More
    ArtSongs of Paradise හීන විශ්වාස කරන අයට ලෝකය වෙනස්...

    Songs of Paradise හීන විශ්වාස කරන අයට ලෝකය වෙනස් කරන්න පුළුවන්

    -

    spot_img

    Songs of Paradise – අපි කාටත් අපේම හීන තිබෙනව. මේ හීන කරා යන මාවතේ දි අනිවාර්යයෙන්ම මුණගැහෙන දෙයක් තමයි බාධක. අභියෝග, බාධක ආවම ගොඩක් දෙනා අධෛර්යමත් වෙනව. තමන්ගෙ හීන සැබෑ කරගැනීම අතරමග නතර කරලා දානව. මේ කතාව සමාජ සම්මතයන්, නීති, රීති කිසිවක් නොසළකා තමන්ගෙ හීන සැබෑ කරගත් ගැහැණියක් ගැන. ඇය කාශ්මීරයේ පළමු ගායිකාව රාජ් බෙගම්. ඇයව හඳුන්වන්නේ Nightingale of Kashmir යන නමින්. Songs Of Paradise ඇගේ ජීවිත කතාව ඇසුරෙන් නිමවුණ චිත්‍රපටයක්. 

    Songs of Paradise

    එවකට (1950) සේබා තරුණ ගැහැණු ළමයෙක්. කාශ්මීරයේ අතිශය සම්ප්‍රදායික ගම්මානයක උපත ලැබූ ඇය මවත් පියාත් සමග ජීවත්වුණා. ඇගේ පියා ඇඳුම් මසන්නෙක්. මවට අවශ්‍ය වුණේ දුවට ඉක්මනින්ම විවාහයක් කර දෙන්න. ඒත් සේබට ඕනෙ වුණේ සිංදු කියන්න. නයිටිංගේල් කුරුල්ලෙක් තරම් ලස්සන හඬක් ඇය සතුවුණා. ඒක පුරුෂ ආධිපත්‍යය දැරූ සමාජයක්. ඇත්තටම ඒ ප්‍රදේශයේ උරුමක්කාරයන් පිරිමින්. ගැහැණු හිටියෙ ගෙවල් ඇතුළෙ සැඟවිලා. එහෙම තැනක ඉඳගෙන සේබා සංගීතය ඉගෙන ගත්තා. පන්ති කාමරයෙ ගැහැණු ළමයෙක්ට හිටියෙ ඇය විතරයි. තරඟයකින් ජයග්‍රහණය කරලා ගුවන් විදුලියේ ගායනා කරන්න ගියාම එතැන හිටියෙත් පිරිමි විතරයි. ඔවුන් ඈ දිහා බැලුවෙ අප්‍රසාදයකින්. ඒත් සේබා බොහොම දක්ෂ කෙනෙක් බව ඒ හැමෝම ඉක්මනින්ම වටහා ගත්තා.

    Songs of Paradise

    ගුවන් විදුලියේ ඇගේ ගීත රට පුරා ඇහුනත්, ඇගේ ප්‍රදේශයේ අය ඈ දිහා බැලුවෙ හොඳ විදිහකට නෙමේ. ඔවුන්ට නින්දා කළ එකියක් දිහා බලන අයුරිනුයි ඔවුන් ඈ දිහා බැලුවෙ. ඒ විතරක් නෙමේ සිද්ධකළ “අවමානයට” සේබ ගෙ දෙමව්පියන්ටත් හිරිහැර විඳින්න සිද්ධ වුණා. ඒත් ඇය ඇගේ හීනවලට මියැදෙන්න ඉඩක් දුන්නෙ නැහැ.

    Songs of Paradise

    සමාජය වෙනස්වීම්වලට හරි බයයි. ඒ ඇතුළෙ ඉඳගෙන වෙනස් වෙන්න, හීනවලට යන්න උත්සාහ කරන අයටත් ඔවුන් බයයි. ඒ නිසාම ඔවුන් එවැනි අයෙක් දුටු වහාම කෙනෙහිලිකම්, නින්දා, අපහාස කිරීම අරඹනවා. නමුත් ඒ කිසිවක් මායිම් නොකර හීන කරා යන උදවිය කවදා හෝ තමන්ගෙ හීනයට යනවා. එදාට ඔවුන්ට ලෝකයේම ආදරය ලැබෙනවා. සිදුකළ වෙනස ආදරයෙන් වැළඳගන්න කැමති දහසක් දෙනා ඔවුන් හා එක් වෙනවා. ලෝකය වෙනස් කරන්නෙ තමන්ගෙ හීන විශ්වාස කෙරුව මිනිස්සු !

    Songs of Paradise

    Latest news

    නුවරඑළියේ සිදු කළ පරීක්ෂාවකදී ධාවනයට නුසුදුසු වාහන 73 ක් ධාවනයෙන් ඉවත් කරේ

    නුවරඑළියේ සිදු කළ හදිසි වායු විමෝචන පරීක්ෂාවකදී, වාහන 73 ක් දින 14 ක කාලයක් සඳහා තාවකාලිකව ධාවනයෙන් ඉවත් කිරීමට...

    අලුතින් පත්ව පැමිණි තානාපතිවරු තිදෙනෙක් ජනපති වෙත සිය අක්තපත්‍ර භාර දෙයි

    මෙරටට අලුතින් පත්ව පැමිණි තානාපතිවරු තිදෙනෙක් ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත සිය අක්තපත්‍ර භාරදී තිබෙනවා. 01 - කොළඹ...

    වැල්ලවායේ කුඩු බෙදූ ප්‍රධාන සැකකරුවෙකු අත්අඩංගුවට

    වැල්ලවාය ප්‍රදේශයට හොරොයින් මත්ද්‍රව්‍ය බෙදූ ප්‍රධාන සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.ඒ, පොලීසිය විසින් වැල්ලවාය නගරයේ සිදුකළ වැටලීමකදීයි. සැකකරු සන්තකයේ තිබී අළෙවි...

    ජනපති අනුර රටවල් කිහිපයක නායකයින් නවදිල්ලියේදී හමුවෙයි

    නවදිල්ලි නුවර පැවැත්වෙන ්ෂ ඉම්පැක්ට් 2026 සමුළුවට සහභාගිවී සිටින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා රටවල් කිහිපයක නායකයින් සමග ද්විපාර්ශ්වික...
    - Advertisement -spot_img

    රත් දෝතළු – 38

    රත් දෝතළු - 38 අහස් යනු අමුතුම අයෙකු යැයි කියා මට සිතිණි. වරෙක රළු ලෙසින් කතාබහ කළද සැනෙකින් මෘදු වන්නේ...

    Covid වසංගත සමයේ අපුරු මිතුදමක කතාවක්

    Covid වසංගත සමයේ අපුරු මිතුදමක කතාවක් - Homebound සමහර මිතුරුකම් ලේ නෑකම්වලට වඩා ප්‍රභලයි. අම්මා තාත්තටත් වඩා හදවතට සමීපයි. යහළුවෙක්ට...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page