NewsPresident Anura Kumara නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් ජනපතිගෙන් පැහැදිලි...

President Anura Kumara නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් ජනපතිගෙන් පැහැදිලි කිරීමක්

-

spot_img

President Anura Kumara – මෙරට ආර්ථික සහ සමාජ දේහය තුළ යහපත් පරිවර්තනයක් ඇති කරනවා නම්, එම පරිවර්තනයේ මූල බීජයේ පදනම වන්නේ අධ්‍යාපනය බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් විවාදයට එක්වෙමින් ජනාධිපති අනුර කුමාර දිසානායක අද (24) මේ බව ප්‍රකාශ කළා.

එහිදී අධ්‍යාපන පද්ධතිය තුළ සිදු කිරීමට බලාපොරොත්තු වන වෙනස්කම් සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ප්‍රකාශ කළ කරුණු පහතින්:

* මේ මොහොතේ මෙරට අධ්‍යාපනය මුහුණ දී ඇති අර්බුදයට අපි විසඳුම් සෙවිය යුතුයි.

* 2019 වසරේදී ළමුන් 16,673 ක් පාසල් හැර ගොස් ඇති අතර, 2022 වසරේදී ළමුන් 20,759 ක් සහ 2024 වසරේදී ළමුන් 20,755 ක් පාසල් හැර ගොස් ඇති තිබෙනවා‍. කිසිදු දරුවෙක් 13 වසරක පාසල් අධ්‍යාපනය ලබා ගැනීමකින් ත‍ොරව ඉන් ඉවත් නොවිය යුතුයි.

* පාසල් හැර යන පිරිස රැක ගැනීම සඳහා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අවශ්‍යයි. එම ප්‍රතිසංස්කරණවල ප්‍රධාන අරමුණක් වන්නේ කිසිදු දරුවෙක් අතරමැද දී පාසල් අතහැර නොයා යුතු බවයි.

* දරුවෙක් අඛණ්ඩව දින 03ක් පාසල් නොපැමිණෙන්නේ නම්, රජයේ නිලධාරියෙක් ඒ සම්බන්ධයෙන් විමර්ශනය කළ යුතුයි.

* පසුගිය වසරේ එකම ළමයෙක් හෝ ඇතුළත් නොවූ පාසල් 98ක් තිබෙනවා. පාසල් 115 ක ළමුන් 10ට වඩා අඩුයි. පාසල් 426ක ළමුන් 20ට වඩා අඩුයි. පාසල් 752ක ළමුන් 30ට වඩා අඩුයි. පාසල් 1505ක ළමුන් 50ට වඩා අඩුයි. මෙරට මුළු පාසල් පද්ධතියෙන් 15%ක ළමුන් 50ට වඩා අඩුයි.

* පාසල් පද්ධතිය නැවත සමාලෝචනය කළ යුතු අතර, සමහර පාසල් වසා දැමිය යුතුයි., ඒකාබද්ධ කළ යුතු පාසල් ඇති අතර, අලුතින් පාසල් ආරම්භ කළ යුතු ප්‍රදේශද තිබෙනවා. රජය පාසල් සමාලෝචනය කිරීම අනිවාර්යයෙන් සිදු කරනවා.

* අධ්‍යාපන පද්ධතිය තුළ මානව සම්පත අපතේ ගොස් ඇති බවත්, එය නිවැරදි කළ යුතුයි. නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල අරමුණක් වන්නේ සෑම පාසල් දරුවෙකුටම ප්‍රශස්ත අධ්‍යාපනයක් ලබාදීමේ වගකීම ආණ්ඩුව භාර ගන්නා බවයි.

* දරුවන් මත පටවා ඇති බර අඩු කළ යුතු අතර, නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හරහා සජීවී දරුවෙක් බිහි කිරීම අරමුණු කර ගෙන තිබෙනවා.

* රේඛීය මාවතක ගමන් කරන අධ්‍යාපන පද්ධතිය, විසිරුණු අවස්ථා ඇති, තෝරාගත් ක්ෂේත්‍රයට වෘත්තීමයභාවයක් ලබා දෙන ආකාරයෙන් සකස් කරනවා.

* නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමේදී 06 ශ්‍රේණියේ සිට 09 ශ්‍රේණිය දක්වා අවුරුදු 03ක කාලය තුළ, අධ්‍යාපනය යනු පුළුල්ව පැතිරුණු එකක් බවත්, සෑම වෘත්තියකටම සමාජ වටිනාකමක් නිර්මාණය කරන බවත් දරුවාට කියා දිය යුතුයි.

