Travelඅභය භුමි මැදින් විශ්මිත සවාරියක්

අභය භුමි මැදින් විශ්මිත සවාරියක්

-

spot_img

අභය භුමි මැදින් විශ්මිත සවාරියක් – Habarana Jeep Safari

නිවාඩුවක් ලැබුණු සැණින් බොහෝ දෙනා සූදානම් වන්නේ පවුලේ සියලු දෙනා සමග එකට එකතු වී විනෝද චාරිකාවක් යන්නයි. අවුරුදු උණුසුමත්, වෙසක් උදාවත් සමඟ කොයි කවුරුත් තම තමන්ගේ නිවාඩුව ගත කරන ස්ථාන දැනටමත් සූදානම් කරගෙන සිටිනු නිසැකය. මේ කොයි කාටත් මෙම නිවාඩු කාලේ ඔබේ මතකයේ රැඳෙන සුන්දර නිවාඩු කාලයක් වන අයුරින් අගනා අවස්ථාවක් හඳුන්වාදීමට අප සිතුවා. බොහෝ දෙනා වැඩි වශයෙන්ම කැමැත්ත දක්වන්නේ තම නිවාඩුව වන සතුන් නරඹමින් විශේෂයෙන් වල් අලින්ගේ චර්යාවන් බලමින්, සොබාදහමත් සමඟ සොඳුරු දිනයක් ගත කිරීමටයි. මේ දේවල්වලට පුංචි දූ දරුවන්ද වැඩි ප්‍රියතාවක් දක්වනවා. 

Habarana Jeep Safari

 

මෙවන් සංචාරයක් රිසිසේ විඳගැනීමට ඔබට වඩාත් වැදගත් වන්නේ පහසුකම් සහිත වාහනයක්. එනම් මෙම සංචාර සඳහා බෙහෙවින්ම ජීප් සෆාරි විශේෂයෙන්ම වැදගත් වෙනවා. තමන්ගේ පෞද්ගලික වාහනයක යනවාට වඩා ආරක්‍ෂාව සපිරුණු වගකීමක් ඇති ගමන් කළ යුතු මාර්ග පිළිබඳ මනා අවබෝධයක් ඇති ඒ වගේම වන සතුන් ග්‍රහණය වූ ප්‍රදේශ පිළිබඳවද මනා අවබෝධයක් ඇති වාහනයකින් ගමන් කිරීමට ඔබටත් ඇත්නම් එය කෙතරම් නම් වටින්නේද? මේ සඳහා වන සත්ව උද්‍යානවල සංචාරය කරන ජීප් සෆාරි ඔබ නොයෙකුත් දැක ඇත. එහෙත් ඔබ නොදන්නා කාරණාවක් ඇත. මේ සෑම ජීප් එකකම ගමන් කිරීමට යෝග්‍යතාවෙන් හෝ වගකීමක් සහිත ද යන්න බැලීම වටී. මෙවර ඔබගේ නිවාඩුවට ජීප් සෆාරියක් යෑමට සිතන්නේ නම් ඒ සඳහා වගකීමෙන් පිරුණු ඔබගේ ජීවිතවලට රක්ෂණයක් සහිත ජීප් සෆාරියක් හඳුන්වාදීමට අප සිතුවා. මෙය හබරණ ප්‍රදේශයේ සිට ජීප් සෆාරි යන ඔබට ඉතා වැදගත් වනු ඇත.

Habarana Jeep Safari

හබරණ එක්සත් ජීප් සෆාරි 1990 දී පමණ පිහිටුවා ගත් සංගමයක්. මෙහි සාමාජිකයන් සංඛ්‍යාව 54ක් වන අතර මෙහි ඇති ජීප් රථ ප්‍රමාණය 36කි. මෙහි සභාපති වන්නේ කුමාර නිහාල් මහතායි. මෙම ජීප් සෆාරියකට සුවිශේෂිතා බොහොමයක් තිබෙනවා.මෙහි ඇති ජීප් රථ ටුවීල්, ෆෝවීල්, හයිලැක්ස් (ජපන් සුඛෝපභෝගී) සෆාරි ජීප් රථයි. මෙම ජීප් රථ ධාවනය කරන සියලුම රියැදුරන් මනා පුහුණුවකින්ද යුක්තයි. එනම් විනීත බව, පළපුරුදු බව, වන සතුන් පිළිබඳ මනා දැනුම, මාර්ග පිළිබඳ දැනුම, හදිසි අවස්ථාවකදී තීරණ ගැනීමේ අවබෝධය, ප්‍රථමාධාර පිළිබඳ දැනුම ඇතුළු බොහොමයක් පිළිබඳ ඔවුන්ට මනා අවබෝධයක් තියෙනවා. ඒ වගේම ඔවුන්ටම හිමි නිල ඇඳුමක් පැවතීමද විශේෂිතයි. මේ සියල්ලටම වඩා ඔවුන් ඔබගේ ජීවිත පිළිබඳ සිතා කටයුතු කිරීම ඉතා වැදගත් කරුණක් වෙනවා. සියලුම ජීප් රථවල ගමන් කළ හැකි ප්‍රමාණය හයකි. එක් සංචාරකයකුට රුපියල් ලක්ෂ පහක රක්ෂණයක්ද ලබා දී තිබෙනවා.

