More
    FeaturesStephen Fry නයිට් පදවියෙන් පිදුම් ලැබූ කීර්තිමත් රංගන ශිල්පියා

    Stephen Fry නයිට් පදවියෙන් පිදුම් ලැබූ කීර්තිමත් රංගන ශිල්පියා

    -

    spot_img
    Stephen Fry – ඔහු ප්‍රේක්ෂක සිත් තුළ මතක සිටින රංගනයන් ඉදිරිපත් කළ නළුවෙක්. එයට අමතරව ඔහු අධ්‍යක්ෂවරයෙක්, ගුවන්විදුලි රූපවාහිනී වැඩසටහන් ඉදිරිපත් කරන්නෙක් මෙන්ම දක්ෂ ලේඛකයෙක්. මානසික සෞඛ්‍යය සඳහා වන පුණ්‍ය ආයතනයක් වන Mind හි සභාපති ඔහුය. මානසික සෞඛ්‍යය පිළිබඳ දැනුවත් කිරීම, පරිසරය සුරැකීම වෙනුවෙන් දායක වීම සහ පුණ්‍ය කටයුතු සඳහා කළ සේවය වෙනුවෙන් 2025 වසරේදී බ්‍රිතාන්‍ය නළු Stephen Fry නයිට් පදවියෙන් පිදුම් ලබන ලදී. 

    stephen-fry-knighted

    ඔහු උපත ලබන්නේ 1957 අගෝස්තු 24 වැනිදා එංගලන්තයේ හැම්ප්ස්ටෙඩ් හිදී යි. Fry ගේ පියා භෞතික විද්‍යාඥයෙක් වන අතර මව ගුරුවරියක් සහ ලේඛිකාවක්. ඔහුට සහෝදරයෙක් සහ සහෝදරියක් සිටිනවා. කුඩා කළ නෝෆෝක්හි හැදී වැඩුණ ඔහු Paston සහ Gresham’ s පාසල් වලින් අධ්‍යාපනය ලැබුවා. එවකට තමා Dyslexia තත්වයෙන් සහ විශාදයෙන් පීඩා විඳි බව ඔහු සඳහන් කළා. කෙම්බ්‍රිජ්වල Queens විද්‍යාලයෙන් ඉංග්‍රීසි සාහිත්‍ය ඉගෙන ගත් අතර ඒ අවධියේදී නාට්‍යවලට සම්බන්ධ වුණා. උසස් අධ්‍යාපනය නිම කිරීමෙන් පසු හියු ලෝරි සමගින් Fry and Laurie නම් විකට නාට්‍ය කණ්ඩායමේ කටයුතු කළා.

    Stephen-fryStephen-fryStephen-fry

     

    Stephen Fry ගේ රංගනය වේදිකාව, රූපවාහිනිය සහ චිත්‍රපට යන සෑම අංශයක් පුරාම විහිදී ඇති අතර QI , V For Vendetta, Sherlock Holmes (2011) , The Hobbit, Wilde ඔහු රඟපෑ නිර්මාණ අතරට අයත්. බුද්ධිමතෙකු ලෙසින් ප්‍රකට ඔහු බොහෝ පොත් ලියා තිබේ. The Liar (1991), The Hippopotamus (1994), 1997 දී පළ කෙරූ සිය චරිතාපදානය Moab Is My Washpot සහ The Fry Chronicles ඒ අතරින් කිහිපයක්. ගුවන් විදුලි කටයුතු සඳහා Richard Imison සම්මානය, BAFTA TV සම්මානය ඇතුළු සම්මාන රැසකින් ම ඔහු පිදුම් ලැබුවා.

    Stephen-fryStephen-fryStephen-fry

     

     

    සමලිංගිකයෙකු වන Fry 2015 දී තම පෙම්වතා වන Ellioh Spencer සමගින් විවාහ වුණා. ඔවුන් අතර වයස පරතරය අවුරුදු 30 ක් වුවද එය ඔවුන්ගේ සම්බන්ධතාවට බාධාවක් වී නැහැ. පුණ්‍යාතන වලට දායකත්වය ලබා දීම සහ මානසික සෞඛ්‍යය පිළිබඳ දැනුවත් කිරීමේ කටයුතුවලට අමතරව ඔහු LGBTQ ප්‍රජාවගේ අයිතිවාසිකම් වෙනුවෙන්ද කටයුතු කරනවා.

    Latest news

    ඉරානයේ උත්තරීතර නායකයාට එරෙහිව ඉරානය පුරා විරෝධතා

    ඉරානයේ උත්තරීතර නොසන්සුන්කාරී තත්ත්වය ඉරානයේ පළාත් 31 පුරාම ව්‍යාප්ත වී ඇති අතර, මේ වන විට ළමුන් 05 ක් ඇතුළුව...

    තමා තවමත් වෙනිසියුලාවේ ජනාධිපතිවරයා බව මදුරෝ අධිකරණය හමුවේ ප්‍රකාශ කරයි

    වෙනිසියුලාවේ ජනාධිපති නිකොලාස් මදුරෝ, නිව්යෝර්ක් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව, අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී තමා තවමත්...

    ද්විත්ව පුරවැසියන්ටත් කටුනායක ගුවන්තොටුපළේදීම තාවකාලික රියැදුරු බලපත්‍රයක්

    විදේශගතව සිට පැමිණෙන මෙරට පුරවැසියන්ට සහ ද්විත්ව පුරවැසියන්ටත් කටුනායක ගුවන්තොටුපළේදීම තාවකාලික රියැදුරු බලපත්‍රය ලබා දීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව...

    මොරගහකන්ද ජලාශය වාන් දැමීමට ඇති හැකියාව සම්බන්ධයෙන් දැනුවත් කිරීමක්

    අධික වර්ෂා තත්ත්වය නිසා ඉදිරියේදී මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු විවෘත කිරීමට සිදුවීමේ සම්භාවිතාවක් පවතින බව මහවැලි අධිකාරිය පවසනවා. අද (18)...
    - Advertisement -spot_img

    මැටීගේ කපුටු ප්‍රේමය

    මැටීගේ කපුටු ප්‍රේමය සොබාදහම විටෙක ආවේගශීලී බව මම දැන සිටියෙමි. එබැවින් මම ජීවත්වුණේ ඉතා පරිස්සමිනි. පළමු වරට කූඩුවෙන් පිටවීමට...

    Blackheads ගැටළුවට විසඳුමක්

    Blackheads කියන්නෙ ගොඩක් අයට තියෙන රූපලාවන්‍ය ගැටළුවක්. මේකට වයස බලපෑමක් නැහැ. තරුණ වයසෙ ඉඳලා මැදිවිය දක්වාම ගොඩක් අය මුහුණ...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page