Uncategorizedඔයාට තරම් ඔයාව බලාගන්න වෙන කාටවත් බෑ

ඔයාට තරම් ඔයාව බලාගන්න වෙන කාටවත් බෑ

-

spot_img

ඔයාට තරම් ඔයාව බලාගන්න වෙන කාටවත් බෑ – Ananya Panday

අනන්‍යා පාණ්ඩේ යනු සමකාලීන බොලිවුඩයේ වඩාත්ම ජනප්‍රිය නිළියන්ගෙන් කෙනෙකි. ඉන්දීය නළු චන්කි පාන්ඩේ සහ භාවනා පාන්ඩේගේ දියණිය ලෙසින් බොලිවුඩයට පා තැබූ අනන්‍යා සිය පවුල් පසුබිම මත පමණක් රඳා නොසිට බොලිවුඩය තුළ තමන්ගේම අනන්‍යතාවයක් ගොඩනගා ගත්තාය. ඇය රඟපෑ Student of the year 2, Kho Gaye Hum Kahan, Dream Girl 2 ,Gehraiyaan, Pati Patni Aur Woh වැනි චිත්‍රපට බෙහෙවින් ජනප්‍රිය වූ අතර ෆිල්ම් ෆෙයාර් ඇතුළු සම්මාන වලින් පිදුම් ලැබීමටත් ඇය සමත් වුණා. එමෙන්ම අනන්‍යාගේ විලාසිතා, lifestyle එක නව පරම්පරාව අතර බෙහෙවින් ජනප්‍රියයි.

නිළියක වීමේ උමතුව කුඩා කාලයේ සිටම තමන් තුළ තිබූ බවයි අනන්‍යා පාන්ඩේ පවසන්නේ. කුඩා අවධියේදී ඈ ජනප්‍රිය බොලිවුඩ් සිනමාපටවල ගීතවලට නැටූ අතර ඇගේ පියා ඒ නැටුම් වීඩියෝ කර එකතු කළේය. දියණිය බොලිවුඩයේ ජනප්‍රිය තාරකාවක් වනු දැකීම ඔහුගේ සිහිනය වන්නට ඇත.

Ananya Panday

“ඒ වුණාට ටික ටික ලොකු වෙනකොට මම හරිම ලැජ්ජාශීලී කෙල්ලෙක් වුණා. ඉස්කෝලෙ කොන්සර්ට්වල මම හිටියෙ පිටිපස්සෙ පේළියේ, කැමැත්තෙන්ම. මම මගේ හීනය ගැන ගොඩක් බය වුණා. නිළියක් වෙන්න ආස වුනත් මට ඒ දේ කරන්න බැහැ කියන බය තිබුණා.”

ඕනෑවට වඩා සිතීමට පටන් ගත්විට ඔබ ඔබවම අවුල් කර ගන්නා බවයි ඇය පවසන්නේ. වසර ගණනාවක්ම කවුරුත් ඇයව ගණන් නොගන්නා බව අනන්‍යා සිතා සිටියාය.

“මම ඉස්සරහ පේළියෙ නැටුවොත් මිනිස්සු, ‘අනේ දෙවියනේ, එයාට කවදාවත් බොලිවුඩ් නිළියක් වෙන්න නම් බැහැ මොකද එයාට නටන්න බැහැනේ’, එහෙම නැත්තං මම විභාගෙ අවුල් කරගත්තම ‘ කොහොමද එයා නිළියක් වෙන්නෙ. මේ තරං ලේසි විභාගයක්වත් පාස් කරගන්න බැරුව’ වගේ කතා කියයි කියල හිතුණා. මිනිස්සු මොනව කියාවිද කියන බය මට හැමතිස්සෙම තිබුණා. බෝයි ෆ්‍රෙන්ඩ් කෙනෙක් ආශ්‍රය කරද්දි වුණත්. ඔහු මට මගෙ වැරදි පෙන්නුවත් අනිත් මිනිස්සු ඒ දේවල් දකිනවට මම අකමැති වුණා. කවුරු හරි මාව judge කරනවට මම බයයි. එතකොට මට මම ගැන බයක් අවතක්සේරුවක් දැනෙන්න ගන්නව.” 

