FeaturesOzzy Osbourne අන්ධකාරයේ කුමරු තරු අතර දිගු නින්දක

Ozzy Osbourne අන්ධකාරයේ කුමරු තරු අතර දිගු නින්දක

-

spot_img

Ozzy Osbourne – “අපි (Black Sabbath) මුලින්ම ගායනා කළේ කොහෙදිද කියලා මට මතක නැහැ. නමුත් ප්‍රේක්ෂක ප්‍රතිචාර මට හොඳට මතකයි. ගැහැණු ළමයි හැමෝම කෑගහමින් එතැනින් ඉවතට දිව්වා” Black Sabbath කණ්ඩායමේ සාමාජික Ozzy Osbourne වරෙක එලෙස පවසා සිටියා. එම සංගීත කණ්ඩායම හඳුන්වන්නේ Heavy Metal සංගීතයේ පුරෝගාමීන් වශයෙන්. Prince of Darkness ලෙසින් විරුදාවලි ලත් එම සංගීත කණ්ඩායමෙහි ප්‍රධාන ගායකයා Ozzy Osbourne පසුගිය අඟහරුවාදා ( ජූලි 22) මෙලොවින් සමුගත්තා. මියයන විට ඔහුට වයස අවුරුදු 76 ක්.

 Ozzy Osbourne

1948 දෙසැම්බර් 3 වැනිදා John Michael Osbourne එංගලන්තයේ බර්මිංහැම්හි දී උපත ලැබුවා. ඔහුට සහෝදර සහෝදරියන් පස් දෙනෙක් සිටින අතර ඔවුන් කුඩා නිවසක ජීවත්වුණා. සියල්ලන් ඔහුව ඇමතුවේ Ozzy යන සුරතල් නාමයෙන්. ඔහු කුඩා කාලයේ Dyslexia තත්වයෙන් පීඩා විඳිබැව් පැවසෙනවා. වයස අවුරුදු එකොලහේදී පාසලේ සාමාජිකයින්ගෙන් තමාට ලිංගික අතවර සිදුවූ බැව් වරෙක ඔහු පවසා සිටියා. පාසල් නාට්‍යවලට සහභාගී වූ ඔහු වයස අවුරුදු 15 දී පාසල හැර ගියා. යෞවනයෙකු ලෙස තමා සිය දිවි නසා ගන්නට උත්සාහ කළ බවත්, පාසලෙන් ඉවත්වූ පසු සුළු රැකියා කිහිපයක නිරත වූ බවත් ඔහු පවසා සිටියා. Beatles සංගීත කණ්ඩායමේ ගීතයක් අසන්නට ලැබූ පසු සංගීත කණ්ඩායමක් ගැන ඔහුගේ ආශාව ඇති වූ අතර එම සංගීත කණ්ඩායමේ She Loves You ගීතය ඔහුව ඒ සඳහා පොළඹවනු ලැබුවා. වයස අවුරුදු දහහතේදී ඇඳුම් සාප්පුවක් කොල්ලකෑමේ වරදට දඩ නියම වූ ඔහුව සති හයක් බන්ධනාගාරගත කළා.

