Artමතුපිටින් පෙනෙන දේ බොරුවක්

මතුපිටින් පෙනෙන දේ බොරුවක්

-

spot_img

මතුපිටින් පෙනෙන දේ බොරුවක් – The Woman in Cabin 10 (2025)

සමහර දේවල් අපිට පෙනෙන්නෙ හරි perfect විදිහට. ඕනෙම දෙයක මතුපිටින් දකින්න ලැබෙන දේ ඇත්ත කියලා අපි විශ්වාස කරනව. ඒත් අපි වටේ තියෙන දේවල් ගැන ටිකක් විමසිල්ලෙන් බැලුවොත් ඒව මතුපිටින් පෙනෙන තරම් perfect නැති බව තේරෙනව. සමහරවිට යම් දෙයක් ගැන සැඟවුණු සත්‍යය අමිහිරි කටුක එකක් වෙන්න පුළුවන්. 

The Woman in Cabin 10

ලෝරා එහෙම නැත්තම් “ලෝ” මාධ්‍යවේදිනියක්. ඇයට අවස්ථාව ලැබෙනව ධනවතෙක්ට අයත් සුඛෝපභෝගී yatch එකක යාත්‍රා කරන්න. මේ යාත්‍රාව ගැන ලිවීම ඇයට බාර වෙලා තිබුණා. බිලියනපතියෙක් වුණ රිචඩ් තමයි මේකෙ හිමිකරු. රිචඩ් ගෙ බිරිඳ ඈන් ලියුකේමියා රෝගියෙක්. ධනවතුන් පිරුණ යාත්‍රාව ඇතුළෙ ඈන් ගොඩක් වෙලාවට හිටියෙ හුදකලාවම. එක්තරා රැයක ලෝට මුහුණ දෙන්න වුණ සිද්ධියකට පස්සෙ මීට පෙර cabin 10 එකේ තමන්ට දකින්න ලැබුණ යුවතියක් තව දුරටත් ඔවුන් එක්ක නැතිබව ඇයට තේරෙනව. ඒත් ලෝ කියන විදිහෙ කෙල්ලෙක්ව එතැන හිටිය කවුරුත් දැකලා තිබුණෙ නෑ. රස්සාවෙ පුරුද්ද නිසාම ලෝට තිබුණා නිශ්ශබ්දව ඉන්න බැරි ගතියක්. උදේ දවල් රෑ නොබලා ඇය මේ ගැහැණු ළමයව හෙව්වා. ඇයගෙ මේ වැඩ අනිත් මිනිස්සුන්ටත් හිසරදයක් වෙලයි තිබුණෙ. මෙතන මොකක් හරි ප්‍රහේලිකාවක් තියෙන වග ලෝට වැටහෙනව. ඇයට දකින්න ලැබුණ ඒ ගැහැණු ළමයා කවුද?

The Woman in Cabin 10

ඔය අතරෙ කවුරුහරි කෙනෙක් ලෝ ව මරන්න උත්සාහ කළා. අපි වටා ඉන්න අය සමහරවෙලාවට අපි වැරදියි කියනව. ඒත් අපිට අපි හරියි කියලා විශ්වාසයි නම්, අපි කරන්න ඕනෙ, ක්‍රියාත්මක වෙන්න ඕනෙ අපේ හිත කියන විදිහට. The Woman in Cabin 10 චිත්‍රපටය නිර්මාණය කරලා තියෙන්නෙ බ්‍රිතාන්‍ය ලේඛිකා Ruth Ware ගෙ The Woman in Cabin 10 කෘතිය ඇසුරෙන්.

The Woman in Cabin 10

Latest news

බිත්තර අතිරික්තයක් තියනවා දවසට එක ගානෙ කන්න

බිත්තර අතිරික්තයක් තියනවා දවසට එක ගානෙ කන්න රටක් විදියට ඉස්සරහට යනකොට බිත්තරය කියන එක වැදගත් බවත් බිත්තර ලක්ශ 15 ක...

තාවකාලික ඉන්ධන හිඟයක් ඇතිවිය හැකියි

තාවකාලික ඉන්ධන හිඟයක් ඇතිවිය හැකියි මෙම මාසය අවසන් වනතුරු ඉන්ධන මිල වැඩි නොකර පවතින මිල ගණන් යටතේ පවත්වාගෙන යෑමට හැකි...

තෙල් මිල ගළපන්නෙ IMF එකට ඕනෙ විදිහටද?

තෙල් මිල ගළපන්නෙ IMF එකට ඕනෙ විදිහටද? මැදපෙරදිග ගැටුම් හමුවේ ඉහළ යන ඉන්ධන මිල ගණන්වලට සාපේක්ෂව දේශීය ඉන්ධන මිල ගැලපීම...

ක්ෂේත්‍ර බෝගවලටත් පොහොර සහනාධාර

ක්ෂේත්‍ර බෝගවලටත් පොහොර සහනාධාර 2026/27 මහ කන්නයේ වී සහ කුඹුරු ඉඩම්වල වගා කරන වෙනත් ක්ෂේත්‍ර බෝග සඳහා පොහොර මූල්‍ය සහනාධාරය...
- Advertisement -spot_img

ක්ෂේත්‍ර බෝගවලටත් පොහොර සහනාධාර

ක්ෂේත්‍ර බෝගවලටත් පොහොර සහනාධාර 2026/27 මහ කන්නයේ වී සහ කුඹුරු ඉඩම්වල වගා කරන වෙනත් ක්ෂේත්‍ර බෝග සඳහා පොහොර මූල්‍ය සහනාධාරය...

පිරිමින්ටත් පියයුරු පිළිකා

පිරිමින්ටත් පියයුරු පිළිකා පියුයුරු පිළිකා සම්බන්ධව ප්‍රජාව දැනුම්වත් කරන ඒ පිළිබඳව උපදේශන සේවා ක්‍රියාත්මක වන කාල වකවානුවයි මේ. නවතම දත්ත...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you