* ඉන් අනතුරුව දෙමාපියන් සහ ගුරුවරුන් එකතු වී දරුවා රැගෙන යා යුතු මාවත තෝරා ගැනීමට හැකි අතර, දරුවන්ට අවශ්‍ය නම් තමන් තෝරාගත් මාවත වෙනස් කිරීමේ අයිතිය තිබෙනවා.

* නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හරහා දරුවා 09 වැනි ශ්‍රේණියේ සිට 13 වැනි ශ්‍රේණිය දක්වා තෝරා ගන්නා ක්ෂේත්‍රය හරහා අඛණ්ඩ මාවතක රැගෙන යනවා.

* මෙරට තාක්ෂණ විද්‍යාව නූතනයට ගැළපෙන ලෙස සකස් කරන අතර, මෙරට තාක්ෂණ විද්‍යාල අධ්‍යාපන පද්ධතියේ මූලික අධ්‍යාපනයක් බවට පත් කිරීම අරමුණයි. ඒ සඳහා 2033 දක්වා කාලය තිබෙනවා.

* කිසිදු දරුවෙක් 13 වසරක පාසල් අධ්‍යාපනයෙන් එළියට නොවැටෙන ලෙස, උසස් අධ්‍යාපනයෙන් යන පිරිස් වෙත එම අංශයෙන්ද , වෘත්තීය අධ්‍යාපනය තෝරා ගන්නා අයට එම අංශයෙන්ද යාමට අවස්ථාව නිර්මාණය වෙනවා.

* නූතන පරම්පරාවේ දරුවන් නිර්මාණය කිරීමට ශක්තිමත් ගුරු පරම්පරාවක් අවශ්‍ය වන අතර, නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හරහා ගුරුවරයෙකුට වසර 05කට වරක් විෂය ඇතුළු කරුණු සම්බන්ධයෙන් අවුරුද්දක පුහුණුවක් ලබා දෙන අතර, ඒ හරහා ලබා ගන්නා නව දැනුම යළිත් දරුවන්ට ලබා දිය හැකියි.

* අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල සංවාදය විය යුත්තේ කුමන ව්‍යූහාත්මක පරිවර්තනයක් අවශ්‍යද යන්නයි. මෙම ප්‍රතිසංස්කරණ සියලු දෙනා එක්ව සිදු කළ යුතුයි.

Latest news

කොළඹට සහ ගම්පහට වතුර කැපුවේ ඇයි?

කොළඹට සහ ගම්පහට වතුර කැපුවේ ඇයි? කොළඹ සහ ගම්පහ ප්‍රදේශවලට ජලය බෙදාහරින අඹතලේ සහ කැලණි දකුණ ඉවුර ජල පවිත්‍රාගාරවල ජල...

මේ වසරේ ඉන්ධන ආනයන වියදම් වැඩියි

මේ වසරේ ඉන්ධන ආනයන වියදම් වැඩියි මෙම වසරේ පළමු භාගයේ ආනයනික ඉන්ධන වියදම පසුගිය 2025 කාලයට සාපේක්ෂ සැලකිය යුතු අගයකින්...

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක මිල ඉහළ යන ලකුණු

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක මිල ඉහළ යන ලකුණු එල්නිනෝ අනිටු බලපෑම් සහ මැද පෙරදිග අර්බුදය නිසාවෙන් සීනි, ලොකු ළූණු, ආනයනික...

පොත්වලට බදු ගහන ආසියාවේ එකම රට ලංකාව

පොත්වලට බදු ගහන ආසියාවේ එකම රට ලංකාව මුද්‍රිත පොත් සඳහා පනවා ඇති බදු හේතුවෙන් වසර තුනකදී ගත් කතුවරුන් සියයට 50ත්...
- Advertisement -spot_img

සිරගෙය තිඹිරිගෙය කරගත් පුංචි කොල්ලෙක්ගේ කතාව

සිරගෙය තිඹිරිගෙය කරගත් පුංචි කොල්ලෙක්ගේ කතාව - Balan: The Boy සිරගෙදරක කල්ගෙවන හැම සිරකරුවක් ළඟම අපරාධයක් ගැන කතාවක් තියෙනවා. බොහෝවිට...

පොඩි බඩගින්නට බේකරි රසට ගෙදර හැදු සොසේජ් බන්

පොඩි බඩගින්නට බේකරි රසට ගෙදර හැදු සොසේජ් බන් - Sausage Bun බේකරි කෑම අතරෙ ලොකු කුඩා කවුරු අතරත් ගොඩක්...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you