 Ozzy Osbourne

 Ozzy Osbourne1967 දී Geezer Butler ගේ Rare Breed කණ්ඩායමේ ගායකයා ලෙස Ozzy බඳවාගත්තා. ඉන්පසුව 1969 දී Black Sabbath සමගින් කටයුතු කරන්නට ගත් අතර ඔහුගේ ගායනය, ඔවුන්ගේ පද රචනා, ඉදිරිපත් කිරීම් ආදී බොහෝ කාරණා හේතුවෙන් කෙටි කලකින්ම ජනප්‍රිය වෙන්නට සංගීත කණ්ඩායමට හැකිවූ අතර ඔවුන් වාණිජ වශයෙන්ද සාර්ථක වූවා.1972 දී Black Sabbath Vol.4, 1973 දී Sabbath Bloddy Sabbath,1975 දී Sabotage ,1976 දී Technical Ecstasy ඔවුන්ගේ අතිශය ජනප්‍රිය ගීත ඇල්බම් අතරට අයත්. මේවන විට ඔවුන් ජනප්‍රියත්වයේ හිණිපෙත්තටම ගොස් තිබුණා. 1977 අවසානයේ Ozzy Osbourne කණ්ඩායමෙන් ඉවත්ව The Ozzy Osbourne Band ඇරඹූ අතර පසුව නැවතත් Black Sabbath හා එක්වුණා. 1978 දී Never Say Die ගීත ඇල්බමයෙන් පසුව ඔවුන් තම කණ්ඩායමෙන් ඔහුව නෙරපා දැමුවේ අධික මත්ද්‍රව්‍ය භාවිතය හේතුවෙන්. තවද කණ්ඩායමේ සාමාජිකයන් අතර ගැටුම් මෙයට හේතු වූ බව පැවසෙනවා. Ozzy නැවතත් Black Sabbath සමග එක්වන්නේ 1997 දී. Reunion ඇල්බමය වෙනුවෙන් 1997 – 1999 දක්වා ඔවුන් සංචාරය කළ අතර විශාල වාණිජමය සාර්ථකත්වයක් ලබාගත්තා. 2011 දී ඔවුන් නැවත වරක් ලෝක සංචාරයක් සිදුකළ අතර 2013 වසරේ 13 වන ඇල්බමය නිකුත් කළා. අතිශය ජනප්‍රියත්වයට පත් වූ එය බිල්බෝඩ් දර්ශකයේ තිබුණා. Black Sabbath 2016 දී The End නමින් සමුගැනීමේ ප්‍රසංග මාලාවක් සිදුකළා. 2022 වසරේ බර්මිංහැම්හි පැවති පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ සමාප්තිය සඳහා Ozzy Osbourne සහ Iommi සහභාගී වුණා.

 Ozzy Osbourne

 

එංගලන්තයේ සහ අමෙරිකාවේ විශාල ජනප්‍රියත්වයක් අත් කරගත් Master of Reality ඇල්බමය එවකට Rolling Stone සඟරාවේ Lester Bango විසින් ප්‍රසිද්ධියේම ප්‍රතික්ෂේප කෙරූ අතර 2003 දී Rolling Stone විසින්ම ඔවුන්ගේ “සර්වකාලීන විශිෂ්ටතම ගීත ඇල්බම් 500” ලැයිස්තුවට Master of Reality ඇතුළත් කළා. Ozzy Osbourne සාතන්වාදියෙකු (Satanist) ලෙස ඇතැමුන් චෝදනා කළ අතර 1992 දී නිව්යෝක් ටයිම්ස් පැවසුවේ ඔහු එංගලන්ත පල්ලියේ සාමාජිකයෙකු බව හා සෑම ප්‍රසංගයකටම පෙර යාඥාවේ යෙදෙන බවයි. ඔහුගේ සිරුරේ Tattoo 15 ක් තිබෙන අතර වම් අතේ ඇති O – Z -Z – Y ටැටූවට බොහෝ දෙනා ප්‍රියකරනවා. 1971 දී ඔහු පළමුවරට විවාහ වුණා. ඒ Thelma Riley සමගින් එම විවාහයෙන් ඔහුට දරුවන් තිදෙනෙක් සිටිනවා. සිය පළමු විවාහය භයානක වැරැද්දක් බව ඔහු වරෙක පවසා සිටියා. 1982 දී ඔහු Sharon Arden හා විවාහ වූ අතර එම විවාහයෙන්ද ඔහුට දරුවන් තුන්දෙනෙක් සිටිනවා. ඔහු තම දරුවන් වෙනුවෙන්ද ගීත රචනා කළා. සංගීත කණ්ඩායමේ කටයුතු සහ අධික මත්ද්‍රව්‍ය භාවිතය ඔහුගේ පවුල් ජීවිතයට බාධා ඇතිකළා.

