FeaturesOscar Wilde වික්ටෝරියානු යුගයේ බිහිවු විශිෂ්ටතම ලේඛකයා

Oscar Wilde වික්ටෝරියානු යුගයේ බිහිවු විශිෂ්ටතම ලේඛකයා

-

spot_img

Oscar Wilde – මෙලොව ඛේදවාචක දෙකක් පවතින වගත් ඉන් පළමුවැන්න තමාට අවැසි දෙය නොලැබීමේ ඛේදවාචකය වගත් දෙවැන්න එය ලැබීමේ ඛේදවාචකය බවත් සුප්‍රකට අයිරිෂ් ජාතික ලේඛක Oscar Wilde පවසා සිටියා. සැප සම්පත් තුරුළු කරගෙන ඉපදුණ ඔහුගේ ජීවිත සිදුවීම් දෙස අවධානය යොමු කිරීමෙන්ම මේ ප්‍රකාශයේ සත්‍යය තේරුම් ගත හැකියි. ලෝකය ඔහුව හඳුනන්නේ වික්ටෝරියානු යුගයේ බිහිවුණු විශිෂ්ටතම ලේඛකයකු වශයෙන්. එසේම වික්ටෝරියානු යුගයේ ශ්‍රේෂ්ඨතම නාට්‍ය රචකයන්ගෙන් කෙනෙක් ලෙස හැඳින්වෙන ඔහු කාව්‍යකරණයේද විශිෂ්ටයෙක්. 

Oscar Wilde

ශ්‍රීමත් විලියම් වයිල්ඩ් සහ ජේන් වයිල්ඩ් ආර්යාවගේ පුත්‍රයා ලෙසින් 1854 ඔක්තෝබර් 16 වැනිදා අයර්ලන්තයේ ඩබ්ලින් නගරයේදී ඔස්කා වයිල්ඩ් උපත ලැබුවා. ඔහුට සහෝදර සහෝදරියන් දෙදෙනෙක් සිටියා. කුඩා කල සිටම ඔහු හැදුනේ වැඩුනේ කවි, කතන්දර පිරුණු, කියැවීමට ඔහුව හුරුපුරුදු කෙරූ දෙමව්පියන් ඇසුරේයි. වයස අවුරුදු නවය වනතුරු නිවසේ සිට අධ්‍යාපන කටයුතු කළ ඔස්කා පාසල් අවධියේදී සාහිත්‍ය, ලතින් සහ ග්‍රීක භාෂාවට සුවිශේෂී දස්කම් දැක්වූවා. Trinity College Dublin සහ Magdalen College Oxford තුළින් ඔහු උසස් අධ්‍යාපනය ලැබුවා. විද්‍යාලයේ කැපී පෙනෙන දස්කම් දැක්වූ ශිෂ්‍යයෙක් වූ අතර එවකට කවි ලිවීම අරඹා තිබූ ඔහු තම හිසකෙස් දිගට වැවීමට පටන් ගත්තා. සුඛෝපභෝගීත්වය ප්‍රිය කළ ඔහු තම කාමරය සූර්යකාන්ත සහ ලිලී මල්වලින් සැරසූ බැව් පැවසෙනවා.
Oscar Wilde
1878 දී ඔහුගේ පළමු කවි එකතුව Ravenna නමින් ප්‍රකාශයට පත් කළා.The Picture of Dorian Gray (1890), The Importance of Being Earnest (1895), Lady Windermere’s Fan (1892), The Happy Prince and Other Tales (1888), The Selfish Giant (1888) ඔහුගේ කෘතීන්ගෙන් කිහිපයක්. ඔස්කා වයිල්ඩ් සිය ලිවීම්වලින් සුන්දරත්වය, ප්‍රේමය, කලාව පිළිබඳව කතා කළා. එපමණක් නොවේ වික්ටෝරියානු යුගයේ සමාජ සම්මතයන් තියුණු අන්දමින් උපහාසයට ලක් කළා. ඒ ලිවීම්වල වූ බුද්ධිමත්, හාස්‍යජනක සහ මායාකාරී විලාසය ඔහුව විශිෂ්ට ලේඛකයෙක් බවට පත්කළා.
බෙහෙවින් ආකර්ෂණීය පෞරුෂයකට හිමිකම් කියූ අයෙක් වූ ඔස්කා 1884 වර්ෂයේ Constance Lloyd සමග විවාහ වුණා. ඔවුන්ට Cyril සහ Vyvyan යනුවෙන් පුතුන් දෙදෙනෙකු සිටියා. ධනවත් කවියෙක් සහ මාධ්‍යවේදියෙක් වූ Lord Alfred Douglas නොහොත් Bosie සහ ඔස්කා මුණගැහෙන්නේ ඉන්පසුවයි. ඔවුන් අතර සම්බන්යධක් ඇතිවූ අතර ඔස්කා වයිල්ඩ් යනු සමලිංගිකයෙක් බවට ආරංචි පැතිර ගියා. ඔහුට අවමන් කරන්නට සිතූ Bosie ගේ පියා මේ සිදුවීම සම්බන්ධයෙන් නීතිමය පියවර ගත් අතර ඒ හේතුවෙන් ඔහුට බරපතල වැඩ සහිත සිර දඬුවම් නියම වුණා. එය සමලිංගිකත්වය බරපතල වරදක් බැව් පිළිගත් යුගයක්.
Oscar WildeOscar WildeOscar Wilde
ශ්‍රේෂ්ඨ ලේඛකයෙකුගේ ජීවිතයේ පරිහානිය ඉන්පසු ඇරඹුණා. ඔහුගේ බිරිඳ ඇයගේ සහ දරුවන්ගේ නම්වලින් ඔහුගේ වාසගම පවා ඉවත්කොට ඔහුව හැරගිය බව පැවසෙනවා. 1897 දී සිරෙන් නිදහස් වූ ඔහු ප්‍රංශය බලා නික්ම ගියා. සිරගත ජීවිතයේ විඳින්නට සිදු වූ දුක් කම්කටොළු නිසාවෙන් ඔහුගේ සෞඛ්‍යය දිගටම පිරිහෙමින් පැවති අතර මෙනින්ජයිටිස් රෝගය හේතුවෙන් 1900 නොවැම්බර් 30 වන දින (වයස අවුරුදු 46 දී) පැරීසියේ දී මේ විශිෂ්ට ලේඛකයා මෙලොව හැර ගියා. ඒ ලිවීම් සතු වූ මායාව මොනතරම් ප්‍රබලද යත්, මරණයෙන් සියවසකට අධික කාලයක් ඉක්මවා ඇතත් ඔස්කා වයිල්ඩ් අදටත් ජීවමානයි.

Oscar WildeOscar Wilde

Latest news

කුෂ් සමග සැකකරුවන් දෙදෙනෙකු කටුනායකදි අත්අඩංගුවට

“ කුෂ්“ මත්ද්‍රව්‍ය ”, සම පැහැපත් කිරිමට යොදා ගන්නා “ කොලැජන් සහ “ විටමින් සී “ පෙති තොගයක් නීතිවිරෝධී...

ඉරාන නාවික මළසිරුරු දිවයිනෙන් රැගෙන යයි

ශ්‍රී ලංකාවට දකුණු දිගින් වූ මුහුදේදී අමෙරිකානු ප්‍රහාරයකින් ජීවිතක්‍ෂයට පත් වූ 'IRIS DENA' නෞකාවේ සිටි ඉරාන නාවිකයන්ගේ මළ සිරුරු...

ඉරාන නව උත්තරීතර නායකයාගෙන් ලොවම බියවද්දන ප්‍රකාශයක්

ලොව කාර්යබහුලම ඉන්ධන ප්‍රවාහන සමුද්‍ර මාර්ගය වන හෝර්මූස් සමුද්‍ර සන්ධිය අවහිර කිරීම ඉරානය විසින් අඛණ්ඩව කරගෙන යනු ඇති බව...

යුද්ධය අවසන් කරන්න ඉරාන ජනපතිගෙන් කොන්දේසි

පවතින යුද ගැටුම් අවසන් කිරීම සඳහා ඉරානය ප්‍රධාන කොන්දේසි තුනක් ඉදිරිපත් කර තිබෙනවා.එරට ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් පෙන්වා දෙන්නේ සාමය...
- Advertisement -spot_img

ඉරාන නව උත්තරීතර නායකයාගෙන් ලොවම බියවද්දන ප්‍රකාශයක්

ලොව කාර්යබහුලම ඉන්ධන ප්‍රවාහන සමුද්‍ර මාර්ගය වන හෝර්මූස් සමුද්‍ර සන්ධිය අවහිර කිරීම ඉරානය විසින් අඛණ්ඩව කරගෙන යනු ඇති බව...

ලෙමනේඩ්

ලෙමනේඩ් - Lemons "ජීවිතය ඔබට ලෙමන් ලබා දෙන්නේ නම්, ඔබ එයින් ලෙමනේඩ් හදන්න." "ජීවිතය හැමවිටම ඔබට ලෙමන් ලබා දෙන අතර ඉන්...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you