Artදුවෙක් කියන්නෙ තාත්තෙකුගෙ සතුට

දුවෙක් කියන්නෙ තාත්තෙකුගෙ සතුට

-

spot_img

දුවෙක් කියන්නෙ තාත්තෙකුගෙ සතුට – Be Happy

තාත්තලා වැඩියෙන්ම ආදරේ දුවලට. දුවෙක්ව සතුටින් තියන්න තාත්තා කෙනෙක් ඕනෙම දෙයක් කරාවි. දුවෙක්ගෙ ලෝකය වර්ණවත්. හීන වලින් පිරිලා. ඇයට ඕනේ සැහැල්ලුවෙන් පියාඹන්න. අවට ලෝකය ගැන දුවෙක්ට අත්දැකීම් අඩුයි. ලෝකය ගැන කියා දෙමින්, සමාජෙ එක්ක ගැටෙමින්, පරිස්සමින් තමන්ගෙ හීනවලට යන්න දුවෙක්ට පාර කියන්නෙ තාත්තා. දුවෙක්ට මුණගැහෙන පළමු ආදරවන්තයා තාත්තා. දුවෙක්ට හීන හැබෑ කරලා දෙන්නෙත් තාත්තා. දුවෙක් කියන්නෙ තාත්තෙකුගෙ සතුට. 

Be Happy

සතුටින් ඉන්න කියලා අපි අනිත් අයට නිතර නිතර කිව්වත්, හැම මොහොතෙම සතුට හඹා ගියත් සතුටින් ඉන්න එක හිතන තරම් ලේසි නෑ. අපි හිතන තැන්වල සතුට ඇත්තෙත් නැහැ. සතුට හොයාගෙන යද්දි අපිට අමතක වෙන ලොකුම දේ තමයි සතුට තියෙන්නෙ අපි ළඟම කියන කාරණාව. අපි හිතන තරම් සතුට මිල අධික නැහැ.
මේ කතාව තාත්තෙකුයි දුවෙකුයි ගැන. බිරිඳ මියගිය සැමියෙක් වුණ ශිව් තමන්ගෙ එකම දියණිය ධාරාත් ඇගේ සීයාත් යන මේ තුන්දෙනා ජීවත් වුණේ ලස්සන කඳුකර නගරයක. පුංචි ධාරාගෙ ජීවිතේම වුණේ dance කරන එක. අම්මා අහිමිවූ දැරියක් වුණ ධාරාගෙ ජීවිතේ සම්පූර්ණ කරේ නර්තනය. අම්මා නැති අඩුපාඩුව මැකුවෙ නැටුම්. තාත්තාත්, සීයාත් ඇයට ගොඩක් ආදරේ කළා. ධාරා dancer කෙනෙක් වෙනවට සීයානං බොහොම කැමති වුණා. ධාරාගෙ හීනය වුණේ රටේ හොඳම dancer වෙන එක.

Be Happy

බිරිඳ අහිමිවීමේ ශෝකය නිහඬවම දරා සිටින ශිව්ගෙ ලෝකයම වුණේ ධාරා. තමා සතු එකම වස්තුව මුළු ලෝකයෙන්ම පරිස්සම් කරගන්න ඔහුට ඕනෙ වුණා. දුව ලස්සනට නටද්දි මේ තාත්තට දැණුනෙ බයක්. තමාට ඇයවත් අහිමි වුණොත්? හැම මොහොතෙම ඔහු උත්සාහ කළේ ඇයව ආරක්ෂා කරන්න. ලෝකෙම ඇය ගැන දැනගන්නවට වඩා ඇයව ලෝකෙන්ම හංගලා තියාගන්න ඔහු කැමති වුණේ දියණියට තිබ්බ අප්‍රමාණ ආදරේ නිසා.