Ananya Panday

කෙසේ වෙතත් මේ සියලු අභියෝග මධ්‍යයේ වුව ඇය බොලිවුඩයේ ජනප්‍රිය තාරකාවක් බවට පත්වූවාය. එය සමහරුන්ගේ අදහස් ගැන කරදර නොවී ආ ගමනකි.

“බොලිවුඩයේ මම වෙනස් කරන්න කැමති දෙයක් තමයි චිත්‍රපටයක් කියන්නෙ නළු නිළියො විතරක්ම නෙමේ. තිරය පිටිපස්සෙ ලොකු කණ්ඩායමක් ඉන්නව. එයාල ගොඩක් මහන්සි වෙනව. ඒ අය ගැන ගැන මීට වඩා සැළකිලිමත් වෙන්න ඕනෙ. විශේෂයෙන් කාර්ය මණ්ඩලය සඳහා. අපි සවස 6 ට රූගත කිරීම් අවසන් කර උදේ 6 ට පටන් ගත්තොත් ටීම් එක පාන්දර 4 ට ඇවිල්ලා රෑ 10 ට ගෙදරට යන්න ඕනෙ. එයාලට විවේක ගන්න කාලයක් නෑ. මම කියන්නෙ ඒ අයගෙ සෞඛ්‍යය වැදගත්. ගෙවීම් ගැන කතා කරොත්, ඒක නං ඉතිං…. මම ඒක තවදුරටත් පැහැදිලි කරන්නේ නැහැ.”

නිළියක් වූ විට ඇගේ ජීවිතයට සතුට නැවත පැමිණියේය. දැන් ඇයට නැවතත් ළමා කාලයට ගියාක් මෙන් දැනේ. රාත්‍රී හතට ස්නැක් එකක් ගන්නා ඇයට, පාන්දර පහට අවදි වීම, ලෝනාවාලා වෙත රිය පැදවීම, පැය 12 ක් රූගත කිරීම් සමගින් අතිශය කාර්යබහුල දින චරියාවක් ගෙවීමට සිදුවී තිබේ.

“ඉතින්, නිවාඩු දවසක, මම පුළුවන් තරම් පරක්කුවෙලා ඇහැරෙනවා. උදේ 11 හෝ 12 වගේ. ඊට පස්සෙ exercise කරනවා. සමහර වෙලාවට කරන්නෙ නෑ. ඊට පස්සේ පත්තර බලනවා. මම හැමදාම පත්තර බලන්න කැමතියි. ඊළඟර භාවනා කරලා යාච්ඤා කරනවා. මට තනියම ඉන්න පැයක් හරි දෙකක් හරි ඕනෙ. පොතක් කියවනවා, චිත්‍රපටයක් බලන්න වගේම මගෙ බව්වො හතර දෙනත් එක්ක සෙල්ලම් කරන්න.” 

Ananya Panday

Riot, Honey & Thumper, Astro නැමති අනන්‍යාගේ බව්වන් හතරදෙනා ඇගේ ජීවිතය සතුටින් පුරවයි. ඔවුන් නිසා ඈට තනිකමක් දැනෙන්නේ නැත.

“මම කලින් තනියෙන් ඉන්න බය කෙනෙක්. විනාඩි 10ක්වත් තනියෙන් ඉන්න බයයි. මට කවුරුහරි, පාට්නර්, දෙමාපියන්, යාළුවො ඕනෙ වුණා. ඒත් මම තනියම ජීවත් වෙන්න පටන් ගත්තම, මම මගේ අම්මල ඉන්න ගොඩනැගිල්ලේම හිටියත්, මගේ පොඩි ඉඩ ප්‍රමාණය හැම දෙයක්ම වෙනස් කළා. තමන්ගෙම පරිසරයක් හදා ගැනීම සහ මගෙම විදිහට ජීවත් වෙන්න ලැබීම ගොඩක් දේවල් වෙනස් කරා. දැන් මම තනියම ඉන්න කැමතියි.”

