NewsKite flying restricted - සරුංගල් යැවීම සීමා කෙරේ

Kite flying restricted – සරුංගල් යැවීම සීමා කෙරේ

-

spot_img

Kite flying restricted – ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර ගුවන් තොටුපළ පහක ගුවන් මෙහෙයුම් කටයුතු සිදුවන අතර, ඒවා නම් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ, මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපළ, කොළඹ ජාත්‍යන්තර ගුවන් තොටුපළ රත්මලාන, මඩකළපුව ජාත්‍යන්තර ගුවන් තොටුපළ සහ යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපළ වේ.

ශ්‍රී ලංකාවේ දෛනික ජාත්‍යන්තර ගුවන් මෙහෙයුම් සිදුවන මෙම ගුවන් තොටුපළ ආශ්‍රිතව කිලෝමීටර් 5 ක වපසරයක් තුළ අඩි 300 ඉක්මවා සරුංගල් යැවීම එම මෙහෙයුම් කටයුතු වලට බාධා ඇතිවන සේම ඒ තුළින් දැඩි ජීවිත හා දේපළ අවධානමක් ගෙන දෙන කරුණක් බව ශ්‍රී ලංකා ගුවන් තොටුපළ හා ගුවන් සේවා (ශ්‍රී ලංකා) (පුද්ගලික) සමාගම පවසනවා.

සරුංගල් ගුවන් යානා එන්ජින් මගින් ඇද ගැනීම හෝ ගුවන් යානා ප්‍රචාලකවල (Aircraft Propellers) පැටලී එන්ජින් ක්‍රියා විරහිත වීම නිසා ඉදිරියෙන් එන ගුවන් යානා වලට අනතුරක් විය හැක. එබැවින් කිලෝමීටර පහක (5Km) වපසරයක් තුළ අඩි 300 ඉක්මවා සරුංගල් හෝ එවැනි මොනයම් වස්තුවක් ගුවනේ නොයැවිය යුතුය.

එම හේතුවෙන් ගුවන් තොටුපළ ආශ්‍රිතව සංරුගල් යැවීම සිදු නොකරන ලෙස ඒ ආශ්‍රිත ප්‍රදේශයන්හි ජනතාවගෙන් ශ්‍රී ලංකා ගුවන් තොටුපළ හා ගුවන් සේවා (ශ්‍රී ලංකා) (පුද්ගලික) සමාගම ඉල්ලා සිටිනවා. එමෙන්ම වගකිවයුතු පුරවැසියන් වශයෙන් ඒ පිළිබඳව තම කුඩා දරුවන්ද දැනුවත් කරන ලෙසද ඔවුන් ඉල්ලා සිටිනවා.

යම් හෙයකින් මෙම කරුණ පැහැර හරින්නේ නම්, එය පවතින නීතිමය රාමුව යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් බවද, ශ්‍රී ලංකා ගුවන් තොටුපළ හා ගුවන් සේවා (ශ්‍රී ලංකා) (පුද්ගලික) සමාගම අවධාරණය කර සිටී.

Chaminda Dissanayaka
Chaminda Dissanayakahttps://thulanamag.lk
Chaminda Dissanayaka is an experienced Journalist who has worked with foreign media in Sri Lanka, covering diverse topics with accuracy, depth, and a strong commitment to storytelling.

Latest news

හැරී කුමරුගේ මාමණ්ඩියට ළමා ලිංගික අපයෝජන චෝදනා

හැරී කුමරුගේ මාමණ්ඩියට ළමා ලිංගික අපයෝජන චෝදනා හැරී කුමරුගේ බිරිඳ මේගන් මාර්කල්ගේ පියා වන තෝමස් මාර්කල් (Thomas Markle Sr.) සම්බන්ධයෙන්...

සමාජ මාධ්‍ය තුළ දරුවන් අනිසි ලෙස යොදාගැනීමට එරෙහිව නීති

සමාජ මාධ්‍ය තුළ දරුවන් අනිසි ලෙස යොදාගැනීමට එරෙහිව නීති දරුවන් අවදානම් සහිත ස්ථානවලට රැගෙන යාම, අසභ්‍ය වචන භාවිත කරවීම, වැඩිහිටියන්ට...

ධම්මික පෙරේරා කුණු කොල්ලයට ගත් කිංග්ස්බරි ඉඩම

ධම්මික පෙරේරා කුණු කොල්ලයට ගත් කිංග්ස්බරි ඉඩම  කොළඹ කොටුවේ අක්කර 5.5 ක මංකොල්ලය කොළඹ නගරයේ හදවත බඳු, වාණිජමය වශයෙන් ඉහළම වටිනාකමක්...

කුඹුරක තිබී වෙඩි වැදුණු සිරුරක් හමුවේ

කුඹුරක තිබී වෙඩි වැදුණු සිරුරක් හමුවේ වෙඩි වැදීමකින් මරණයට පත් පුද්ගලයෙකුගේ සිරුරක් කොටවෙහෙර පොලිස් වසමට අයත් කුඹුරක තිබියදී හමුවී...
- Advertisement -spot_img

මගේ චිත්‍රපටි මමවත් බලන්නෙ නෑ

මගේ චිත්‍රපටි මමවත් බලන්නෙ නෑ - Preity Zinta Dil Chahta Hai, Kal Ho Naa Ho, Veer-Zaara වැනි චිත්‍රපට රැසකින්ම ආදරණීය...

කුඹුරක තිබී වෙඩි වැදුණු සිරුරක් හමුවේ

කුඹුරක තිබී වෙඩි වැදුණු සිරුරක් හමුවේ වෙඩි වැදීමකින් මරණයට පත් පුද්ගලයෙකුගේ සිරුරක් කොටවෙහෙර පොලිස් වසමට අයත් කුඹුරක තිබියදී හමුවී...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you