Featuresහුළං හමන අතට හබල් ගැසීම

හුළං හමන අතට හබල් ගැසීම

-

spot_img

හුළං හමන අතට හබල් ගැසීම – Bakusuwatha

යමක් කිරීමට ඇති පහසුම ක්‍රමය අනුගමනය කිරීම සාමාන්‍ය මිනිසකුගේ ගතික ලක්ෂණයකි. ඉන් සමාජීය හෝ පුද්ගල හානියක් නොවන්නේනම් එහි ඇති වරදක්ද නැත. තමන්ගේ වාසියට හෝ තවත් කෙනෙකුගේ අයහපතට හේතුවන පරිදි වැල යන අතට මැස්ස ගසා දුවන්නන් වාලේ රැල්ලට දිවීම වත්මන් සමාජය මෝස්තරයක් සේ කරනු දක්නට ලැබෙයි. ලොව සුපිරි ධනවතෙකු මෙන්ම මයික්‍රසොෆ්ට් ආයතනයේ සම නිර්මාතෘ බිල් ගේට්ස් “මම අපහසු වැඩක් කිරීමට නිතරම තෝරාගන්නේ කම්මැළිම පුද්ගලයන්… මොකද, කම්මැළි පුද්ගලයන් නිතරම යමක් කිරීමට පහසු ක්‍රම සොයාගන්නවා” යනුවෙන් පවසා තිබිණි. උඩුගං බලා පිහිනීම පහසු නොවන බව ඇත්තය. එමෙන්ම ජලපහර ගලන දෙසට පාවීමෙහි අවධානමද වැඩිය. කාලාන්තරයක් තිස්සේ ලාංකීය ජන මනස හැඩගැසී ඇත්තේද තම පහසුව වෙනුවෙන් හුළං හමන අතට හබල් ගැසීම සඳහා ය.

කලෙක දෙරණෙහි පුරක වෘත්තීය කළ ඩිල්කා සමන්මලී සහ දැනට සිරස ප්‍රවෘත්ති අංශයෙහි සේවයේ නියුතු ඔමායා කෝවිලගොඩගේ මෑතකාලීනව පාර්ශව දෙකක් මඟින් දෙයාකාරයෙන් විවේචනයට බඳුන් වූ මාධ්‍යවේදිනියන් දෙදෙනෙකි. ඔවුන් දෙදෙනාගේම පළමු පුවත්පත් සම්මුඛ සාකච්ජාව සිදුකළ පුද්ගලයා ලෙස මා මොවුන් දෙදෙනාගේම මාධ්‍ය භාවිතයේ පරස්පරතා සහ අනුකුලතා හොඳින් හඳුනමි. අතීතය පසෙකලා ඔවුනගේ වත්මන් මාධ්‍ය භාවිතය පමණක් සළකා බැලුවද, දෙදෙනාම එකම කාසියේ දෙපැත්තකි. ඩිල්කා පසුගිය රජයේ දේශපාලන බිඳවැටීම මෙන්ම ඔමායා වත්මන් රජයේ පරිපාලන දුර්වලතා සාකච්ජාවට බඳුන් කිරීම හිතාමතාම පැහැර හරී. මේ දෙපළ එය කරනුයේ දැනුවත්වම ය. එහෙත් මේ දෙදෙනාට පරුෂ වචනයෙන් බනින්නට පෙළගැසෙන පාක්ෂික අනුගාමීන් කරනුයේ දුවන්නන් වාලේ දිවීමකි. පොදුවේ මේ ලක්ෂණ ද්විත්වයම නම් කළ හැක්කේ හුළං හමන අතට හබල් ගැසීම යනුවෙනි.

