NovelsRath Dothaluරත් දෝතළු - 78

රත් දෝතළු – 78

-

spot_img

රත් දෝතළු – 78

මා සිතේ වූ කුතුහළය ඔඩු දුවන්නට වූයේ අම්මා කිසිත් නොකියා නිහඬව සුසුම් හෙළන්නට වූ බැවිනි.

“මොකක්ද අම්මේ…?”

“තාත්තා අසනීප නොවුණත් මං උඹට එන්න කියන්නමයි හිටියේ… අනේ මන්දා මේවා කියලත් බැහැ… නොකියත් බැහැ…”

එවර මා සිතේ ඇතිවූයේ නොසතුටකි. වහෙන් ඔරෝ නැතුව ඈ කියන දෙයක් කීවා නම් එය සහනයකි.

“මොකක්ද අම්මේ… කියන්න තියන දෙයක් කියලා ඉන්නකෝ… වටේ යන්නේ නැතුව… ඔහොම කතාකරනකොට මටත් අවුල්නේ…”

“අපිට මොනවා හරි කරලා මේ ඉඩම කොහොම හරි ඉක්මනට බේරගන්න වෙනවා ලොකු දුවේ…”

අම්මා එක්වරම හඬන්නට වූයෙන් මා සිතේ අසුබ පෙරනිමිත්තක් ඇතිවිය.

“ඇයි ඒ එකපාරම අම්මේ… අපි පොළිය ගෙවනවානේ… අනික හදිසියේ කොහොමද සල්ලි හොයාගන්නේ…?”

“මොනවා හරිම කරන්න වෙනවා… එහෙම නැතිවුණොත් අපි මේ ඉඩම මුදලාලිටම සින්නවෙන්න ඇරලා…පස් දෙනා එක්කම පාරට බහිමු…”

ඒ කතාව මා තිගැස්මට පත්කළ අතර අනියත බියක් මා සිතේ ඇති විය.

“ඒ ඇයි අපි පාරට බහින්නේ… මොකද මුදලාලි එහෙම කිව්වද…?”

“දැන් කරන්න තියන එකම දේ ඒක තමා… මට උඹව බිල්ලට දෙන්න බැහැ…”

අම්මා කඳුළු පිසිමින් කීවාය. මට මෙහි අඟක් මුළක් නොවැටහේ.

“බිල්ලට දෙන්න…? මොකක්ද අම්මේ ඒ කතාව…?”

“මුදලාලි කියනවා ඉඩම සතයක්වත් නැතිව ආයේම අපිට දෙන්නම්… උඹව කේෂවට බන්දලා දෙන්න කියලා…”

අකුණු සැරයක් සවන් ළඟම පුපුරාගියාක් මෙන් කම්පනයක් දැනෙන විට මට උන් හිටි තැන් පවා අමතක වූ සෙයකි. මා ගත වෙව්ළන්නට වූයේ කෝපයටද බියටද කියා මට සිතාගන්නට නොහැකි විය.

“ක..කවුද අම්මේ… කිව්වේ… මුදලාලිද… කේෂවද…?”

සුළු මොහොතකට පසුව මම ඇසුවේ පියවි සිහි ලබමිනි.

“මුදලාලියා කිව්වේ…”

මෙය මුදලාලිගේ නොව කේෂවගේ අදහසක් බව මට නම් සහතික වශයෙන්ම පැවසිය හැකිය. මීට සුළු මොහොතකට පෙර ඔහු මා දැක උපහාසයට සිනහසුණේ මේ නිසා වන්නට ඇත. ඔහු ඔප්පුව තුරුම්පු කරගෙන මා බිල්ලට ගැනීමට සැරසේ. එය මගෙන් පළිගන්නට දරන වෑයමක් මිස අනෙකක් නොවේ.

“අම්මා මොකද කිව්වේ…?”

මම ආපසු ඇසීමි.

“දෙන්න ඕන උත්තරේ මම ඌට දුන්නා… අපි පාරට බැස්සත්… ඔය වගේ තුප්පැහි පාහරයෙක්ට මගේ එකීව මං දෙන්නේ නැහැ… ඊට වඩා හොඳයි මං මගේ අත්දෙකෙන්ම ඒකිගේ බෙල්ල මිරිකලා මරලා දානවා කියලා…”

මා පපුව සිරවූ සෙයකි. අම්මා හඬන්නට වනවිට මටද හැඬිණි. ඈ අසලට ළංව මම ඇයව වැළඳ හැඬුවෙමි.

“අම්මා… අපිට පාරට බහින්න වෙන්නේ නැහැ… බයවෙන්න එපා… අපි ඉඩම බේරගමු…”

මම ඈ අසලින් මෑත්වූයේ නංගී ඒවි යැයි බියෙනි. අම්මා දැල්වුණු දෑසින් මදෙස බලාසිටියේ අලුත් බලාපොරොත්තුවකින් සිත පිරුණු නිසා වන්නට ඇත.

“ඒත්… මොනවද අපි කරන්නේ ලොකු දුවේ…?”

“මොකක් හරි කරන්නම්…”

මම කීවේ ස්ථීර හඬකිනි. අම්මා සුසුමක හෙළුවාය.