Habarana Jeep Safari

ඔබ ජීප් රථයට ගොඩ වූ මොහොතේ සිට අවසානය දක්වා සෑම අතින්ම ආරක්ෂා කිරීමට ඔවුන් බැඳී ඇති බවයි සභාපති කුමාර මහතා අප හා පවසා සිටියේ . ඒ වගේම එක් ගමන් වාරයක් ගිය පසු නැවත ජීප් රථය සම්පූර්ණයෙන්ම සෝදිසි කර බැලීමටද ඔවුන් කටයුතු කරනවා. මෙවන් ජීප් සෆාරියක් සංචාරය කරන විට අතරමැදදී වාහනය යම් ආබාධයකට ලක් වුවහොත් සැණෙකින් වෙනත් ජීප් රථයක් ලබාදීමටද මොවුන් කටයුතු කරනවා. ඒ තුළින් ඔබ බලාපොරොත්තු වූ ජීප් සෆාරිය ප්‍රීතියෙන් යුතුව අවසන් කරන්න හැකි වෙනවා.

Habarana Jeep Safari

මෙම සෆාරි ජීප් රථ තුළින් මින්නේරිය, කවුඩුල්ල, විල්පත්තුව, සීගිරිය, රිටිගල, පිදුරංගල, එකෝ පාර්ක්, ඇතුළු ඕනෑම ප්‍රදේශයකට සංචාරය කළ හැකියි. එසේම කුරුල්ලන් නැරැඹීමට හෝ වෙනත් ප්‍රදේශයකට ජීප් සෆාරියක් යාමට අවශ්‍ය නම් ඒ සඳහාද පහසුකම් තියෙනවා. ඔබත් සියලු ආරක්ෂාව සහිතව තමන්ට සිතැඟි පරිදි සොඳුරු නිවාඩුවක් ගත කිරීමට මෙවර එක්සත් ජීප් සෆාරි සමඟ සංචාරය කරන්න.

thulana-travel-to-sembuwaththa
සටහන සහ ඡායාරූප – ශාන් බන්දු වීරසිංහ
Habarana Jeep Safari
කුමාර නිහාල් (සභාපති) හබරණ එක්සත් ජීප් සෆාරි 0772270090/ 0773155044

 

 

Latest news

එල් නිනෝ ලංකාවට එන හැටි

එල් නිනෝ ලංකාවට එන හැටි - El Nino එල් නිනෝ යනුවෙන් හඳුන්වන්නේ මධ්‍යම හා නැගෙනහිර පැසිෆික් කලාපයේ සාගර ජලය මතුපිට...

කොළඹ මහල් නිවාස විසි හතම අපායවල්

කොළඹ මහල් නිවාස විසි හතම අපායවල් කොළඹ මහල් නිවාස විසි හතම අපායන් බවත් ඒවා මිනිසුන්ට ජීවත් විය හැකි පරිදි සකස්...

ට්‍රම්ප්ගෙන් ලංකාවට අලුත් බද්දක්?

ට්‍රම්ප්ගෙන් ලංකාවට අලුත් බද්දක්? රජයේ ආර්ථික කළමනාකරණය ගැන විශ්වාසය ගිලිහී යෑම නිසා රුපියල මත පවතින පීඩනය තවදුරටත් ඉහළ යා හැකි...

හොර පාරේ යන වැඩිහිටි නිවාස 320 ක්

හොර පාරේ යන වැඩිහිටි නිවාස 320 ක් වැඩිහිටි නිවාස ලියාපදිංචි කළ යුතු බවට ගැසට් නිවේදනය නිකුත් කර වසර දොළහකට වැඩි...
- Advertisement -spot_img

ට්‍රම්ප්ගෙන් ලංකාවට අලුත් බද්දක්?

ට්‍රම්ප්ගෙන් ලංකාවට අලුත් බද්දක්? රජයේ ආර්ථික කළමනාකරණය ගැන විශ්වාසය ගිලිහී යෑම නිසා රුපියල මත පවතින පීඩනය තවදුරටත් ඉහළ යා හැකි...

හොං හොයපු රස්සාව – Selling is like Acting

හොං හොයපු රස්සාව - Selling is like Acting හොං සුවිසල් සාප්පු සංකීර්ණයේ කවුන්ටරය පිටුපස සිටගෙන ඇයව පසුකර යන අය දෙස...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you