 Ozzy Osbourne

දශක ගණනාවක් තිස්සේ මත්ද්‍රව්‍ය භාවිතා කළ ඔසී මත්පැන්, කොකේන්, සිගරට් සහ LSD වැනි දෑ භාවිතා කළා. බීමත්කම හේතුවෙන් ඔහු බොහෝ වාරයක් ගැටුම්වලට මැදිවූ අතර සිය සිරුරේ වෙව්ලීම මත්ද්‍රව්‍ය නිසා ඇතිවූවක් වග විශ්වාස කළා. 2005 දී ඔහු පාකින්සන් රෝගයට සමාන Parkin Syndrome තත්වයෙන් පෙළෙන බව සොයාගත් අතර ඒ වෙනුවෙන් දිනපතා ඖෂධ ලබාගත්තා. 2019 දී ඔහුට පාකින්සන් රෝගය වැළඳුන අතර ඒ හේතුවෙන් ඇවිදීමේ හැකියාව අහිමි වුණා. සංගීත ක්ෂේත්‍රය වෙනුවෙන් සිදුකළ මෙහෙය වෙනුවෙන් ඔහු ග්‍රැමි, Ivor Novello ඇතුළු සම්මාන රැසකින් පිදුම් ලැබුවා.

 

පාකින්සන් රෝගී ළමුන් වෙනුවෙන් ආධාර කිරීම වෙනුවෙන් 2025 ජූලි 5 බර්මිංහැම් හි පැවති Back to the Beginning ප්‍රසංගය වෙනුවෙන් ඔහු ගායනා කළා. නැගී සිටීමට නොහැකි වූ ඔහු කළු පැහැ සිහසුනක සිට රසිකයින් වෙනුවෙන් ගායනා කළ අතර ඒ දෙනෙතේ තවමත් තාරුණ්‍යයේ උද්‍යෝගය නොඅඩුව රැඳී තිබුණා. දශක ගණනාවක් රසිකයින් අමන්දානන්දයට පත් කළ අන්ධකාරයේ කුමාරයා ඉන් දින කිහිපයකට පසු මෙලොව හැර ගොස් තිබුණා. Ozzy Osbourne නාමය රසික හදවත් හි සදා නොමැකී තිබෙනු ඇති!

Latest news

මෙනින්ජයිටීස් රෝගීන්ගේ ව්‍යාප්තිය ඉහළ යයි

මෙනින්ජයිටීස් රෝගීන්ගේ ව්‍යාප්තිය ඉහළ යයි - Meningitis මොළය වටා ඇති මෙනින්ජීස් නමැති පටලවල ඇතිවන ආසාදන තත්වය අනුව වයිරස්, බැක්ටීරියා සහ...

ඩොලරය සමඟ බඩු මිලත් අහස උසට

ඩොලරය සමඟ බඩු මිලත් අහස උසට - Rupee depreciation ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල වේගයෙන් අවප්‍රමාණය වීම නිසා අත්‍යවශ්‍ය...

සයිබර් අපරාධ සීඝ්‍රයෙන් ඉහළට

සයිබර් අපරාධ සීඝ්‍රයෙන් ඉහළට දිනෙන්  දින වැඩිවෙමින් පවතින සයිබර් අපරාධ හමුවේ ඒ සම්බන්ධයෙන් වන මහජන පැමිණිලිද වැඩි වෙමින් පවතින බව...

නොගෙවූ ආදායම් බදු වලට මාස හයක සහන කාලයක්

නොගෙවූ ආදායම් බදු වලට මාස හයක සහන කාලයක් - Income Tax මෙතෙක් ආදායම් බදු නොගෙවු අය මාස හයක් ඇතුළත ඒ...
- Advertisement -spot_img

සයිබර් අපරාධ සීඝ්‍රයෙන් ඉහළට

සයිබර් අපරාධ සීඝ්‍රයෙන් ඉහළට දිනෙන්  දින වැඩිවෙමින් පවතින සයිබර් අපරාධ හමුවේ ඒ සම්බන්ධයෙන් වන මහජන පැමිණිලිද වැඩි වෙමින් පවතින බව...

රත් දෝතළු – 94

රත් දෝතළු - 94 නිවස තරම් වටිනා තැනක් අන් කොහේවත් නැතැයි කියා යළි පැමිණෙන අතරේ මම සිතුවෙමි. යළි ඉක්මනින්ම නිවසට...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you