NovelsRath Dothaluරත් දෝතළු - 79

රත් දෝතළු – 79

-

spot_img

රත් දෝතළු – 79

මම ඈ වෙත නැඹුරු වූයේ හිස් තේ කෝප්පය ස්ටූලය මත තබමිනි.

“දෙන්නාහෙ ලව් එක නැඟලා යනවද…?”

ඈ බොහෝ වේලාවක් ගෙන ඇසුවාය. මා මුවින් සුසුමක් පිටවූයේ මාද නොදැනුවත්වමය.

“මොකෝ අරවින්දි… මොකක් හරි ප්‍රශ්නයක්ද…?”

එවර ඈ විමසුවේ උනන්දුවකින් මෙනි.

“එකක් නම් හිත හදාගෙන විසඳුමක් හොයන්න තිබුණා… ඒත් එක පිට එක ප්‍රශ්න ගොඩයි…”

“කියන්න පුළුවන් නම්… මං අහන් ඉන්නම්… සමහරවිට අපි දෙන්නටම එකතුවෙලා විසඳුමක් හොයාගන්න බැරිවෙන එකක් නැහැ…”

ඈ පැවසූ දෙයින් මා සිතේ තරමක දිරියක් මෙන්ම සහනයක්ද ඇතිවිය.

“මං ආවෙත් ඒ ගැන කතාකරන්න තමා…”

විඩාබර බවක් පෑවද නිර්මාණි මා කියන දේ අසා සිටියේ සැටියේ සුව පහසුව හිඳගෙනය. මම කතාව අවසන් වනතුරුම ඈ මට බාධා නොකළාය.

“මේ අහන්න අරවින්දි…”

අවසානයේ ඈ මා වෙත නැඹුරුව මගේ අතින් අල්ලා ගනිමින් කීවාය.

“මම කියන්නේ ඔයාට විහඟට කැමතිවෙන්න කියලා…”

ඈ එවැන්නක් පවසනු ඇතැයි සිතා නොසිටි මම නිර්මාණි දෙස බැලුවේ සිත ඇතුළේ ඇති වූ තිගැස්මෙනි. එය මා මුහුණෙන්ද පෙනෙන්නට ඇතිවාට සැක නැත.

“විහඟට… ඒ…ඒත්… මට බැහැ නිරූ…”

“මේ අහන්න… ඔයා කිව්වනේ ඔයාට තියෙන්නේ මාවත් දෙකයි කියලා… ඔයාට තුන්වෙනි එක මඟඇරුණා… විහඟ ගෙනාපු යෝජනාව ඇයි රිජෙක්ට් කරන්නේ..?”

“ම…මං විහඟට කැමති නැහැ…”

“එයා නරක කෙනෙක් නෙවේ අරවින්දි… එයාව හදාගන්න පුළුවන්…”

“හදාගන්න…! මගේ ඇස් පනාපිටම මම දැකපු ඒවා මතක් වෙනකොටත් මට අප්පිරීයයි…”

“විහඟ එළිපිට ඒවා කරාට සමහර මිනිස්සු ඒවා කරන්නේ හැංගිලා… කොයි මිනිහද එතකොට වංචාකාරයා වෙන්නේ…?”

නිර්මාණි ඇසුවේ නොසතුටෙනි මෙනි.

“කොහොමවුණත් මට බැහැ…”

“හ්ම්ම්… හරි එහෙනම්… මං වාදකරන්නේ නැහැ… අහස් කියපු දේ ගැන හිතන්න…”

ඈ එසේ කීවේ නොසතුටෙන්ද කියාත් සැකයක් මා සිතේ ඇතිවුවද මම ඒ ඔස්සේ වැඩිදුර සිතන්නට නොගියෙමි.

