Drowned – තන්තිරිමලය, බෝගොඩ පාලම අසලදී මල්වතුඔයේ දිය නාමින් සිටි පුද්ගලයෙකු දියේ ගිලී ජීවිතක්‍ෂයට පත්ව තිබෙනවා. පොලීසිය පැවසුවේ මඩු පල්ලි වන්දනාව සඳහා ගොස් ආපසු එමින් සිටි පිරිසක් එම ස්ථානයේ දිය නාමින් සිටියදී අදාළ පුද්ගලයා එලෙස දියේ ගිලී ජීවිතක්‍ෂයට පත්ව ඇති බවයි තන්තිරිමලය පොලීසිය පැවසුවේ.
මේ අතර ගලේවෙල, දේවහූව ජලාශයේ දිය නාමින් සිටි දරුවෙකුද දියේ ගිලී ජීවිතක්‍ෂයට පත්ව තිබෙනවා. එලෙස ජීවිතක්‍ෂයට පත්ව ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචිව සිටි වයස අවුරුදු 11ක්වූ දරුවෙකු බවයි ගලේවෙල පොලීසිය පැවසුවේ.



