ArtAap Jaisa Koi ඕනෙවට වඩා ගැළපුණාමත් ජීවිතේ නීරසයි

Aap Jaisa Koi ඕනෙවට වඩා ගැළපුණාමත් ජීවිතේ නීරසයි

-

spot_img
Aap Jaisa Koi – මේ ලෝකෙ කොහෙහරි තැනක අපිට ආදරේ කරන්න කැමති කෙනෙක් ඉන්නව කියලා කතාවක් තියෙනවනේ. ඉතින් මේ කෙනා කවද කොයි මොහොතෙ හමුවෙයිද කියන්න බැහැ. සමහරවිට අපිට හදිසි වුණත් ඒ මුණගැහීම සිදුවෙන්නෙ නියමිත කාලයට. හොඳම මොහොතට. නමුත් ආසියානු සමාජය ඇතුලෙ ඔය මුණගැහීම ප්‍රමාද වෙනකොට, ඒ කියන්නෙ කෙනෙක් කසාද බඳින්න පරක්කු වෙනකොට ඒ කෙනාට වඩා එයාගෙ අසල්වැසියන්ට, නෑදෑයන්ට, යාළු මිත්‍රයන්ට මේක බරපතල ප්‍රශ්නයක් වෙනව.

Aap Jaisa Koi

මේ ප්‍රශ්නෙ අවුරුදු හතලිස් දෙකක් වයස අවිවාහක ගුරුවරයෙක් වුණ ශ්‍රීරේණු මහත්තයටත් තිබුණා. එයාට නෙමේ එයාගෙ පවුලෙ අයට, හිතවතුන්ට විතරක් නෙමේ එයාගෙ ශිෂ්‍යයන්ටත් ශ්‍රීරේණු බඳින්නෙ නැති එක ලොකු ගැටළුවක් වෙලා තිබුණා. ඔවුන් ඒ දිහා බැලුවෙ හාස්‍යයෙන්. ඒක ඔහුගෙ දුර්වලකමක් විදිහට. ඇත්තටම ශ්‍රීරේණු කියන්නෙ සම්ප්‍රදායික තාලෙට ජීවත්වුණ, ජීවිතේට ප්‍රේමවන්තියක් නොසිටිය, Virgin පිරිමියෙක්. ඔය අතරෙ යාළුවෙක් ඔහුට Dating App එකක් හඳුන්වල දුන්නා. එතැන විවිධාකාර කාන්තාවො සිටියා. ශ්‍රීරේණුගෙ ජීවිතේ Boring ගතිය ඔය App එකත් එක්ක නැතිවෙලා ගියා. එහෙම ඉන්නකොට තමයි ඔහුට Aap Jaisa Koi කියන මේ App එකෙන් මධූ මුණගැහෙන්නෙ.

Aap Jaisa Koi

ඔවුන් දෙදෙනා අතර හිතවත්කම ඉක්මනින් වර්ධනය වෙනවා. ඇත්තටම මේ දෙන්න අහසත් පොළවත් තරමට එකිනෙකාට වෙනස් ගතිගුණ තිබුණ දෙන්නෙක්. ඒ විතරක් නෙමේ සම්ප්‍රදායික සමාජයක් ඇතුලෙදි විවාහයක් සිදුවීමේදි ඇතිවෙන ගැටළු ගැළපීම් – නොගැළපීම් වගේ දේවල්වලට මුහුණ දෙන්නත් මේ දෙන්නට සිද්ධ වුණා.

Aap Jaisa Koi

ජීවත්වෙනව කියලා අපි හැම තිස්සෙම කරන්නෙ ගැළපීම් කරන එක හෝ සංසන්දනය කරන එක. ආදරේ කරන්න, විවාහ වෙන්න අපි ගැළපෙනම සහකරුවා හෝ සහකාරිය සොයනවා. අපි හොයන්නෙ අපි වගේම කෙනෙක්. 100% ක් ගැළපෙන අය මේ ලෝකෙ නැහැ. ඕනවට වඩා ගැළපුණාමත් boring. ජීවිතේ රසවත් වෙන්නෙ නොගැළපීම්, විවිධත්වයන් එක්ක .

Latest news

මහ බැංකු අධිපතිගෙන් විශේෂ හෙළිදරව්වක්

මහ බැංකු අධිපතිගෙන් විශේෂ හෙළිදරව්වක් වර්තමානයේ දී රට යම් ස්ථාවර මට්ටමකට පැමිණ ඇත්තේ වැරැදි නිවැරැදි කරමින් විනිවිද භාවයකින් යුතුව කටයුතු...

නිල ඇඳුමට අමතරව ඩෙංගුවලටත් ඇඳුමක්

නිල ඇඳුමට අමතරව ඩෙංගුවලටත් ඇඳුමක් ඩෙංගු වසංගතයෙන් පාසල් දරුවන් මුදා ගැනීමේ පියවරක් ලෙස පාසල් නිල ඇඳුමට අමතරව දෑත් , දෙපා...

ඩෙංගු රෝගීන් ඇඳන් යට සහ කොරිඩෝවල

ඩෙංගු රෝගීන් ඇඳන් යට සහ කොරිඩෝවල ඩෙංගු වසංගතය හේතුවෙන් මේ වනවිට රෝහල් රැසක ධාරිතාව ඉක්මවා යෑම නිසා සෞඛ්‍ය සේවාව  පවා...

බොරතෙල් මිල නැවතත් ඉහළට

බොරතෙල් මිල නැවතත් ඉහළට ඉරානය සහ ඇමෙරිකාව ප්‍රහාර යළි ඇරැඹීමත්, ඉරානය ගල්ෆ් කලාපයේ රටවලට ප්‍රහාර එල්ල කිරීමත් සමග ලෝක වෙළෙඳපොළේ...
- Advertisement -spot_img

ඩෙංගු රෝගීන් ඇඳන් යට සහ කොරිඩෝවල

ඩෙංගු රෝගීන් ඇඳන් යට සහ කොරිඩෝවල ඩෙංගු වසංගතය හේතුවෙන් මේ වනවිට රෝහල් රැසක ධාරිතාව ඉක්මවා යෑම නිසා සෞඛ්‍ය සේවාව  පවා...

පැණි රස සහ ඇඹුල් රස මුසුව මැලේ අච්චාරු

පැණි රස සහ ඇඹුල් රස මුසුව මැලේ අච්චාරු - Malay pickle අච්චාරු කියන්නෙ කොයි කවුරුත් කන්න ආස කෑමක්. මැලේ අච්චාරු...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you