“මට බයයි නිරූ… මං කරන්න යන්නේ වැරදි දෙයක්ද කියලා…”

“මේ අහන්න අරවින්දි… ටිකක් ඔයාම හිතලා බලන්න… අපි දුප්පත්… මේ තියන ප්‍රශ්නවලින් ගොඩ යන්න හිතනවා නම් ස්වීප් එකක් ඇදෙන්න ඕන… නැත්නම් කුඩු බිස්නස් එකක් කරන්න ඕන… ඒක අපිට කවදාවත් කරන්න තියා හිතන්නවත් පුළුවන් දෙයක් නෙවේනේ… අනික අපි ජොබ් එකෙන් කියලා කීයක් දේවල් කරන්නද… ඒ ගන්න පඩියෙන් කවදා නම් ගොඩ යන්නද… ඒක හීනයක් විතරයි…”

මම කෙටි සුසුමක් හෙළීමි.

“අපි අහස්වයි කේෂවයි පැත්තකින් තියමුකෝ… ඔයාත් කාවහරි කසාඳ බඳින්න එපැයි… ජොබ් එකක් කරන්න මෙහෙට නාවා නම් ගමෙම කාවහරි මැරිකරයි… ඒ මැරි කරලා… ඔයාගේ අම්මා වගේම කිරි කපන්නද… නැත්නම් ගාර්මන්ට් යන්නද… මොකක්ද කරන්න යන්නේ…?”

මා ගත හිරිවැටීගියේය.

“මේ සම්මත, අසම්මත කියන කෙහෙල්මල් සේරම මිනිස්සු හදාගත්ත එව්වා… ඒවා වැරදි කියනවා නෙවේ… සංයමයක් තියෙන්න ඕන… ඒත් රාමුවක් ඇතුළේ කොටුවෙලා අපි ජීවත්වෙන්න ඕනද අරවින්දි…? ඔයා ඇත්තටම අහස්ට ආඅදරයක් තියනවා නම්… ඔයාගේ හිතේ වෙන කෙනෙක්ට ඉඩකුත් නැත්නම්… වෙන කා එක්කවත් ජීවිතේ බෙදාගන්න කැමතිත් නැත්නම්… ටික කාලෙකට හරි අහස්ගේ වුණා කියලා වදරක් නැහැනේ… හිතට එකඟ දේ කරන්න… තමුන්ට හිතෙන දේ… තමුන්ට හරියි කියලා හිතනදේ… අහස් ඔයාගේ අනාගතේ හදලා දෙයි ලස්සනට… ඔයාව නිකන් පාරේ අතෑරලා දාන එකක් නැහැනේ… අනික ඔය කන්ට්‍රෑක්ට් එකෙනුත් ලක්ෂ ගාණක් හම්බෙනවා නේ…?”

ඈ කතාව නිමකර මොහොතක් මා දෙස බලා සිටියාය. මා සිතට සැහැල්ලුවක් දැනිණි.

“මං ඒක හිතාගෙනමයි ආවේ නිරූ… මං අහස් සර්ට ඒක කියනවා…”

“ගුඩ් ගර්ල්…”

මඳහසක් පෑ නිර්මාණි කීවාය. අපි මොහොතක් නිහඬව සිටියෙමු.

“දැන් කියන්න… මට එන්න කිව්වේ මොකද හදිසියේ… ෆෝන් එකෙන් කියන්නත් බැහැ කිව්වානේ…”

මම මතක් කළෙමි.

“හ්ම්ම්… ඔව්… වැදගත් දෙයක් කියන්න එන්න කිව්වේ…”

“ඉතින්… මොකක්ද ඒ… ඔයාගේ හැසිරීමත් හරි අමුතුයි…”

“හ්ම්ම්… එහෙම වෙන්න එපැයි… මෙහෙම වෙනකොට…”

“ඒ මොකක්ද…?”

“මං ප්‍රෙග්නන්ට්…”

ඈ කීවේ සැහැල්ලු හඬකින් වුවද මට දැනුණේ මා හිසට පොළු පහරක් වැදුණාක් මෙන් කම්පනයකි.

“දෙවියනේ…! එතකොට නිරූ…. දැන් මොකද වෙන්නේ…?”

බියපත් ලෙසින් මම ඇසීමි.

“ඇයි කෙල්ලේ මේ බයවෙලා…?”