තනිව ජීවත් වීමත් සමඟ ඇයට වැඩිපුර කියවීමට, බොහෝ විට එකවර පොත් දෙකක් කියවීමට, වැඩිපුර චිත්‍රපට නැරඹීමට සහ බව්වන් සමඟ සෙල්ලම් කිරීමට ඕනෑ තරම් වෙලාව ලැබී ඇතිවාක් මෙන්ම ඒ හේතුවෙන් ආදර සම්බන්ධතා පිළිබඳ පෙර පැවති අදහස්ද වෙනස් වී ඇත.

Ananya Panday

“අතීත සබඳතාවලදී, අනෙක් පුද්ගලයා මට වඩා එයා කැපිලා පේනවට මම කැමතියි. ඔහු වෙනුවෙන් මම මාව වෙනස් කර ගන්නවා. එයා වගේ වෙනවා. නමුත් මට දැන් හිතෙනව කවුරුහරි මාව වෙනස් කරන්න, මට බලපෑම් කරන්න ඉඩ නොදෙන්න කලින්ම ඉගෙන ගත්තනං කියලා. ඒ අවබෝධය මට කලින්ම ලැබුනනං…”

අරුන්දතී රෝයි ඇගේ ප්‍රියතම ලේඛිකාවන්ගෙන් කෙනෙකි. අනන්‍යා පොත් කියවීමට බොහෝ කැමතිය. Instagram ඔස්සේ ඇය තමන් කියවන පොත් නිරතුරුව රසිකයින් සමග බෙදා ගනියි. කුඩා කල සිටම එය ඈ සතුවූ ඇබ්බැහියකි.

“ඔයා දන්නවාද? ඔයාට නිකංම සතුටින් ඉන්න බෑ. ඔයා සතුටින් ඉන්න මනස පුරුදු කරගන්න ඕනෙ. වෙන විකල්පයක් නෑ. ඔයාට තරම් කාටවත් බෑ ඔයාව සමීපව නිරීක්ෂණය කරන්න. ඔයා තමයි ඔයා ගැන හොඳින්ම දන්නෙ”

Indian Express ඇසුරිනි –

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest news

ළමුන් ලක්ෂ දෙකහමාරකට වඩා පාසල් හැරගිහින්

ළමුන් ලක්ෂ දෙකහමාරකට වඩා පාසල් හැරගිහින් 2018 සිට 2024 වර්ෂය දක්වා කාලය තුළ පාසල් හැරගිය ළමයින් 267,138 දෙනෙකු වාර්තා වී...

එල් නිනෝ ලංකාවට එන හැටි

එල් නිනෝ ලංකාවට එන හැටි - El Nino එල් නිනෝ යනුවෙන් හඳුන්වන්නේ මධ්‍යම හා නැගෙනහිර පැසිෆික් කලාපයේ සාගර ජලය මතුපිට...

කොළඹ මහල් නිවාස විසි හතම අපායවල්

කොළඹ මහල් නිවාස විසි හතම අපායවල් කොළඹ මහල් නිවාස විසි හතම අපායන් බවත් ඒවා මිනිසුන්ට ජීවත් විය හැකි පරිදි සකස්...

ට්‍රම්ප්ගෙන් ලංකාවට අලුත් බද්දක්?

ට්‍රම්ප්ගෙන් ලංකාවට අලුත් බද්දක්? රජයේ ආර්ථික කළමනාකරණය ගැන විශ්වාසය ගිලිහී යෑම නිසා රුපියල මත පවතින පීඩනය තවදුරටත් ඉහළ යා හැකි...
- Advertisement -spot_img

කොළඹ මහල් නිවාස විසි හතම අපායවල්

කොළඹ මහල් නිවාස විසි හතම අපායවල් කොළඹ මහල් නිවාස විසි හතම අපායන් බවත් ඒවා මිනිසුන්ට ජීවත් විය හැකි පරිදි සකස්...

රසට සුවඳට මට්න් බිරියානි

රසට සුවඳට මට්න් බිරියානි - Mutton Biriyani මට්න් බිරියානි කන්න කවුද අකමැති? සාමාන්‍යයෙන් ගොඩක් අය මට්න් බිරියානි එකක් කන්න හිතුනම...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you