Bangladesh – බංග්ලාදේශයේ පාසලකට හමුදා ගුවන් යානයක් කඩා වැටීමෙන් ළමුන් ඇතුළුව 19 දෙනෙකුට දිවි අහිමි වෙයි
බංග්ලාදේශ ගුවන් හමුදා පුහුණු ගුවන් යානයක් ඩකාහී උත්තරා ප්‍රදේශයේ පාසලක් වෙත කඩා වැටී තිබෙනවා.එම අනතුරින් ළමුන් 16ක් ඇතුළුව පුද්ගලයින් 19 දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
අනතුරින් තවත් පුද්ගලයින් 100කට අධික පිරිසක් තුවාල ලබා ඇතැයිද සඳහන්.ගුවන් යානය කඩා වැටීමෙන් අනතුරුව පිපිරීමක් ද සිදුව ඇති අතර පසුව ගින්නක්ද හටගෙන තිබෙනවා. 