ඩිල්කා සමන්මලී විෂයෙහි අශෝභන සහ අශිලාචාර ප්‍රකාශයක් කළේ යැයි පවසමින්, ඇගේ පියා ඇතුළු පාර්ශව කිහිපයක් විසින් ටෙලිනාට්‍ය අධ්‍යක්ෂකවරයකු, නිෂ්පාදකයකු සහ යු ටියුබ් වීඩියෝ නිර්මාණකරුවකු වන සුදන්ත තිලක්සිරිට එරෙහිව නීතිමය පියවර අනුගමනය කරන්නේයැයි අසන්නට ලැබිණි. ක්ෂේත්‍රය තුළ ඇසුරු කරන්නට ලැබුණු පුද්ගලයකු ලෙස මට සුදන්ත තිලක්සිරිගේ කලා, දේශපාලන සහ සමාජ මාධ්‍ය භාවිතය පිළිබඳව පැහැදිළි අවබෝධයක් තිබේ. ඒ සියලු භාවිතයන් ඔහු කළේ කලාවේ, දේශපාලනයේ හෝ මාධ්‍යයේ උන්නතිය උදෙසා නොව තමාගේ පෞද්ගලික උන්නතිය උදෙසාය. කලෙක සුදන්ත තිලක්සිරිට දියසෙන් කුමාරයන් වූ පාලකයන් වාසිය වෙනස් වූ තැන ගවයන්, සුනඛයන් වුයේ එකී න්‍යයෙනි. ස්වාධීන රුපවාහිනියේ ඔහුගේ ටෙලිනාට්‍ය විකාශය වන කාලය, ස්වර්ණවාහිනියේ පත්තර කියවන්නට යෑම, සියල්ල අතහැර වත්මන් ආණ්ඩුව පිම්බීම වෙනුවෙන් අවර ඝනයේ සමාජ මාධ්‍ය ව්‍යාපාරයක් දියත් කිරීම දක්වා ඔහුගේ ගමන තනිකරම හුළං හමන අතට හබල් ගැසීමකි.

මෑතකාලීනව සමාජමාධ්‍ය උණුසුම් කර තිබු ප්‍රවෘත්තිය වුයේ කෘෂිකර්ම හා පාංශු සම්පත් අමාත්‍ය කුරගමගේ දොන් ලාල්කාන්තට අයිති කඩුවෙල ප්‍රදේශයේ ඉදිකර ඇතැයි කියන නිවසක් සම්බන්ධයෙනි. ලංකාවේ බොහෝ දේශපාලකයින්, ක්‍රීඩකයින්, නළු නිලියන්, ව්‍යාපාරිකයින් සතුව සුපිරි පන්නයේ නිවාස, යාන වාහන, වතුපිටි, තිබේ. එසේ තිබියදී තෙමහල් නිවසක් බව කියන ලාල් කාන්තගේ මේ නිවස මෙතරම් කතාබහට ලක්වන්නේ මන්ද..? ඒ, වෙන කිසිවක් නිසා නොවේ, කාලයක් තිස්සේ ඔවුන් නඩත්තු කළ අව වරප්‍රසාදිත, පීඩිත යැයි ජනතාවට පෙන්වූ ජීවිත නිසාවෙනි. කවුරුන් හෝ විසින් දෙන දෙයකින් සරලව ජීවත්වනවා යන්න සමාජගත කළවිට, “මේ ගෙවල් හැදුවේ ඩඩ්ලි සිරිසේන හෝ නිශ්ශංක සේනාධිපති ලබාදුන් කප්පමකින්ද?” යනුවෙන් ජනතාව අතර මතයක් ගොඩ නැගීමට දොස් පැවරිය නොහැකිය. ආචාර්ය නිර්මාල් දේවසිරි යු ටියුබ් විඩියෝවකින් “විජේවීර කාර් ගත්තේ ඉරාන නැවකට ගිණි තැබීමෙන් පසු ” යැයි කීවා සේ ලාල් කාන්තටද දැන් ගේ හැදු හැටි කියන්නට විජේවීර පන්නයේ යමක් සොයා ගත යුතුමය. එය හුළං හමන අතට හබල් ගා රටේ පාලන බලය ඇල්ලුවා සේ පහසු නොවන වගනම් ස්ථිරය.

