Interviewsඅපේ ගෙදර කිසිම දෙයක් තහනම් නෑ

අපේ ගෙදර කිසිම දෙයක් තහනම් නෑ

-

spot_img

අපේ ගෙදර කිසිම දෙයක් තහනම් නෑ – Suniel Shetty 

90 දශකයේ බොලිවුඩ් ක්‍රියාදාම චිත්‍රපටවල වීරයා ඔහුයි. මතක හිටින රංගනය, සටන් නිසාවෙන් රසික සිත්හි ලැගුම් ගත් සුනිල් ෂෙට්ටි පවසන්නේ අතීතයේදී තමා සිය පෙනුම පිළිබඳ එතරම් උනන්දු නොවූ බවයි. නමුත්, මේවන විට හැට හතර හැවිරිදි සුනිල් ෂෙට්ටිගේ කඩවසම් පෙනුම ගැන රසිකයින් විස්මය පළ කරනවා. රංගනය, චිත්‍රපට නිෂ්පාදනයට අමතරව ඔහු නිරෝගී කඩවසම් පෙනුමක් පවත්වා ගන්නා අන්දම ගැන සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රේක්ෂකයින් දැනුවත් කිරීමට කටයුතු කරනවා. බිරිඳ මානා ෂෙට්ටි, පුතා අහාන් ෂෙට්ටි සහ දියණිය ආතියා ෂෙට්ටි ඔහුගේ මුළු ලෝකයම වන අතර ඔහු හැඳින්වෙන්නේ තම පවුලට අතිශයන් ආදරය කරන රංගන ශිල්පියෙක් වශයෙන්. 

Suniel Shetty

• වයස කියන්නෙ අංකයක් විතරයි කියලා ඔබ කියනව. අවුරුදු 21 ක් තරමට ඔබ තරුණයි. මොකක්ද රහස?

ගොඩක් අය මේක දන්නෙ නැහැ. නමුත් නිරෝගී සිරුරක් ලබා ගන්න වැදගත්ම දේ තමයි ආහාර පුරුදු. ඔයාට ඇලර්ජි දේවල් මොනවද, ඉක්මන්ට මහත් වෙන්නෙ මොනව කෑවමද මේ වගේ දේවල් ගැන අවබෝධයක් තියා ගන්න එක අත්‍යවශ්‍යයි. මගේ රහස තමයි ව්‍යායාම සහ සෞඛ්‍යය සම්පන්න ආහාර. මේ දෙක අනිවාර්යයෙන්ම බැලන්ස් කරන්න ඕනෙ. ව්‍යායාම විතරක් කරලා කෑම බැලන්ස් නොකරොත් ඵලක් නැහැ. මම ස්වභාවික දේවල් කෑමට ගන්නවා. සියලු ආකාරයේ ක්ෂණික ආහාරවලින් ඈත් වෙලා ඉන්නව. සාමාන්‍යයෙන් මම ලොකු බ්‍රෙක්ෆස්ට් එකක් ගන්නව. ඩිනර් එක පොඩියට ගන්නෙ. ගොඩක් පලතුරු කනවා.

Suniel Shetty

• Mission Fit India ගැන අපිට කියන්න.

මගේ ජීවිතයට සහ නිරෝගී සිරුරට මම ණයගැතියි. Fitness ගැන මම සැලකිලිමත් වුණත් අපේ රටේ මිනිස්සු තවම ඒ ගැන ලොකු උනන්දුවක් නැහැ. මට මේක වෙනස් කරන්න උවමනායි. මිනිස්සු තමන්ගෙ සිරුර ගැන සැළකිලිමත් වෙනව දකින්න. මේක රැල්ලක් කරන්න ඕන. මේ උත්සාහය ඒ වෙනුවෙන්.

• ඉන්දියානුවන්ට මේ පණිවිඩය දෙන්නෙ කොහොමද?

පුහුණුව මගින්. ගුවන් විදුලි වැඩසටහන්, මුද්‍රිත මාධ්‍ය හරහා නගර 43 කට ආසන්න සංඛ්‍යවක් ඉලක්ක කරලා තියෙනවා. ඒ වෙනුවෙන් විශේෂඥ කණ්ඩායමක් යොදවල තියෙන්නෙ. ඔවුන් මේ රටේ ඕනම කෙනෙක්ට fitness කියන්නෙ හිතන තරම් අමාරු දෙයක් නොවන බව කියලා දේවි.

• Swasth Bharat campaign එකේ අරමුණ මොකක්ද?

