිපයකි. පශ්චාත් යුධ සමයේ උතුරේ ලියන ලද පළමු නවකතාව ලෙස හැඳින්වෙන ඔහුගේ නඩුගල් නවකතාව ජී.ජී. සරත් ආනන්ද විසින් “ශිලාවත” නමින් සිංහලට පරිවර්තනය කර තිබේ. මින් පෙර ඔහු ලියු බයංගරවාදී (ත්‍රස්තවාදියා) නම් කෘතියෙන් එල්ටීටීඊ සංවිධානය පුනර්ජීවනය කරන්නේයැයි කිලිනොච්චිය පොලීසිය කළ පැමිණිල්ලකට අනුව ඔහුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පවා කැඳවා තිබිණි.

උතුරටත්, වතුකරයටත් සහෝදරත්වයේ දෑත් දිගු කරමුයැයි යෝජනා කළ ආණ්ඩුවක් යටතේ ගෝරිල්ලා (Gorilla) සහ ට්‍රේටර් (Traitor) වැනි ලෝක පුජිත කෘති රචනා කළ ශ්‍රී ලාංකික දමිළ ලේඛක ඇන්තනී ජේසුදාසන් (ශෝබාශක්ති) ගේ “1990 ලයිඩන් දුපත- මණ්ඩතිව් සමුහ මිනී වලවල්” කෘතිය මෙන්ම දීපචෙල්වන්ගේ කෘතිනුත් ඇත්තේ රේගු භාරයේ ය. “සාහිත්‍යය කන්නදැයි” ඇසු රාජ්‍ය නායකයින් “මරමු” යැයි තාප්ප වල ලියු විමුක්තිකාමීන්ගේ බැටළු හම රේගුව විසින් ගලවා තිබේ. සාහිත බලකණු යැයි අප සිතා සිටි අවස්ථාවාදී ”කලා රිටවල්” ජන නියමු නමින් කොඳු බිඳුණු “වොයිස් කට්” දෙනු ඇසේ. මංජුල වෙඩිවර්ධන, ශක්තික සත්කුමාර, කේ.කේ ශ්‍රීනාත් යන ලේඛකයින්ට එරෙහි වාරණ හමුවේ භාෂණයේ සහ ප්‍රකාශනයෙහි නිදහස ගැන පම්පෝරි ගැසූ සාහිත ඔස්තාද්ලාගේ මුඛවල් මේ මොහොතේ පුට්ටු වී ඇත. “මගේ මනසෙහි වචන බවට පත් කළ යුතු බොහෝ දේ තිබේ, ලිවීම වෙනුවෙන් මට බලා සිටිය නොහැක.” එසේ කියන දීපච්චෙල්වන්ගේ පොත් ගෙවී ගිය ලෝක පොත් දිනයේත් (අප්‍රේල් 23) හිරගත ය. ඉදින්, මේ ආණ්ඩුවත් වෙන ආණ්ඩුත් අතර ඇති වෙනස කුමක්ද?

ජනබලවේග ආණ්ඩුව සයනයිඩ් සහ ත්‍රස්තවාදියා යන මුද්‍රිත දමිළ අකුරු ටිකටත්, “මම ලේඛනය තුළින් යුධ වදිමි” යන දීපචෙල්වන්ගේ වචන ටිකටත් බියෙන් හිරිවැටී ඇති බව පෙනේ. එහෙව් පසුබිමක ලොව දරුණුම ත්‍රස්ථවාදී සංවිධානය ලංකාවේ සක්‍රීයව පැවති සමයේ වෙන ආණ්ඩුවක් නැතිව මේ ආණ්ඩුව තිබුණානම් වෙන හරිය අපට සිතාගත හැකිය. ලෝක සාමය සඳහා පාගමනක යෙදෙන ආලෝකා නම් සුනඛයාට ලැබෙන තරම්වත් ආරක්ෂාවක්, සැළකිල්ලක් හෝ මාධ්‍ය ආවරණ‍යක් මේ රටේ භාෂණයට හෝ ප්‍රකාශනට නැත. මේ ආණ්ඩුව පැමිණියේ වෙන ආණ්ඩුවල වූ දේවල් වලට දොස් නඟ, නඟා ඒවාම කරන්නට වග ඔවුන් අපට දිනෙන්, දින ඔප්පු කරමින් සිටී.

Latest news

විනිසුරුවරුන්ගේ විශ්‍රාම කාලය දිර්ඝ කිරිම වංචනිකයි

විනිසුරුවරුන්ගේ විශ්‍රාම කාලය දිර්ඝ කිරිම වංචනිකයි ආණ්ඩුව ක්‍රියාත්මක කිරිමට නියමිත විනිසුරුවරුන්ගේ විශ්‍රාම කාලය දිර්ඝ කිරිමේ ව්‍යවස්ථා සංශෝධනයට නිතීඥ ක්ෂේතුයේ දැඩි...

ඕස්ට්‍රේලියානු පුරවැසි ශ්‍රී ලාංකික තරුණයා මාස තුනක් හිරේ

ඕස්ට්‍රේලියානු පුරවැසි ශ්‍රී ලාංකික තරුණයා මාස තුනක් හිරේ ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බන් නුවර දුම්රියක් තුළ ගමන් ගත් මඟියකුගේ හිසට බෝතලයකින් පහර දීමේ...

ජනාධිපති මන්දිර දේශපාලන හිතවතුන්ට සැප ගන්න දීලා

ජනාධිපති මන්දිර දේශපාලන හිතවතුන්ට සැප ගන්න දීලා රටපුරා ඇති ජනාධිපති මන්දිර තම පාලන කාලය තුළ සිය වුවමනාවන් සදහා භාවිතා නොකරන...

හිටපු පොලිස්පතිවරයාගේ අවමංගල්‍යයට පොලිස් ගෞරව

හිටපු පොලිස්පතිවරයාගේ අවමංගල්‍යයට පොලිස් ගෞරව මෙරට 35 වැනි පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ සී.ඩී. වික්‍රමරත්නගේ අවසන් කටයුතු පොලිස් ගෞරව සහිතව...
- Advertisement -spot_img

ජනාධිපති මන්දිර දේශපාලන හිතවතුන්ට සැප ගන්න දීලා

ජනාධිපති මන්දිර දේශපාලන හිතවතුන්ට සැප ගන්න දීලා රටපුරා ඇති ජනාධිපති මන්දිර තම පාලන කාලය තුළ සිය වුවමනාවන් සදහා භාවිතා නොකරන...

රසකාරක නැති චිකන් සීසනින් කියුබ්

රසකාරක නැති චිකන් සීසනින් කියුබ් - Chicken seasoning Cube චිකන් සීසනින් කියුබ් (Chicken seasoning Cube) කියන්නෙ මේ වෙනකොට ගෘහණියන්ට කෑම...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you