“තාත්තා දන්නවද අම්මේ මේ ගැන…?”

“නැහැ ලොකු දුවේ… මං කොහොමද ඒ මනුස්සයට මේ ගැන කියන්නේ… තාත්තා දැනගත්තොත් පපුව පැළිලා මැරෙයි… එයා එපා කියනකොටනේ මං මේක කළේ…”

අම්මා කෙරෙහි මා සිතේ අලුත් සෙනෙහසක් ඇතිවිය. ඇයට වුවමනා නම් ඉඩම බේරාගැනීමට මෙයට එකඟවන්නට ඉඩ තිබිණි. නමුත් ඈ එසේ නොකළාය. ඈ අප තිදෙනාටම දක්වන්නේ එකම සෙනෙහසකි. මට විශාකා මහත්මිය සිහිවිය. ඈ රොසෑන්ගෙන් ඉල්ලාගත් ණය මුදල පියවන්නට නොහැකි නිසා අහස්වද බිල්ලට දීමට සූදානම් වූවා නොවේද? ඇයත් සමඟ බලන කළ අම්මා උතුම් ගැහැණියකි. ඈ කෙරෙහි මා සිතේ ඇතිවූයේ ගෞරවයකි.
————————————————————————————————————————————————————-
නිර්මාණිගෙන් ඇමතුම එනවිට මා සිටියේ පසුදිනම ආපසු යෑමට ඇඳුම් සූදානම් කරමිනි. තව දින දෙක තුනක් සිටීමට සිතාගෙන ආවද අම්මාගෙන් දැනගත් අසුබ පුවත නිසා මම ඉක්මනින් යෑමට සිතුවේ කුමක් හෝ යමක් කළ යුතුම නිසාවෙනි. කුමක් කළ යුතුද කියා තවමත් මා හට අදහසක් නොවීය. මේ අතර නිර්මාණි මා ඉතා ඉක්මනින්ම මුණ ගැසෙන්නට වුවමනා වූ බව පැවසුවෙන් මම තරමක් කලබළ වූයෙමි. කාරණය බරපතළ යමක් කියා මට සිතුණේ ඈ එය දුරකථනයෙන් පැවසිමට අකමැති වූ නිසාය. විනීෆ්‍රීඩා මහත්මියගේ නිවසට යෑමට පෙර මම නිර්මාණි හමුවට යාමට සිතුවේ ඇයත් සමඟ මටද කතාබහ කිරීමට යමක් තිබූ නිසාය. කේෂව මා වටකොට එළන්නට හදන දැළ පිළිබඳව මට කතාකිරීමට හැක්කේ ඇයත් සමඟ පමණි. ජිනපාල මුදලාලිගේ ඔලුවට මෙවන් විෂබීජ දමනවා ඇත්තේ ඔහු මිස අනෙකෙක් නොවේ. මේ මොහොතේදී අප පවුල බේරාගත හැකිවන්නේ මටම පමණය. අසරණ වූ අම්මාටත් තාත්තාටත් වෙන කළ හැකි කිසිත් නැත. මේ මොහොතේ මා ඉදිරියේ මාර්ග දෙකක් ඇති බව මට හදිසියේ සිහිවිය. එකක් අහස් කළ යෝජනාවය. අනික කේෂව විවාහ කරගැනීමය. ඒ ගැන සිතීම පවා මා සිතේ ඇතිකළේ පිළිකුළ සහිත බියකි. ඔහුට වුවමනා මගෙන් පළිගන්නටය. මා ඔහුව විවාහ කරගත්තා නම් මට අත්වන ඉරණම කුමක් වියහැකිද කියා මට සිතා ගන්නටවත් නොහැකිය. අහස්ගේ යෝජනාව ඊට වඩා අගනේ යැයි කියා මට සිතිණි. එක් පසෙකින් මම සිතින් ඔහුට ආදරය කරමි. ඒ බව ඔහුද දන්නෙහිය. මුවින් නොපැවසුවද ඔහුද මා හට කැමැත්තකින් පසුවන බවත් නොරහසකි. පාදඩයෙකුගේ බිරිඳක වී නරකාදියක ජීවත්වනවාට වඩා අහස් සමඟ ටික කලක් හෝ ජීවත් වී වෙන්වන්නට වුවද එය සැපතකැයි කියා මට නොසිතා බැරිවිය.

උදෑසනින්ම මම නිවසින් පිටව පළමුව පැමිණියේ නිර්මාණි හමුවන්නටය. ඈ මා පිළිගත්තේ වෙනදා තරම් උණුසුම් හැඟීමකින් නොව ඇල්මැරුණු බවකින් කියා මට එක්වරම වැටහිණි. ඇගේ ගමන බිමන කතාබහ පවා වෙනස්ය. ඈ තුළ වෙනදා වූ දඟකාර බව කඩිසර බව අද ඈ අහළකවත් නොමැත. මා අතින් අල්ලාගත් නිර්මාණි කුඩා කෑම මේසය වෙත විත් මා එහි හිඳවූවාය. කරකරන ලද පාන් පෙති කීපයක් පිඟාන මත විය.

