NewsSocial media Harassment නිරුවත් වීඩියෝ සමාජ මාධ්‍ය දමන බවට...

Social media Harassment නිරුවත් වීඩියෝ සමාජ මාධ්‍ය දමන බවට තර්ජනය කළ අයෙක් රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

-

spot_img

Social media Harassment – තම පෙම්වතියගේ නිරුවත් වීඩියෝ දර්ශන සමාජ මාධ්‍ය ඔස්සේ බෙදා හරින බවට තර්ජනය කළේ යැයි කියන තරුණයකු සැප්තැම්බර් මස 03 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මංජුල රත්නායක නියෝග කර තිබේ. අදාළ තරුණිය විසින් ළමා හා කාන්තා කාර්යාංශයට යොමු කරන ලද පැමිණිල්ලක් අනුව මෙහෙයවූ පරීක්ෂණවල ප්‍රථිපලයක් ලෙස මෙම තීන්දුව ලබා දී ඇතැයි සඳහන්.

අදාළ තරුණිය හා තරුණයා අතර ප්‍රේම සම්බන්ධතාවයක් පැවති කාලය තුළ, ඔවුන් ලිංගික ක්‍රියාකාරකම්වල යෙදුණු අවස්ථාවක් සැකකාර තරුණයා විසින් ඇයගේද කැමැත්ත ඇතිව වීඩියෝ ගත කර තිබෙන අතර පසුව ඔහු විසින් වට්ස්ඇප් පණිවිඩ හරහා එම වීඩියෝ සමාජ මාධ්‍යවලට මුදා හරින බව පවසමින් තමාට තර්ජනය කළ බව තරුණිය පැමිණිලි කර තිබිණි.

1983 අංක 22 දරන අසභ්‍ය ප්‍රකාශන පනතේ 2(අ) වගන්තිය යටතේ, බෙදා හැරීමේ අරමුණින් අසභ්‍ය වීඩියෝ ද්‍රව්‍ය ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබේ. සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ උදයංග මුණවීර අධිකරණයෙන් ඉල්ලා සිටියේ, වීඩියෝ දෙපාර්ශවයේම කැමැත්ත ඇතිව ලබාගෙන ඇති බැවින්, තම සේවාදායකයා ඇප මත මුදා හරින ලෙසයි. නමුත් ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කළ මහේස්ත්‍රාත්වරයා සැකකාර තරුණයා සැප්තැම්බර් මස 3 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර ඇත.

Latest news

පළාත් සභා ඡන්ද විශේෂ කාරක සභාවට විපක්ෂය නෑ

පළාත් සභා ඡන්ද විශේෂ කාරක සභාවට විපක්ෂය නෑ පළාත් සභා ඡන්ද විමසීම කුමන මැතිවරණ ක්‍රමයක් යටතේ පැවැත්විය යුතුද යන්න සොයා...

මැලේරියාව සහ පිටගැස්ම පාලනය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයුමට

මැලේරියාව සහ පිටගැස්ම පාලනය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයුමට මැලේරියා රෝගය මෙන්ම මවුවරුන්ගේ සහ බිළිඳුන්ගේ පිටගැස්ම තුරන් කිරීමත් එය වසර 10ක්...

වසර දෙකක් තුළ සතොස අලෙවිහල් 31ක් වහලා

වසර දෙකක් තුළ සතොස අලෙවිහල් 31ක් වහලා 2024 වසරේ ජනවාරි සිට ඉකුත් වසරේ (2025) ඔක්තෝබර් මාසය දක්වා කාලය තුළ දිවයින...

ප්‍රධාන ජලාශ 74 ක වතුර හිඳේ

ප්‍රධාන ජලාශ 74 ක වතුර හිඳේ වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පවතින ප්‍රධාන ජලාශ 74 හි සමස්ත ජල ධාරිතාව සියයට 34ක පමණ...
- Advertisement -spot_img

පැරසිටමෝල් වැඩිපුර බිව්වොත් මොකද වෙන්නේ?

පැරසිටමෝල් වැඩිපුර බිව්වොත් මොකද වෙන්නේ? ඕනෑම දෙයක් ඕනෑවට වඩා ඕනේම නැත. බේත් හේත් වුවද එසේමය. නිසි ප්‍රමාණය නිසි වෙලාව ඉක්මවා...

ප්‍රධාන ජලාශ 74 ක වතුර හිඳේ

ප්‍රධාන ජලාශ 74 ක වතුර හිඳේ වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පවතින ප්‍රධාන ජලාශ 74 හි සමස්ත ජල ධාරිතාව සියයට 34ක පමණ...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you