ArtSorry Baby ජීවිතේ පහසු වෙන්න සුවපහසු සබඳතා තියෙන්නම ඕනෙ

Sorry Baby ජීවිතේ පහසු වෙන්න සුවපහසු සබඳතා තියෙන්නම ඕනෙ

-

spot_img

Sorry Baby – නිරතුරුවම පාහේ අපිට අහන්න දකින්න ලැබෙන දේවල් එක්ක මේ ලෝකය මොනතරම් විෂ සහිත තැනක් ද කියන දේ වැටහෙනව. ලෝකය පිරී තියෙන්නෙ වෛරයෙන්, වංචාවෙන් සහ රැවටීමෙන්. ගොඩක් වෙලාවට බහුලවම අසාධාරණයන්ට කෲරකම්වලට හසුවෙන්නෙ කුඩා ළමයින් සහ කාන්තාවන්. නොදුටු අයෙක්ගෙ සිතක් පවා සසල වෙන තරමට ඇතැම් කෲරකම් ප්‍රබලයි. සමහරවිට අපේ සිත්වලට පවා ඔවුන් වෙනුවෙන් යමක් කළ නොහැකිවීමේ වරදකාරීත්වය දැනෙන්න ගන්නවා.

Sorry Baby

” I’ m sorry that bad things are going to happen to you “

Sorry Baby

 

Agnes තරුණ මහාචාර්යවරියක්. නිහඬ නිස්කලංක පෙදෙසක ඇය ජීවත්වුණේ තනිවම. මේ අතර ඇයගෙ මිතුරිය Lydie ඇයව මුණගැහෙන්න එන්නෙ තමා මවක් වීමේ ආරංචියත් රැගෙනයි. මේ මහාචාර්යවරිය කාලය ගත කළේ ඛේදවාචකයක කම්පනයත් එක්ක. ඇයව ලිංගික අතවරයකට පත්වෙලා තිබුණා. ඒ කම්පනය ඇයට ඇයගෙ වත්මන් ජීවිතයට බලපෑම් එල්ල කරමින් පැවතුණා. වෙන්වීම්, හැරයාම් ගොඩක් වෙලාවට කාලයත් එක්ක අපේ සිතෙන් ඉවත්ව ගියත්, ඛේදවාචක කිසිදිනෙක අපේ ජීවිතෙන් ඉවත්වෙලා යන්නෙ නැහැ. අපිට සිද්ධවෙනව ඒවත් එක්ක ජීවත්වෙන්න.

 

Sorry, Baby ඉදිරියට ඇදෙන්නෙ Agnes ගෙ ජීවිතේ එක්ක. ඇය කම්පනයත් සමග සිය එදිනෙදා ජීවිතය ඉදිරියට රැගෙන යන අන්දම, ඇගේ සබඳතා යනාදී දේවල් එක්ක. ජීවිතේ පහසු වෙන්න සුවපහසු සබඳතා තියෙන්නම ඕනෙ. නිසැකවම අපිට අමිහිරි සිදුවීම්වලට මුහුණ දෙන්න වෙනව. ඉතින් ඒවායෙන් ඇතිවූ කම්පනයෙන් හැකිතාක් මිදිලා ජීවිතේ ඉස්සරහට අරන් යන එකයි අපි කළ යුතු වන්නෙ. ඇතැම් විට අපිට හිතෙනව නපුරු වෙන්න, පළි ගන්න. එවිට සිද්ධවෙන්නෙ අපිත් මේ ලෝකෙ ඉන්න කෲර මිනිස්සුන්ගෙන් කෙනෙක් බවට පත්වෙන එක. හානිදායක තත්වයන්ගෙන් හැකි තරම් ප්‍රවේශම්වෙලා , ලෝකයට සමාව දීලා, ජීවිතේ ඉදිරියට අරන් යද්දි ජීවිතේ පහසු වේවි. සොබාදහම නිසැකවම ඔබව රැකබලා ගනීවි.

Sorry Baby

 

Latest news

කුඹුරක තිබී වෙඩි වැදුණු සිරුරක් හමුවේ

කුඹුරක තිබී වෙඩි වැදුණු සිරුරක් හමුවේ වෙඩි වැදීමකින් මරණයට පත් පුද්ගලයෙකුගේ සිරුරක් කොටවෙහෙර පොලිස් වසමට අයත් කුඹුරක තිබියදී හමුවී...

කෝටි පහක කුෂ් එක්ක ඉන්දියානුවෙක් අල්ලයි

කෝටි පහක කුෂ් එක්ක ඉන්දියානුවෙක් අල්ලයි රුපියල් කෝටි පහකට වඩා වැඩි වටිනාකමකින් යුත් කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් මෙරටට රැගෙන විත්, ඒවා...

නැව් රැකියා මාෆියාව සහ සුදු කරපටි සන්ධානය

නැව් රැකියා මාෆියාව සහ සුදු කරපටි සන්ධානය ලංකාවේ පවතින ආර්ථික වටපිටාව හමුවේ රට අතහැර යෑමට සහ ඉහළ වැටුප් සහිත රැකියා...

පණු කරඳ ගහ ගැන කතාකළ දේවානිට උසස්විමක්

පණු කරඳ ගහ ගැන කතාකළ දේවානිට උසස්විමක් ගම්පහ දිසා වන නිලධාරිනිය ලෙස කටයුතු කළ දේවානී ජයතිලක උතුරු මැද සහ නැගෙනහිර...
- Advertisement -spot_img

නැව් රැකියා මාෆියාව සහ සුදු කරපටි සන්ධානය

නැව් රැකියා මාෆියාව සහ සුදු කරපටි සන්ධානය ලංකාවේ පවතින ආර්ථික වටපිටාව හමුවේ රට අතහැර යෑමට සහ ඉහළ වැටුප් සහිත රැකියා...

දෙවියන්ගේ දේශයට සවාරියක්

දෙවියන්ගේ දේශයට සවාරියක් - Kerala ඉන්දියාවේ නිරිතදිග වෙරළ තීරයට මායිම්ව පිහිටා ඇති කේරළය (Kerala) ස්වභාවික සුන්දරත්වය පිරුණු තැනක්. සශ්‍රීක හරිත...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you