අගමැති නරේන්ද්‍ර මෝදිගේ Swasth Bharat campaign ට මම කැමතියි. මම විශ්වාස කරනව පිරිසිදුකම තමයි යහපැවැත්මේ ඇරඹුම කියල. මගේ අරමුණ වුණේ ශරීරය නිරෝගීනම් විතරයි මනස නිරෝගී වෙන්නෙ කියන දේ වටහල දෙන එක. මිනිස්සුන්ට fitness සහ wellness අතර බැඳීම කියල දෙන්නත් ඔවුන් වඩාත් දැනුවත් කිරීමට සහ නිරෝගී කිරීමත් අවශ්‍යයි. ඒ වගේම මේක මගේ reality show එකටත් සම්බන්ධයි.

Suniel Shetty

• ඔබේ fitness routine එක විස්තර කරොත්?

වයසට යනකොට අපි fitness routine එකක් සහ diet එකක් හදාගන්න ඕනෙ. වයසට යනකොට මාංශපේශි ඉක්මන්ට හැකිලෙන්න ගන්නව. මම සතියකට අවම වශයෙන් දින හයක්, දවසට පැයක් යෝග කරනවා. Gym එකට යනවා. විනාඩි 45 ක් විතර ව්‍යායාම කරනවා. වයසට යනකොට කලින්ට වඩා ඇඟ ගැන හිතන්න ඕනෙ සහ රැක බලාගන්න ඕනෙ.

• ඔබේ දරුවන්ටත් fitness ගැන ඉගැන්නුවද?

අනිවාර්යයෙන්ම. එයාල පුංචි කාලෙ ඉඳන්ම ව්‍යායාම් කරන්න, ක්‍රීඩාවක යෙදෙන්න පුරුදු කරා. ඔවුන් ගොඩක් ක්‍රීඩා කරා. ඒ වගේම සටන් කලා පුරුදු වුණා. අහාන් අවුරුදු 12 දීම පටන් ගත්තා. ආතියා නම් ළඟදි තමයි ඔය ගැන වැඩිපුර සැළකිලිමත් වෙන්න ගත්තෙ.

• ඔබ හිතන්නෙ ඔබ හොඳ තාත්තා කෙනෙක්ද? දෙමව්පියො විදිහට ඔබ සහ මානා ගැන කිව්වොත්?

මම කැමතියි මම හොඳ තාත්තා කෙනෙක් කියලා හිතන්න. මානායි මමයි හැම තිස්සෙම දරුවො ආරක්ෂා කරා. දිරිගැන්වුවා වගේම අපි හතර දෙනාට ඕනම දෙයක් විවෘතව කතා කරන්න පුළුවන්. දරුවො එක්ක අපේ බැඳීම සම්ප්‍රදායික මා පිය දූ දරු බැඳීමකට වඩා වෙනස්. අපි යාළුවො වගේ. අන්‍යෝන්‍ය ගෞරවය වගේම හොඳ සන්නිවේදනයක් තියෙනව. පවුල තුළ ඔබ කරන දේවල් ගැන ප්‍රවේශම් සහගත විය යුතුයි සහ දැනුවත්ව සිටිය යුතුයි. එච්චරයි.

• ඔබ ඔබේ දරුවන්ට හැදී වැඩෙන විට ඉගැන්වූ වටිනාකම් මොනවාද?

මගේ දරුවො හොඳට හැසිරෙනව කියල මට විශ්වාසයි. ඔවුන් කිසි විටෙකත් කිසිවෙකුට නරක විදිහට සලකන්නේ නැහැ. මේ තැනට එන්න මම ගොඩක් මහන්සි වුණා. දේවල් අපිට බන්දේසියක තියලා ලැබෙන්නෙ නැහැ. මම නිසා ඔවුන්ට විශේෂ සැලකිලි ලබා දෙන්න වැඩ කරලා නැහැ. ඒ වගේම එයාලා දන්නවා එයාලට සැමවිටම මම ඉන්න බව. අවංකවම, මට ඕනෙ මගේ දරුවො මගේ කැපවීම සහ ආචාර ධර්ම උකහා ගන්නව දකින්න. ආතියා මම වගේමයි.

Suniel Shetty

• ඔබ ආතියාට චිත්‍රපට උපදෙස් ලබා දෙනවාද?

මම ඇයට ඉඳහිට උපදෙස් ලබා දෙනව. ඒත් මම කැමති ඇය දේවල් තනියෙන් ඉගෙන ගන්නවට. ඇගේම තීරණ ගන්න මම ඇයව දිරි ගන්වනවා. අපේ ගෙදර ඕනම දෙයක් කතා කරන්න පුළුවන්. කිසිම විෂයක් තහනම් නෑ.

• වර්තමාන තරුණයින්ගේ ජීවන රටාව පිළිබඳ ඔබේ අදහස මොකක්ද සහ ඔබ ඔවුන්ට දෙන උපදෙස් මොනවද? 