“කන්න…”

එසේ කී ඈ උණුවතුර බෝතලයට දමා තිබූ තේ කෝප්පයකට දමා මා පසෙක තැබුවාය.

“නිරූ… මොකද මේ…?”

ඇගේ නිහඬ බවත් හැසීරීමත් අමුතු යැයි සිතුණු නිසා මම ඈ ඇමතුවෙමි. ඇගේ ඇමතුම නිසා මා මෙහි ආවා මිස මගේ වුවමනාවකට මා ආවා නම් මට සිතන්නට තිබුණේ ඈ මා ආවාට අකමැති බවක් වුවද එය එසේ නොවීය.

“උදෙන්ම ඇවිත් මහන්සි ඇතිනේ… කාලා ඕක බොන්න… අපි හිමීට කතාකරමු… ඔයාට දැන්ම යන්න හදිසි නැහැනේ…?”

මා සිතට යම් සහනයක් දැනුණා වුවද ඈ අසනීපයකින් හෝ කිසියම් කරදරයකට පත්ව ඇතිඇයි කියා සැකයක් මා සිතේ ඇතිවිය. කෑමට පිරියක් මා තුළ නොවූ බැවින් මම තේ කෝප්පය අතට ගතිමි.

“නිරූ… මොකද කියන්නකෝ… ඔයාට සනීප නැත්ද…? මූණත් ඇදිලා ගිහින්…”

ඈ පසුපසම විත් මම සැටියේ කෙළවරක හිඳගනිමින් ඇසුවෙමි. ඈ පෑවේ ඇල්මැරුණු සිනහවකි. එය මවා පෑමක් බඳුය. මා ඉදිරියේ ඈ එසේ හැසිරෙන්නේ මන්ද.?

“තාත්තට මොකද…? මට අහන්නත් බැරුවුණා…”

කතාව වෙනතකට යොමුකරමින් ඈ මා විමසුවාය.

“අද ඩිස්චාර්ජ් කරනවා කිව්ව නිසායි මං ආවේ… දැන් නම් හොඳයි…”

“ඔයා යනවා කියලා කිව්වෙවත් නැහැනේ…”

“හදිසියේ ගියේ… අහස් සර් මාව එක්කගියේ… මෙහෙ ගෙනත් ස්පෙෂලිස්ට් කෙනෙක්ට පෙන්නමු කිව්වා…”

ඈ එයට කුමක් හෝ පවසනු ඇතැයි කියා මා සිතුවද මගේ මවිතයට හේතුවෙමින් නිර්මාණි සිටියේ නිහඬවමය. කුමක් හෝ යමක් නම් සිදුව ඇත. දෙවියනේ…! සංජීව් ඇයව අතහැර දැමුවාවත්ද.? මා සිතුවේ තැතිගත් සිතිනි. නැත. එවන් දෙයක් සිදුවිය නොහැකිය. ඔහු එවන් අයෙකු නොවේ. එසේමුත් මා ඔහු ගැන දන්නේ මොනවද කියා අනෙක් අතට මට සිතිණි.

-හෙටත් හමුවෙමු-

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest news

වාහන මිල ලක්ෂ ගණනින් ඉහළට

වාහන මිල  ලක්ෂ ගණනින් ඉහළට ඇමරිකානු ඩොලරයට සාපේක්‍ෂව රුපියල තවදුරටත් අවප්‍රමාණය වීම සහ සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද (sscl) සියයට...

හර්ෂණ ගෙදර යවන්නේ නෑ – ජාතික ජන බලවේගයේ මහ ලේකම්

හර්ෂණ ගෙදර යවන්නේ නෑ - ජාතික ජන බලවේගයේ මහ ලේකම් මහා භාණ්ඩාගාරයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම එම ධුරයෙන් ඉවත් කිරීමට...

යළිත් ඉන්ධන මිල ඉහළට

සියලු ඉන්ධන මිල ගණන් ඉහළ දැමීමට ලංකා ඛනිජ තෙල් සංස්ථාව පියවර ගෙන ඇත. ඒ අද (02) මධ්‍යම රාත්‍රියේ සිට...

වැඩකරන ජනතාවගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම රජයේ මූලික ප්‍රතිපත්තිමය කැපවීමයි

කොළඹ LNW: ශ්‍රමය සඳහා ලැබිය යුතු නිසි ගෞරවය ලබාදීම සහ සියලු වැඩකරන ජනතාවගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම වත්මන් රජයේ මූලික ප්‍රතිපත්තිමය...
- Advertisement -spot_img

ආලෝකයෙන් අඳුරට යෑම

ආලෝකයෙන් අඳුරට යෑම - Walk for World Peace ආලෝකය යනු යමක පෙනීම තහවුරු කිරීමට උත්තේජනය ලබාදෙන පරිසර තත්වය ලෙස අපට...

යළිත් ඉන්ධන මිල ඉහළට

සියලු ඉන්ධන මිල ගණන් ඉහළ දැමීමට ලංකා ඛනිජ තෙල් සංස්ථාව පියවර ගෙන ඇත. ඒ අද (02) මධ්‍යම රාත්‍රියේ සිට...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you