Be Happy

තාත්තගෙ මේ උවමනාවට වැඩි පරිස්සම් කිරීම, dancing වලට තියෙන අකමැත්ත ධාරාව අසතුටට පත් කළා. අකමැත්තෙන් වුණත් ඔහු තමන්ගෙ දුවට ඉඩ දුන්නා. තාත්තලා තමන්ගෙ හීන මරාගෙන හරි දරුවන්ගෙ හීනවලට ඉඩ දෙනවා. ධාරාගෙ ජීවිතේ වෙනස් වෙන්නෙ සුප්‍රකට නර්තන ශිල්පිනියක් වුණ මැගීගෙ මුණගැසීමත් එක්ක. පුංචි කෙල්ලගෙ හැකියාව අඳුනගත්ත ඇය මුම්බායි නගරයේ පැවැත්වෙන dance competition එකකට සහභාගී වෙන්න ධාරාට ආරාධනා කළා. අකමැත්තෙන් වුණත් ශිව් ඇයට ඉඩ දුන්නා. නගරයේ කළබලකාරී පරිසරය, තරඟකාරීත්වය, වෙහෙස, ජනප්‍රියත්වය අතරෙ ඔහුට තම දියණිය ගැන බියක් දැණුනා. නමුත් ඔහුට නොදැනිම ටිකෙන් ටික ඔහු පෙරට වඩා නම්‍යශීලී පියෙක් බවට හැරෙමින් සිටියා. ඒත් සියල්ල වෙනස්වන්නේ එක් නිමේෂයකින්. ජීවිත කාලයක් එක් රැස් කෙරූ බලාපොරොත්තු, සිහින විනාශ වෙලා යන්න එක නිමේෂයක් හොඳටම ඇති.

Be Happy

ජීවිතයම අවිනිශ්චිත වුණාට පස්සෙ අපේ හීන වලට කුමක් සිදු වෙයිද ? ජීවිතේ එක්තරා අවස්ථාවක් එනව අපිට තියෙන බයවල්, සැකසංකා, අවිනිශ්චිතබව වගේ දේවල් අමතක කරලා දාලා හීන වලට යනවද කියන දේ තීරණය කරන්න වෙන. ජීවිතේ ඉදිරිය තීරණය වෙන්නෙ එතැනින්. බලාපොරොත්තු අත්හැරලා ජීවත්වෙනවට වඩා, ජීවත්වෙන බව දැනෙන්නෙ හීන හැබෑ කරගන්න වෙහෙසෙනකොට. සිහින සැබෑ කරගන්න හැමදේම සම්පූර්ණ වෙන්න ඕනෙත් නැහැ. ඉගිලෙන්න පුළුවන් කියන විශ්වාසය විතරක්ම ඇති !

Latest news

තාවකාලික ඉන්ධන හිඟයක් ඇතිවිය හැකියි

තාවකාලික ඉන්ධන හිඟයක් ඇතිවිය හැකියි මෙම මාසය අවසන් වනතුරු ඉන්ධන මිල වැඩි නොකර පවතින මිල ගණන් යටතේ පවත්වාගෙන යෑමට හැකි...

තෙල් මිල ගළපන්නෙ IMF එකට ඕනෙ විදිහටද?

තෙල් මිල ගළපන්නෙ IMF එකට ඕනෙ විදිහටද? මැදපෙරදිග ගැටුම් හමුවේ ඉහළ යන ඉන්ධන මිල ගණන්වලට සාපේක්ෂව දේශීය ඉන්ධන මිල ගැලපීම...

ක්ෂේත්‍ර බෝගවලටත් පොහොර සහනාධාර

ක්ෂේත්‍ර බෝගවලටත් පොහොර සහනාධාර 2026/27 මහ කන්නයේ වී සහ කුඹුරු ඉඩම්වල වගා කරන වෙනත් ක්ෂේත්‍ර බෝග සඳහා පොහොර මූල්‍ය සහනාධාරය...

ලබන වසරේ පාසල් පෙළපොත් ලැබෙන්නෙ මෙහෙමයි

ලබන වසරේ පාසල් පෙළපොත් ලැබෙන්නෙ මෙහෙමයි ලබන වසරේ (2027) පාසල් දරුවන් වෙත නොමිලේ බෙදාදීමට නියමිත පෙළපොත්/මොඩියුල මුද්‍රණය කිරීමේ (පළමු අදියර)...
- Advertisement -spot_img

පිරිමින්ටත් පියයුරු පිළිකා

පිරිමින්ටත් පියයුරු පිළිකා පියුයුරු පිළිකා සම්බන්ධව ප්‍රජාව දැනුම්වත් කරන ඒ පිළිබඳව උපදේශන සේවා ක්‍රියාත්මක වන කාල වකවානුවයි මේ. නවතම දත්ත...

ලබන වසරේ පාසල් පෙළපොත් ලැබෙන්නෙ මෙහෙමයි

ලබන වසරේ පාසල් පෙළපොත් ලැබෙන්නෙ මෙහෙමයි ලබන වසරේ (2027) පාසල් දරුවන් වෙත නොමිලේ බෙදාදීමට නියමිත පෙළපොත්/මොඩියුල මුද්‍රණය කිරීමේ (පළමු අදියර)...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you