More
    Artසිනමාවට නැගුණු Roofman ගේ කතාව

    සිනමාවට නැගුණු Roofman ගේ කතාව

    -

    spot_img

    සිනමාවට නැගුණු Roofman ගේ කතාව

    සොරකම අපරාධයක්. සොරෙක් දිහා සමාජය අප්‍රසාදයෙන්, වෛරයෙන් බලන්නෙ සිදුකළ අපරාධය නිසා. වරද අමතක කර සොරෙකුගේ ජීවිතය දෙස බැලුවහොත් සමහරවිට ඔහුට සොරකමට (සාධාරණ) හේතු තිබෙනවා වෙන්න පුළුවන්. සොරකම ජීවිතය කරගත්, පුරුද්දක් කරගත් අය අතරෙ එවැනි පුද්ගලයනුත් ඉන්නවා. නමුත් වරද යනු වරදමයි. 

    Roofman

    Jeffrey Manchester කියන්නෙ හිටපු අමෙරිකානු හමුදා නිලධාරියෙක්. ඔහු දරුවන් තුන්දෙනෙක්ගෙ පියෙක්. වහලවල් වලින් මැක්ඩොනල්ඩ්ස් අවන්හල්වලට කඩා වැදිලා සොරකමේ යෙදුණු නිසා මිනිස්සු ඔහුව හැඳින්වුවෙ Roofman කියන නමින්. පොලිස් අත්අඩංගුවට පත්වුණාට පස්සෙ ඔහුට දිගු කාලීන සිර දඬුවම් නියම වෙනව. බොහොම ඉක්මන්ට එතනින් පලා ආව ජෙෆ්‍රි නගරයේ සුප්‍රකට සෙල්ලම් බඩු වෙළඳසලක සැඟවෙලා මාස ගණනක් ජීවත් වුණා. මේ කතාව ඔහු ගැන. පොලිසිය තමා ලුහුබැඳ ආවත්, සියල්ලන් ඔහුව සෙව්වත් ඔහු ජීවිතය පිළිබඳ බලාපොරොත්තු අත් හැරියෙ නැහැ. ඔහුට ඕනෙ වුණා තමන්ගෙ දරුවො ළඟට යන්න.

    Roofman

    ලෝකයට සොරෙක් වුණත් මේ කතාවෙන් ජීවත්වීම වෙනුවෙන් ඔහු කරන සටන, ඔහුගෙ පෞද්ගලික ජීවිතය, හැඟීම් බොහොම මෘදු ආකාරයට ප්‍රේක්ෂකයන්ට දැනෙන්න සලස්වනවා. සමහරවෙලාවට දුර දිග නොබලා කරන දේවල්වලින් අමාරුවෙ වැටෙන්නෙ අපි විතරක් නෙමෙයි, අපේ ආදරණීයයන්ටත් ඉන් හානි සිද්ධවෙනවා. එයින් අහිමි වෙන්නෙ අපේ ජීවිතවල සාමකාමී බව, සතුට, සැනසුම. Roofman ලෙසින් ප්‍රකට වූ හිටපු අමෙරිකානු හමුදා නිලධාරී Jeffry Manchester ගේ සත්‍ය ජීවිත කතාව ඇසුරින් මෙම චිත්‍රපටය නිමැවී තිබෙනවා.

    Roofman

    Roofman

    Latest news

    ඉරානයේ උත්තරීතර නායකයාට එරෙහිව ඉරානය පුරා විරෝධතා

    ඉරානයේ උත්තරීතර නොසන්සුන්කාරී තත්ත්වය ඉරානයේ පළාත් 31 පුරාම ව්‍යාප්ත වී ඇති අතර, මේ වන විට ළමුන් 05 ක් ඇතුළුව...

    තමා තවමත් වෙනිසියුලාවේ ජනාධිපතිවරයා බව මදුරෝ අධිකරණය හමුවේ ප්‍රකාශ කරයි

    වෙනිසියුලාවේ ජනාධිපති නිකොලාස් මදුරෝ, නිව්යෝර්ක් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව, අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී තමා තවමත්...

    ද්විත්ව පුරවැසියන්ටත් කටුනායක ගුවන්තොටුපළේදීම තාවකාලික රියැදුරු බලපත්‍රයක්

    විදේශගතව සිට පැමිණෙන මෙරට පුරවැසියන්ට සහ ද්විත්ව පුරවැසියන්ටත් කටුනායක ගුවන්තොටුපළේදීම තාවකාලික රියැදුරු බලපත්‍රය ලබා දීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව...

    මොරගහකන්ද ජලාශය වාන් දැමීමට ඇති හැකියාව සම්බන්ධයෙන් දැනුවත් කිරීමක්

    අධික වර්ෂා තත්ත්වය නිසා ඉදිරියේදී මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු විවෘත කිරීමට සිදුවීමේ සම්භාවිතාවක් පවතින බව මහවැලි අධිකාරිය පවසනවා. අද (18)...
    - Advertisement -spot_img

    මැටීගේ කපුටු ප්‍රේමය

    මැටීගේ කපුටු ප්‍රේමය සොබාදහම විටෙක ආවේගශීලී බව මම දැන සිටියෙමි. එබැවින් මම ජීවත්වුණේ ඉතා පරිස්සමිනි. පළමු වරට කූඩුවෙන් පිටවීමට...

    Blackheads ගැටළුවට විසඳුමක්

    Blackheads කියන්නෙ ගොඩක් අයට තියෙන රූපලාවන්‍ය ගැටළුවක්. මේකට වයස බලපෑමක් නැහැ. තරුණ වයසෙ ඉඳලා මැදිවිය දක්වාම ගොඩක් අය මුහුණ...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page