American WTI – ඉන්ධන මිලදී ගැනීමේදී ටෙන්ඩර් ක්‍රියාවලියට අමෙරිකානු West Texas Intermediate (WTI) බොරතෙල් ඇතුළත් කිරීම සඳහා රජය මේ වන විට සාකච්ඡා කරමින් සිටින බව වාර්තා වනවා.
එක්සත් ජනපදය සමඟ ඇති වෙළඳ අසමතුලිතතාවය අඩු කිරීමේ සහ ශ්‍රී ලංකා අපනයන සඳහා පනවා ඇති 30%ක තීරුබදුවලින් සහනයක් ලබා ගැනීමේ උපාය මාර්ගයක කොටසක් ලෙස මෙම ක්‍රියාමාර්ගය ගැනීමට බලාපොරොත්තු වන බවයි පැවසෙන්නේ.
මේ වන විට ශ්‍රී ලංකාවට තෙල් ආනයනය කරනු ලබන්නේ ගල්ෆ් කලාපය තුළින් බවත්, ඊට අමතරව අමෙරිකාවේ ලියාපදිංචි වී ඇති බොරතෙල් සඳහා ද මින් ඉදිරියට ටෙන්ඩර් ක්‍රියාවලියට එක් වීමට ඇති අවස්ථාව මේ වන විට සාකච්ඡා කරමින් පවතින බවයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂ ආචාර්ය මයුර නෙත්තිකුමාර සඳහන් කළේ.
මිල ගණන් අනුව මෙම වර්ග දෙකෙන් කුමන වර්ගය ලංකාවට ගෙන්වන්නේ ද යන්න පිළිබඳ තීරණයට එළැඹෙනු ඇති බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ.



