More
    NewsPresident Anura Kumara නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් ජනපතිගෙන් පැහැදිලි...

    President Anura Kumara නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් ජනපතිගෙන් පැහැදිලි කිරීමක්

    -

    spot_img

    President Anura Kumara – මෙරට ආර්ථික සහ සමාජ දේහය තුළ යහපත් පරිවර්තනයක් ඇති කරනවා නම්, එම පරිවර්තනයේ මූල බීජයේ පදනම වන්නේ අධ්‍යාපනය බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.

    නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් විවාදයට එක්වෙමින් ජනාධිපති අනුර කුමාර දිසානායක අද (24) මේ බව ප්‍රකාශ කළා.

    එහිදී අධ්‍යාපන පද්ධතිය තුළ සිදු කිරීමට බලාපොරොත්තු වන වෙනස්කම් සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ප්‍රකාශ කළ කරුණු පහතින්:

    * මේ මොහොතේ මෙරට අධ්‍යාපනය මුහුණ දී ඇති අර්බුදයට අපි විසඳුම් සෙවිය යුතුයි.

    * 2019 වසරේදී ළමුන් 16,673 ක් පාසල් හැර ගොස් ඇති අතර, 2022 වසරේදී ළමුන් 20,759 ක් සහ 2024 වසරේදී ළමුන් 20,755 ක් පාසල් හැර ගොස් ඇති තිබෙනවා‍. කිසිදු දරුවෙක් 13 වසරක පාසල් අධ්‍යාපනය ලබා ගැනීමකින් ත‍ොරව ඉන් ඉවත් නොවිය යුතුයි.

    * පාසල් හැර යන පිරිස රැක ගැනීම සඳහා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අවශ්‍යයි. එම ප්‍රතිසංස්කරණවල ප්‍රධාන අරමුණක් වන්නේ කිසිදු දරුවෙක් අතරමැද දී පාසල් අතහැර නොයා යුතු බවයි.

    * දරුවෙක් අඛණ්ඩව දින 03ක් පාසල් නොපැමිණෙන්නේ නම්, රජයේ නිලධාරියෙක් ඒ සම්බන්ධයෙන් විමර්ශනය කළ යුතුයි.

    * පසුගිය වසරේ එකම ළමයෙක් හෝ ඇතුළත් නොවූ පාසල් 98ක් තිබෙනවා. පාසල් 115 ක ළමුන් 10ට වඩා අඩුයි. පාසල් 426ක ළමුන් 20ට වඩා අඩුයි. පාසල් 752ක ළමුන් 30ට වඩා අඩුයි. පාසල් 1505ක ළමුන් 50ට වඩා අඩුයි. මෙරට මුළු පාසල් පද්ධතියෙන් 15%ක ළමුන් 50ට වඩා අඩුයි.

    * පාසල් පද්ධතිය නැවත සමාලෝචනය කළ යුතු අතර, සමහර පාසල් වසා දැමිය යුතුයි., ඒකාබද්ධ කළ යුතු පාසල් ඇති අතර, අලුතින් පාසල් ආරම්භ කළ යුතු ප්‍රදේශද තිබෙනවා. රජය පාසල් සමාලෝචනය කිරීම අනිවාර්යයෙන් සිදු කරනවා.

    * අධ්‍යාපන පද්ධතිය තුළ මානව සම්පත අපතේ ගොස් ඇති බවත්, එය නිවැරදි කළ යුතුයි. නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල අරමුණක් වන්නේ සෑම පාසල් දරුවෙකුටම ප්‍රශස්ත අධ්‍යාපනයක් ලබාදීමේ වගකීම ආණ්ඩුව භාර ගන්නා බවයි.

    * දරුවන් මත පටවා ඇති බර අඩු කළ යුතු අතර, නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හරහා සජීවී දරුවෙක් බිහි කිරීම අරමුණු කර ගෙන තිබෙනවා.

    * රේඛීය මාවතක ගමන් කරන අධ්‍යාපන පද්ධතිය, විසිරුණු අවස්ථා ඇති, තෝරාගත් ක්ෂේත්‍රයට වෘත්තීමයභාවයක් ලබා දෙන ආකාරයෙන් සකස් කරනවා.

    * නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමේදී 06 ශ්‍රේණියේ සිට 09 ශ්‍රේණිය දක්වා අවුරුදු 03ක කාලය තුළ, අධ්‍යාපනය යනු පුළුල්ව පැතිරුණු එකක් බවත්, සෑම වෘත්තියකටම සමාජ වටිනාකමක් නිර්මාණය කරන බවත් දරුවාට කියා දිය යුතුයි.

    * ඉන් අනතුරුව දෙමාපියන් සහ ගුරුවරුන් එකතු වී දරුවා රැගෙන යා යුතු මාවත තෝරා ගැනීමට හැකි අතර, දරුවන්ට අවශ්‍ය නම් තමන් තෝරාගත් මාවත වෙනස් කිරීමේ අයිතිය තිබෙනවා.

    * නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හරහා දරුවා 09 වැනි ශ්‍රේණියේ සිට 13 වැනි ශ්‍රේණිය දක්වා තෝරා ගන්නා ක්ෂේත්‍රය හරහා අඛණ්ඩ මාවතක රැගෙන යනවා.

    * මෙරට තාක්ෂණ විද්‍යාව නූතනයට ගැළපෙන ලෙස සකස් කරන අතර, මෙරට තාක්ෂණ විද්‍යාල අධ්‍යාපන පද්ධතියේ මූලික අධ්‍යාපනයක් බවට පත් කිරීම අරමුණයි. ඒ සඳහා 2033 දක්වා කාලය තිබෙනවා.

    * කිසිදු දරුවෙක් 13 වසරක පාසල් අධ්‍යාපනයෙන් එළියට නොවැටෙන ලෙස, උසස් අධ්‍යාපනයෙන් යන පිරිස් වෙත එම අංශයෙන්ද , වෘත්තීය අධ්‍යාපනය තෝරා ගන්නා අයට එම අංශයෙන්ද යාමට අවස්ථාව නිර්මාණය වෙනවා.

    * නූතන පරම්පරාවේ දරුවන් නිර්මාණය කිරීමට ශක්තිමත් ගුරු පරම්පරාවක් අවශ්‍ය වන අතර, නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හරහා ගුරුවරයෙකුට වසර 05කට වරක් විෂය ඇතුළු කරුණු සම්බන්ධයෙන් අවුරුද්දක පුහුණුවක් ලබා දෙන අතර, ඒ හරහා ලබා ගන්නා නව දැනුම යළිත් දරුවන්ට ලබා දිය හැකියි.

    * අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල සංවාදය විය යුත්තේ කුමන ව්‍යූහාත්මක පරිවර්තනයක් අවශ්‍යද යන්නයි. මෙම ප්‍රතිසංස්කරණ සියලු දෙනා එක්ව සිදු කළ යුතුයි.

    Latest news

    නිදි යාහනේදී අවසන් ගමන් ගිය දඹුල්ලේ සිසුවිය

    දඹුල්ල ඉහළ ඇරෑඋල ප්‍රදේශයේ පදිංචි මෙවර උසස් පෙළ විභාගයට ජීව විද්‍යාව අංශයෙන් පෙනී සිටීමට නියමිතව සිටි සිසුවියක් හදිසියේම අද...

    කොළඹ බාලදක්ෂ කැම්පෝරිය (Scout Camp) විහාරමහාදේවි උද්‍යානයේදී

    කොළඹ බාලදක්ෂ ජම්බෝරිය විහාරමහාදේවි උද්‍යානයේදී ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ කොළඹ දිසාව විසින් සංවිධානය කරනු ලබන 60 වැනි කොළඹ කැම්පෝරිය (බාලදක්ෂ...

    ඉන්දියාවේ ඉන්න ලාංකික දෙමළ සරණාගතයින්ට පුරවැසිභාවය දෙන්න

    දශක ගණනාවක් තිස්සේ ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ ජීවත් වන, ශ්‍රී ලංකාවෙන් පැමිණි සරණාගතයින්ට සම්පූර්ණ පුරවැසිභාවය හා ඡන්ද අයිතිය ලබා දෙන...

    මෙක්සිකෝ ජනපතිනිය ලිංගික හිංසනයට ලක්වෙයි

    මෙක්සිකෝවේ ජනාධිපතිනිය වන ක්ලෝඩියා ෂේන්බවුම් (Claudia Sheinbaum), මෙක්සිකෝ නගරයේ ජනාධිපති මන්දිරය අසලදී ආධාරකරුවන්ට ආචාර කරමින් සිටියදී ලිංගික හිංසනයකට ලක්වීමෙන්...
    - Advertisement -spot_img

    ඉන්දියාවේ ඉන්න ලාංකික දෙමළ සරණාගතයින්ට පුරවැසිභාවය දෙන්න

    දශක ගණනාවක් තිස්සේ ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ ජීවත් වන, ශ්‍රී ලංකාවෙන් පැමිණි සරණාගතයින්ට සම්පූර්ණ පුරවැසිභාවය හා ඡන්ද අයිතිය ලබා දෙන...

    ඉන්දීය තාරුණ්‍යයේ හදගැස්ම

    ඉන්දීය තාරුණ්‍යයේ හදගැස්ම - Chetan Bhagat ඉන්දියානු සාහිත්‍යයට වගේම සිනමාවට පෙම් බඳින කෙනෙක්ට Chetan Bhagat කියන්නෙ හුරුපුරුදු නමක්. චේතන් භගත්...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page