ඈ සිනහසෙමින් ඇසුවාය. එය ආයාසයෙන් හෝ මවාපෑ සිනහවක් නොව අව්‍යාජ වූ සිනහවකි.

“බය නොවී කොහොමද… සංජීව් මේ ගැන දන්නවද නිරූ…?”

“නැහැ… මං තවම එයාට කිව්වේ නැහැ… එයා එංග්ලන්ඩ් ගිහින් බිස්නස් වැඩකට… ළමයි බලන්නත් එක්ක… එයා එහෙ ඉන්නකොට මට මේවා කියන්න බැහැ…”

“එතකොට මොකක්ද ඔයා කරන්න ඉන්නේ… ඔයාගේ ජොබ් එක…?”

“මේ තත්වේ උඩ නම් මට ආයේ ජොබ් එකට යන්න බැරිවෙයි… සංජු මොන විදියේ තීරණයක් ගත්තත්… මං මගේ දරුවා හදාගන්නවා අරවින්දි… එයාට මං වරදක් කියන්නේ නැහැ… ළමයා ටිකක් ලොකු වුණාම මං ආයේ ජොබ් එකක් කරනවා… නැත්නම් සැලෝන් එකක් හරි දාගන්නවා…”

නිර්මාණි කීවේ සැහැල්ලු හඬකිනි. ඈ දැනටමත් සියල්ල තීරණයකර ඇතිවාක් මෙනි.

“අනේ නිරූ…”

සිතේ උපන් සෙනෙහසින් මම ඇගේ අතක් තරයේ අල්ලාගතිමි. ඈ දරුවා හදාගන්නට ගත් තීරණය ගැන මම සතුටු වූයෙමි. මෙවන් අවස්ථාවක වෙනත් අයෙකු නම් කරන්නේ දරුගැබ විනාශ කිරීමය.

“අපේ වැරදි වලට නූපන් දරුවෙක් පළි නැහැනේ අරවින්දි…”

“මට ඔයා ගැන ආඩම්බරයි…”

අවංක වූ හදින් මම කීවෙමි. ඈ තුළ ඇති දිරිය මා තුළ නම් නොවීය. ඈ කෙසේ හෝ ජීවිතය ජයගන්නට උත්සාහ දරන්නීය.
————————————————————————————————————————————————————-
මා හදිසියේ පැමිණි නිසා විනිෆ්‍රීඩා මහත්මිය පුදුමයට පත් වූවාය.

“මොකද ළමයෝ… මොකුත් හදිසියක්ද…?”

ඈ කලබළයෙන් ඇසුවාය.

“නැහැ මැඩම්… තාත්තාට දැන් ටිකක් හොඳයි… අද ඩිස්චාර්ජ් කරනවා කිව්ව නිසා මං ආවා…”

“ආහ්… ඒක මිසක්… මං ඒත් බයවුණා…”

සැහැල්ලු හඬකින් ඈ කීවාය.

මම අහස්ට කෙටි පණිවිඩයක් යවා මා පැමිණි බව දැන්වීමි. ඔහු පුදුමය හඟවන සළකුණක් එවීය. පසුව ඇමතුමක් ගෙන විමසුවේ හදිසියේ පැමිණියේ මන්ද කියාය.

“සර් එන්නකෝ… මං කියන්නම්…”

මම කතාව මඟහැරියේ එසේය. සවස ඔහු වෙනදාට වඩා තරමක් කලින් නිවසට පැමිණියේය. කල්යල් බලා මම ඔහුට මගේ අදහස කීවෙමි. ඔහු එයින් සතුටු වූවාද නැතිනම් පුදුම වූවාද කියා මම නොදනිමි.

“මම ඒ අදහස ඔයාට කිව්වේ නිකමට වගේ අරවින්දි… ඔයා මේ වගේ තිරණයක් ගන්න ඕන නැහැ…”

ඔහු කීය.

“සර්ට තවම කාවවත් සිලෙක්ට් කරන් නැහැනේ… මේ අවස්ථාව මට දෙන්න සර්…”

“ඔයා ඇයි එකපාරම මේ වගේ තීරණයක් ගත්තේ…?”

