More
    ArtLilo And Stitch අපි හැමෝම තනිවෙන්න බයයි

    Lilo And Stitch අපි හැමෝම තනිවෙන්න බයයි

    -

    spot_img

    Lilo And Stitch – මිනිස්සු, සත්තු විතරක් නෙමේ පිටසක්වළ ජීවීන් හෝ වේවා මේ ඕනෑම අයෙක් ආදරේ ලබන්න කැමතියි. ජීවය කියන දේ පවතින්නෙම සහයෝගය සමග බැඳෙමින්. අපි හැමෝම තනිවෙන්න බයයි.

    Lilo And Stitch

    626 නමැති නිල්පාට පුංචි පිටසක්වළ ජීවියා පෘථිවියට එන්නෙ අත්වැරදීමක් නිසා. දඟකාරයෙක් වුණු මේ ජීවියා තීරණය කරනව ආරක්ෂාව තකා බව්වෙක් වගේ හැසිරෙන්න. එහෙම ඉන්න අතරවාරයේ තමයි 626 ට Lilo කියන පුංචි ගැහැණු ළමයව හමුවෙන්නෙ. බව්වෙක්ට ආසාවෙන් සිටිය Lilo ට මේ පුංචි අමුත්තා හමුවුණාට පස්සෙ එයාව තමන්ගෙ ගෙදර අරන් යන Lilo නිල් පාට අමුත්තාට Stitch කියන නම දෙනවා.

    Lilo And Stitch

    Lilo ගෙ අම්මයි තාත්තයි නැහැ. ඇය ජීවත්වුනේ තරුණ සහෝදරිය නානිත් එක්ක. ඇත්තටම නානිට Lilo ව බලාකියාගන්න තරම් පුරුද්දක් තිබුණෙ නැහැ. ඉතින් මේ පුංචි හවායි ගැහැණු ළමයාට දැණුනෙ තනිකමක්. ඒ තනිකම stitch ආවට පස්සෙ අඩුවෙන්න ගත්තා. කොහොම වුණත් stitch නිසා සහෝදරියන්ට හිනායන අකරතැබ්බ රාශියකට මුහුණ දෙන්නත් සිද්ධවුණා. Stitch ව කිසියම් පිරිසක් ලුහුබැඳීමත්, Lilo ගෙ රැකවරණය සම්බන්ධ ගැටළුත් නිසා මේ තුන්දෙනාට කරදරවලට මුහුණදෙන්න සිදුවුණා. ඔවුන් තුන්දෙනාගෙම ආසාව වුණේ එකට ජීවත්වීම.

    සතුට, සැනසීම පිරුණු පවුලක් කියන්නෙ මොනතරම් නම් සැනසිල්ලක්ද…? ආදරේට සීමා මායිම් නැහැ. නාඳුනන ග්‍රහලෝකෙකින් ආව පුංචි ජීවියෙක්ට වුණත් පුළුවන් ඔබේ ජීවිතේ සතුටෙන් පුරවන්න. ආදරේ කියන්නෙ විශ්වීය භාෂාවක්!

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Latest news

    Super Bollywood actors ෂාරුක් ඛාන් ලංකාවට නොපැමිණෙන බව දැනුම්දෙයි

    Super Bollywood actors - සුපිරි බොලිවුඩ් නළු ෂාරුක් ඛාන් නොවැළැක්විය හැකි හේතුවක් මත මෙරටට නොපැමිණෙන බව දැනුම් දී ඇති බව...

    Keheliya ඇතුළු පවුලේ සාමාජිකයින්ටඅධිචෝදනා භාරදෙයි

    Keheliya - අයථා ලෙස වත්කම් උපයා ගැනීමේ චෝදනාව සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ බිරිඳ, දියණියන් තුන්දෙනා සහ බෑණාට...

    Tomorrowland සංගීත වේදිකාව ගිනිගනී

    Tomorrowland - බෙල්ජියමේ Tomorrowland සංගීත ප්‍රශංගය පැවැත්වෙන ප්‍රධාන වේදිකාවේ ඇති වූ ගින්නකින් එම ස්ථානය සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බව...

    NPP ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකුගේ නිවසට වෙඩි තැබීමක්

    NPP - වැලිගම ප්‍රාදේශීය සභාවේ ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරයෙක් වන නීතිඥ තාරක නානායක්කාරගේ නිවසට අද (16) උදෑසන වෙඩි තැබීමක්...
    - Advertisement -spot_img

    Tomorrowland සංගීත වේදිකාව ගිනිගනී

    Tomorrowland - බෙල්ජියමේ Tomorrowland සංගීත ප්‍රශංගය පැවැත්වෙන ප්‍රධාන වේදිකාවේ ඇති වූ ගින්නකින් එම ස්ථානය සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බව...

    CEB විදුලි සේවකයින් දැවැන්ත විරෝධතාවකට සැරසෙයි

    CEB - ලබන 22 වැනිදා විදුලිබල මණ්ඩලය ඉදිරිපිට දැවැන්ත විරෝධතාවක් සංවිධානය කරන බව විදුලිබල වෘත්තීය සමිති පවසනවා.ඒ අනුව, විදුලිබල...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page