More
    NewsMahinda Rajapaksa Facebook post හිටපු ජනපති මහින්ද මුහුණු පොතේ...

    Mahinda Rajapaksa Facebook post හිටපු ජනපති මහින්ද මුහුණු පොතේ තැබූ සටහ

    -

    spot_img

    Mahinda Rajapaksa Facebook post – හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විජේරාමයේ පිහිටි නිල නිවසට සමුදීමෙන් පසු අදාළ සිදුවීම සම්බන්ධයෙන් සිය ෆේස්බුක් ගිණුමෙහි සටහනක් තබා තිබෙනවා. හිටපු ජනාධිපතිවරයා එහි සඳහන් කර ඇත්තේ ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත පසුගියදා සම්මත කිරීමත් සමග බලාත්මක වූ නව නෛතික තත්ත්වයට ගරු කරමින් තමන් නිල නිවසින් ඉවත් වූ බවයි. මහින්ද රාජපක්ෂ වන තමා හිස නමන්නේ නීතිය ඉදිරියේ සහ ජනතාව හමුවේ පමණක් බවත් විජේරාමයේ සිටිය ද, තංගල්ලේ සිටිය ද මහින්ද රාජපක්ෂ, මහින්ද රාජපක්ෂම බවයි එහි දක්වා ඇත්තේ. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සිය සටහන අවසන් කර ඇත්තේ “ගිරුවාපත්තුවේ මහින්ද රාජපක්ෂට දේශපාලන තර්ජන, ගර්ජන හොඳින් හුරු පුරුදුය” ලෙසින්. හිටපු ජනාධිපතිවරයා සිය මුහුණු පොතේ සටහන් කර ඇති සම්පූර්ණ සටහන පහතින්, උපුටා ගැනීම “ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත පසුගිය 10 වන බදාදා දින පාර්ලිමේන්තු හිදී සම්මත කිරීමත් සමඟ බලාත්මක වූ නව නෛතික තත්ත්වයට ගරු කරමින් ඊයේ දින එනම් 11 වන බ්‍රහස්පතින්දා දින පස්වරුවේ, මා වෙත මෙතෙක් නීත්‍යානුකූලව ලබා දී තිබු විජේරාම නිල නිවසින් ඉවත් වූයෙමි. මින් පෙර ඇතමුන් විසින් විජේරාම නිල නිවසින් පිටව යන ලෙස මාධ්‍ය ඉදිරියේ සිදු කරන ලද විවිධ විධානයන් මම දුටුවෙමි. ජනතාව වෙනුවෙන් කිසිවක් කළ නොහැකිව ඉතා කෙටි කාලයක් තුළ දිනෙන් දින ජනතා අප්‍රසාදයට ලක්වන පිරිසක් තම නොහැකියාව වසා ගැනීමට මාධ්‍ය ඉදිරියේ සිදු කළ එම ප්‍රකාශයන්ට අවනත වීමේ අවශ්‍යතාවයක් මට නොතිබුණි. එහෙත් පසුව ඔවුන් විසින්ම නව නීති සම්මත කිරීමත් සමඟ පැය 24 ක කාලයක් ඇතුළත මම විජේරාම නිවසට සමු දුනිමි. ඒ අප නීතියට ගරු කළ යුතු නිසාවෙනි. මහින්ද රාජපක්ෂ වන මා හිස නමන්නේ නීතිය ඉදිරියේ සහ මගේ ජනතාව හමුවේ පමණි. පෞද්ගලික පළිගැනීම් ඉලක්ක කරගත්, විනයක් මෙන්ම වෘත්තීමය භාවයක් රහිත දේශපාලනික ත්‍රස්තවාදයකට අප සැමට මුහුණ දීමට සිදුව ඇත. එමෙන්ම, කුරිරු ත්‍රස්තවාදය අවසන් කිරීම නිසාම ඊට ආනුෂංගිකව පැන නැඟී ඇති සිද්ධි දාමයක ඉලක්කය බවට මා පත්ව ඇත. එහෙත් ත්‍රස්තවාදය අවසන් කිරීම පිළිබඳව කිසි දිනක මා පසුතැවිලි වන්නේ නැත. මා යුධ වැදුනේ මේ මාතෘ භූමිය තුළ නිදහසේ හුස්ම ගැනීමේ අයිතිය වෙනුවෙනි. හුස්ම අප සැමට පොදුය. ජාති ආගම් භේද නැත. අපගේ හුස්ම වෙනුවෙන් තම හුස්ම අහිමි කර ගත්තේ රණවිරු දරුවන්ය. ඔවුන් විසින් දිනා දුන් අභිමානවත් ජාතියක නිදහස සංකේතවත් කිරීමට සහ එයට කෘතගුණ සැළකීමට අප සැම එක්ව අනුරාධපුර පූජා නගරයෙහි සඳ හිරු සෑය නිර්මාණය කළෙමි. සඳ හිරු පවතින තෙක් අප මාතෘ භූමිය එකම රටක් ලෙස, එකම ධජයක් යටතේ පවතීවා යන්න එයින් නිරූපණය වේ. මාගේ වැඩිමහල් පුතු නාමල් කියූ ලෙසින්ම සියල්ල ආරම්භ වූ මගේ ගම් ප්‍රදේශයට නැවත පැමිණ සිටිමි. පැමිණියේ ද අප විසින්ම ඉදිකළ දක්ෂිණ අධිවේගී මාර්ගයෙන්මය. ගමේ ඇඹුල් තියල් මාලුවක රස විඳීමට දැන් මට හැකියාව ඇත. කොළඹ ගෙන යෑමේ අවශ්‍යතාවයක් ද නැත. කෙසේ වෙතත් සියල්ල ආරම්භ වූයේ මේ භූමියෙනි. මහින්ද රාජපක්ෂ නම් තරුණයා 1970 වර්ෂයේ මහ මැතිවරණයට තරඟ කළේ ගිරුවායෙනි. එයට අවස්ථාව ලබා දුන්නේ බණ්ඩාරනායක මැතිණියයි. ඇය තරුණ මන්ත්‍රීවරයෙකු හැටියට මා ගමන් කළ යුතු මාර්ගය පෙන්වා දුන්නාය. ඇය අපට නායිකාවක් මෙන්ම මාතාවක් වුවාය කිවහොත් එය නිවැරදිය. දේශපාලනය තුළ නිවැරදි මඟ පෙන්වීම ඉතා වැදගත්ය. රටේ පීඩිත මහජනතාව සමාජවාදය වෙත යොමු කළ බණ්ඩාරනායක ශ්‍රීමතාණන් පසුපස රුහුණු මහජන මන්ත්‍රීවරයාව සිටි දිවංගත මාගේ ආදරණීය පියාණන් සැමවිටම දක්නට ලැබුණි. මාගේ පියා නියෝජනය කළේ රුහුණේ බෙලිඅත්තේ මහජනතාව‌ගේ අපේක්ෂාවන්ය. ලාබාලතම මන්ත්‍රීවරයා වශයෙන් 1970 ජනතා රජයේ ප්‍රථම රාජාසන කථාවට ස්තුති යෝජනාව සිදු කරනු ලැබුවේ මා විසිනි. එහිදී රුහුණේ බෙලි අත්තේ මහජනතාවගේ අපේක්ෂාවන් පිළිබඳ කථා කළා මට මතකය. අඳුරු කාල පරිච්ඡේදයන්හි පැවති දේශපාලන මර්දන සහ පළිගැනීම් පිටුදකිමින් අතුරුදහන් වූවන් වෙනුවෙන් ජිනීවා මානව හිමිකම් කවුන්සිලය වෙත ගියේ ද මේ මහින්ද රාජපක්ෂමය. අතුරුදහන් වීම්, මානව හිමිකම් උල්ලංඝනය වීම් වෙනුවෙන් පෙනී සිටිමින් නීති ආධාර ලබා දුන් ස්ථානයෙහි ලිපිනය වූයේ “නීතීඥ මහින්ද රාජපක්ෂ, සභාපති – මානව හිමිකම් හා නීති ආධාර කේන්ද්‍රය, කාල්ටන්, තංගල්ල” යන්න බව නැවතත් මාගේ සහෝදරයන්ට සිහිපත් කරමි. පාද යාත්‍රා, ජන ඝෝෂා, මිනිස් දම්වැල් වැනි ආණ්ඩු විරෝධී අරගලයන් ජනතාවගේ යහපත උදෙසා ප්‍රජාතන්ත්‍රවාදී මාර්ගයන් ඔස්සේ කළ සැබෑ ජන අරගලයන්ට උදාහරණය. තම දේශපාලනික පීඩනයන් හා ආතතීන් මඟ හරවා ගැනීම සඳහා කිසිවෙකුට ප්‍රජාතන්ත්‍රවාදයෙන් බැහැර විය නොහැක. අසත්‍ය කරුණු ප්‍රචාරය කරමින් ප්‍රධාන විපක්ෂ මතවාදීන් මර්දනය කිරීමට ගන්නා උත්සහය කණගාටුදායකය. ජනතාව අප කෙරෙහි තබා තිබූ බලාපොරොත්තු අධිකය. එම බලාපොරොත්තු දැඩිකම නිසාම පසුගිය කාලය තුළ යම් යම් සිද්ධීන්ට මුහුණ දීමට සිදුවුණි. මහින්ද රාජපක්ෂ තීරණ ගත්තේ සිතට එකඟව රට වෙනුවෙනි. ජනතාවගේ ආදරය සහ ලෙංගතුකම තරම් වටිනා දෙයක් මා හට නොමැත. අතීතයේ ලද ජනතා ආදරයම අද ද ඒ අයුරින්ම ලැබීම මා ලද වරප්‍රසාදයයි. එම වරප්‍රසාදය අහිමි කිරීමට කිසිවෙකුට නොහැක. අපගේ ගෞරවණීය ස්වාමීන් වහන්සේලාගෙන් සැමදා එක ලෙස මා ලද ආශිර්වාදය භෞතික වරප්‍රසාද ඉක්මවා යන්නකි. මාගේ ආදරණීය බිරිඳ ශිරන්ති දේශපාලනයේ නිරත වීමට අවැසි මානසින නිදහස ලබාදෙමින් සැමදා මා හට ශක්තියක් වූවාය. එදත් අදත් මා අසලින්ම සිටි සහ සිටින ප්‍රධාන ආරක්ෂක නිලධාරී ප්‍රමුඛ මාගේ ආරක්ෂක නිල දරුවන්ගෙන් ලැබෙන ආරක්ෂාව රැකියාවට එහාගිය අතිශය ආදරණීය බැඳීමකි. විජේරාමයේ සිටිය ද, තංගල්ලේ සිටිය ද මහින්ද රාජපක්ෂ මහින්ද රාජපක්ෂමය. මහින්ද රාජපක්ෂට මේවන විට මුක්කු ගැසීමට අවශ්‍ය බවට සිදු කළ ප්‍රකාශයක් මා හට දැනගැනීමට ලැබිණි. පෞද්ගලිකව මා ඉලක්ක කර ගැනීම පිළිබඳ ප්‍රතිචාර නොදක්වමි. එහෙත් මා ජීවත්ව සිටින තෙක්, අප සැම ජීවත්වන කෙදිනක හෝ මිහිදන් වන සිංහ ධජය සෙවනේ පවතින මෙම ඒකීය මාතෘ භූමියට කුමන හෝ අයෙකු ද්‍රෝහි වුවහොත් කෙතරම් පීඩා මධ්‍යයේ වුවද මා නැඟී සිටින බව ප්‍රකාශ කරමි. එදිනට අවශ්‍ය වුවහොත් මුක්කු ගසා උර දීමට මේ රටේ මහා සංඝරත්නය ප්‍රමුඛ ආදරණීය ජනතාව සිටින බව මම හොඳින් දනිමි. ගිරුවාපත්තුවේ මහින්ද රාජපක්ෂට දේශපාලන තර්ජන, ගර්ජන හොඳින් හුරු පුරුදුය.”