“නැහැ සර්… එකපාර නෙවේ… මට වෙන කරන්න දෙයක් නැහැ… මං මේ ගැන හුඟාක් හිතුවා…”

“වෙන කරන්න දෙයක් නැහැ කිව්වේ…?”

“සර් මට කියන්න… ආදරයක් හැඟීමක් නැතුව කාවහරි ළඟට ගන්න පුළුවන්ද… සර් කොහොමද එහෙම දෙයක් කරන්නේ…?”

“ඒකද ඔයාට තියන ප්‍රශ්නේ…?”

“නැහැ… ඒක විතරක් නෙවේ…”

“එහෙනම්…?”

“මම්…ම සර්ට ආදරෙයි… එහෙම තියෙනකොට මට මේ වෙන්න යනදේ බලාගෙන අත්දෙක බැඳන් නිකන් ඉන්න බැහැ… මං ඒ තීරණේ ගත්තේ ඒ නිසාමත් නෙවේ සර්… සර් හිතන්න එපා මං සර් එක්ක බැඳීමක් ඇතිකරගන්න හදනවා කියලා… මේ වෙලේ මං අසරණ වෙලා ඉන්නේ සර්… මට සල්ලි ඕන… නැත්නම්…”

“නැත්නම්…?”

“අපේ පවුලටම වෙන්නේ පාරට බහින්නයි…”

ඒ මොහොතේ මා දෑසට කඳුළු පිරී ආයේය. මම එය මැඩගන්නට උත්සාහ කළද කඳුළු බිඳූ කීපයක් නොනවත්වා ගලා ගියේය.

“අරවින්දි… මොකක්ද ඒ කතාව… ඇයි පාරට බහින්න වෙන්නේ…?”

කලබළයෙන් ඔහු ඇසීය.

-හෙටත් හමුවෙමු-

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest news

හෑෂ් සහ කුෂ් ගෙනා භික්ෂූන්ට අත්වන ඉරණම

හෑෂ් සහ කුෂ් ගෙනා භික්ෂූන්ට අත්වන ඉරණමගුවන්තොටුපොළේ දී භික්ෂූන් වහන්සේලා අත්අඩංගුවට ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් මහානායක ස්වාමීන් වහන්සේලාගේ අනුශාසනා මත...

මේක පොකැට්කාරයන්ගේ ආණ්ඩුවක්

මේක පොකැට්කාරයන්ගේ ආණ්ඩුවක් - Namal Rajapakshe දැන් තියෙන්නේ පොකැට්කාරයන්ගේ ආණ්ඩුවක් බවත් ඒ ආණ්ඩුවම මහ දවල් මුදල් අමාත්‍යාංශයද කොල්ල කා ඇති...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ නිවේදනයක්

තමන් අසනීප තත්වයෙන් පසුවෙද්දී ඉක්මන් සුවය ප්‍රාර්ථනා කළ සියලු දෙනාට කෘතඥතාවය පළකරන බව හිටපු ජනාධිපති, එක්සත් ජාතික පක්ෂ නායක...

මහා භාණ්ඩාගාරය හැක් කරපු කතාව බොරුවක්

මහා භාණ්ඩාගාරය හැක් කරපු කතාව බොරුවක් - Patali Champika Ranawaka පවතින ආණ්ඩුව යටතේ රටේ ආර්ථිකයේ කැණි මඩලට හෙණ ගසා ඇතැයි...
- Advertisement -spot_img

කේරළා ක්‍රමයට බිත්තර කරියක්

කේරළා ක්‍රමයට බිත්තර කරියක් - South Indian Style Egg Curry (Kerala Style) බිත්තර තම්බලා නැත්තම් ඔම්ලට් විදිහට කෑමට ගන්න ගොඩක්...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ නිවේදනයක්

තමන් අසනීප තත්වයෙන් පසුවෙද්දී ඉක්මන් සුවය ප්‍රාර්ථනා කළ සියලු දෙනාට කෘතඥතාවය පළකරන බව හිටපු ජනාධිපති, එක්සත් ජාතික පක්ෂ නායක...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you