Suniel Shetty

අලුත් පරම්පරාවෙ ගොඩක් අය fitness ගැන හිතනව. විශේෂත්වය තමයි ඔවුන් මේ ගැන නිතරම කනස්සල්ලට පත් වෙනව. මේකට හේතු තමයි අරමුණක් නැති එක, නිසි මඟ පෙන්වීමක් නැතිකම සහ කාලය මදිකම. නමුත්, ඔවුන්ට මට කියන්න තියෙන්නෙ ඔයාට තියෙන්නෙ එක ඇඟක් විතරයි. සැහැල්ලු ව්‍යායාමයක් කරන්න. සෞඛ්‍ය සම්පන්න ආහාර රටාවකට මාරු වෙන්න. මේකෙන් ගොඩක් දේවල් වෙනස් කරන්න පුලුවන්.

• ඔබ සමාජ මාධ්‍යවලට අකමැතියි කියලා ප්‍රසිද්ධයි. දරුවන්ට අන්තර්ජාලයේ සහ සමාජ මාධ්‍යවලින් සිදුවෙන බලපෑම ගැන ඔබේ අදහස් මොනවාද?

මම කලින් පසුබට වුණා. කෙසේ වෙතත්, මම දැන් සමාජ මාධ්‍යවල බලය අවබෝධ කරගෙන තිබෙනවා. ඒක මගේ අදහස් සහ කථා බෙදා ගැනීමට මාර්ගයක් පමණක් නොව, ඒවා හරහා මට මිනිසුන්ට ධනාත්මකව බලපෑම් කළ හැකි බව මම තේරුම් ගෙන තිබෙනවා. #MissionFitIndia සහ #SwasthBharat කියන්නෙ අන්තර්ජාලය ඔස්සේ විශිෂ්ට පණිවිඩයක් ප්‍රචාරය කරන්න පුලුවන් විදිහ ගැන උදාහරණ දෙකක්.

• පවුලක් විදිහට එකට කාලය ගත කරන්නෙ කොහොමද?

මගේ ක්‍රමය නම්, කරන ඕනෑම දේකට පවුලේ අය සම්බන්ධ කර ගැනීමයි. අපි හැමෝම එකට වැඩ කරනවා. කෙනෙක් යමක් භාර ගන්නවා, තව කෙනෙක් තවත් දෙයක් කරනවා, ඒ වගේ. මම මගේ දරුවන් වෙනුවෙන් චිත්‍රපට නිෂ්පාදනය කිරීමට සැළසුම් කරනවා. තරඟයක් නැරඹීම හෝ එකට කෑම ගැනීම වගේ සරල දේවල් වලින් අපි සතුටු වෙනවා. ඒක එකිනෙකාගේ ඇසුරෙන් සතුටුවීම සහ ආදරේ පිරුණු කාලයක් ගත කිරීම තමයි.

_ parent circle ඇසුරිනි –

Latest news

මෙනින්ජයිටීස් රෝගීන්ගේ ව්‍යාප්තිය ඉහළ යයි

මෙනින්ජයිටීස් රෝගීන්ගේ ව්‍යාප්තිය ඉහළ යයි - Meningitis මොළය වටා ඇති මෙනින්ජීස් නමැති පටලවල ඇතිවන ආසාදන තත්වය අනුව වයිරස්, බැක්ටීරියා සහ...

ඩොලරය සමඟ බඩු මිලත් අහස උසට

ඩොලරය සමඟ බඩු මිලත් අහස උසට - Rupee depreciation ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල වේගයෙන් අවප්‍රමාණය වීම නිසා අත්‍යවශ්‍ය...

සයිබර් අපරාධ සීඝ්‍රයෙන් ඉහළට

සයිබර් අපරාධ සීඝ්‍රයෙන් ඉහළට දිනෙන්  දින වැඩිවෙමින් පවතින සයිබර් අපරාධ හමුවේ ඒ සම්බන්ධයෙන් වන මහජන පැමිණිලිද වැඩි වෙමින් පවතින බව...

නොගෙවූ ආදායම් බදු වලට මාස හයක සහන කාලයක්

නොගෙවූ ආදායම් බදු වලට මාස හයක සහන කාලයක් - Income Tax මෙතෙක් ආදායම් බදු නොගෙවු අය මාස හයක් ඇතුළත ඒ...
- Advertisement -spot_img

සයිබර් අපරාධ සීඝ්‍රයෙන් ඉහළට

සයිබර් අපරාධ සීඝ්‍රයෙන් ඉහළට දිනෙන්  දින වැඩිවෙමින් පවතින සයිබර් අපරාධ හමුවේ ඒ සම්බන්ධයෙන් වන මහජන පැමිණිලිද වැඩි වෙමින් පවතින බව...

රත් දෝතළු – 94

රත් දෝතළු - 94 නිවස තරම් වටිනා තැනක් අන් කොහේවත් නැතැයි කියා යළි පැමිණෙන අතරේ මම සිතුවෙමි. යළි ඉක්මනින්ම නිවසට...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you