    Latest news

    අකුරේගොඩ ද්විත්ව ඝාතනයේ වෙඩික්කරු සැඟව සිටි නිවසේ අයිතිකරු අත්අඩංගුවට

    අකුරේගොඩදී නීතිඥවරයකු සහ ඔහුගේ බිරිඳ වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව, මොනරාගල ප්‍රදේශයේ සැඟවී සිටි බව කියන වෙඩික්කරුට නවාතැන්...

    නුවරඑළියේ සිදු කළ පරීක්ෂාවකදී ධාවනයට නුසුදුසු වාහන 73 ක් ධාවනයෙන් ඉවත් කරේ

    නුවරඑළියේ සිදු කළ හදිසි වායු විමෝචන පරීක්ෂාවකදී, වාහන 73 ක් දින 14 ක කාලයක් සඳහා තාවකාලිකව ධාවනයෙන් ඉවත් කිරීමට...

    අලුතින් පත්ව පැමිණි තානාපතිවරු තිදෙනෙක් ජනපති වෙත සිය අක්තපත්‍ර භාර දෙයි

    මෙරටට අලුතින් පත්ව පැමිණි තානාපතිවරු තිදෙනෙක් ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත සිය අක්තපත්‍ර භාරදී තිබෙනවා. 01 - කොළඹ...

    වැල්ලවායේ කුඩු බෙදූ ප්‍රධාන සැකකරුවෙකු අත්අඩංගුවට

    වැල්ලවාය ප්‍රදේශයට හොරොයින් මත්ද්‍රව්‍ය බෙදූ ප්‍රධාන සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.ඒ, පොලීසිය විසින් වැල්ලවාය නගරයේ සිදුකළ වැටලීමකදීයි. සැකකරු සන්තකයේ තිබී අළෙවි...
    - Advertisement -spot_img

    රත් දෝතළු – 39

    රත් දෝතළු - 39 මිදුල දිගේ මම පිටුපසට පැමිණියෙමි. පිටුපස දොර හරින තුරු මම දොර ළඟ පමා වූයෙමි. මඳ වෙලාවක්...

    වියළි දෙතොලට සමුදෙන්න

    වියළි දෙතොලට සමුදෙන්න - Say bye to dry lips දෙතොල් වියළීම හරිම කරදරකාරී දෙයක්. වියළි දෙතොල් ඔබේ පෙනුම අවලස්සන කරනවා....

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page