ලාංකීය සමාජය තවමත් “සංවර්ධනය වෙමින්” යන්න පුනරුච්චාරණය කරමින් සිටින්නේ වැරදියට කියවාගත් දේශපාලනික සහ ආගමික කාරණා දෙකක් හේතුවෙනි. ඉන් පළමුවැන්න අල්පේච්ජ ජීවිතය “මාරයි” යනුවෙන් ආගම අතිශයෝක්තියෙන් වර නඟන කොටසයි. දෙවැන්න සීඝ්‍ර දියුණුව ලබාගත හැක්කේ අයථා ඉපයීම් වලින් පමණක් ය යනුවෙන් ජනතා විමුක්ති පෙරමුණ වැනි පක්ෂ සිය දේශපාලන අවස්ථාවාදය වෙනුවෙන් පන්ති භේදය ඇති කිරීම සඳහා සමාජගත කළ කොටසයි. ඔවුන් කිසිදාක දියුණුව යනු ආකල්පමය පොහොසත් කම සහ රටක් ලෙස පන්ති භේදයකින් තොරව එකිනෙකා එකමුතු වීම යැයි උගන්වා නැත. එසේ ඉගැන්වුවානම් අද මේ බලය ද ඔවුනට නැත. අදටත්, කෙසෙල් කොලේක බත් කෑම, කාබන් පෑනෙන් අත්සන් කිරීම, ප්ලාස්ටික් පුටුවක හිඳගෙන කිරිබත් කෑම වැනි දේ “සරලයි” යනුවෙන් අර්ථ ගැන්වෙන්නේ කාලයක් තිස්සේ වැල යන අතට මැස්ස ගසන්නෝ සහ හුළං හමන අතට හබල් ගසන්නෝ සමාජගත කළ “තඩි බොරුව” නිසාවෙනි.

Latest news

ළමුන් ලක්ෂ දෙකහමාරකට වඩා පාසල් හැරගිහින්

ළමුන් ලක්ෂ දෙකහමාරකට වඩා පාසල් හැරගිහින් 2018 සිට 2024 වර්ෂය දක්වා කාලය තුළ පාසල් හැරගිය ළමයින් 267,138 දෙනෙකු වාර්තා වී...

එල් නිනෝ ලංකාවට එන හැටි

එල් නිනෝ ලංකාවට එන හැටි - El Nino එල් නිනෝ යනුවෙන් හඳුන්වන්නේ මධ්‍යම හා නැගෙනහිර පැසිෆික් කලාපයේ සාගර ජලය මතුපිට...

කොළඹ මහල් නිවාස විසි හතම අපායවල්

කොළඹ මහල් නිවාස විසි හතම අපායවල් කොළඹ මහල් නිවාස විසි හතම අපායන් බවත් ඒවා මිනිසුන්ට ජීවත් විය හැකි පරිදි සකස්...

ට්‍රම්ප්ගෙන් ලංකාවට අලුත් බද්දක්?

ට්‍රම්ප්ගෙන් ලංකාවට අලුත් බද්දක්? රජයේ ආර්ථික කළමනාකරණය ගැන විශ්වාසය ගිලිහී යෑම නිසා රුපියල මත පවතින පීඩනය තවදුරටත් ඉහළ යා හැකි...
- Advertisement -spot_img

ඔයාට තරම් ඔයාව බලාගන්න වෙන කාටවත් බෑ

ඔයාට තරම් ඔයාව බලාගන්න වෙන කාටවත් බෑ - Ananya Panday අනන්‍යා පාණ්ඩේ යනු සමකාලීන බොලිවුඩයේ වඩාත්ම ජනප්‍රිය නිළියන්ගෙන් කෙනෙකි. ඉන්දීය...

එල් නිනෝ ලංකාවට එන හැටි

එල් නිනෝ ලංකාවට එන හැටි - El Nino එල් නිනෝ යනුවෙන් හඳුන්වන්නේ මධ්‍යම හා නැගෙනහිර පැසිෆික් කලාපයේ සාගර ජලය මතුපිට...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you