ArtCamus Personal Writings ජීවිතයේ ප්‍රහර්ෂය විඳගන්න

Camus Personal Writings ජීවිතයේ ප්‍රහර්ෂය විඳගන්න

-

spot_img
Camus Personal Writings – “කැමූ සිතිවිලි” නොබෙල් ත්‍යාගලාභී ප්‍රංශ ජාතික ලේඛකයෙකු සහ දාර්ශනිකයෙකු වන ඇල්බෙයා කැමූගේ (1913 – 1960) පෞද්ගලික සටහන් ඇතුළත් කෘතියයි. මෙහිදී කැමූ සිය පාඨකයන්ට ජීවිතය පිළිබඳ ඔහුගේ දැක්ම, සිය මතකයන්, අත්දැකීම්, පසුතැවීම් මෙන්ම කලාව, ජීවිතයේ ඇති සුන්දරත්වය, සංචාරය කෙරෙහි ඔහු තුළ වූ රුචිකත්වය මෙන්ම ඇල්ජීරියාවේ ගත වූ ඔහුගේ ළමා කාළය, ඔහුගේ තරුණ විය පිළිබඳ පවසනවා. ජීවිතය කෙරෙහි ඔහු තුළ වූ අප්‍රමාණ ආශාව! 
Camus Personal Writings
Albert Camus
– ජීවිතය කෙරෙහි බලාපොරොත්තු විරහිත භාවයකින් තොරව ජීවිතය කෙරෙහි ප්‍රේමයක් නැත. – (57 පිටුව)
ජීවිතයට ආවේණික හෝ එයට පොදු වූ අරුතක් නොමැති බවත් සහ මේ මොහොතේ ප්‍රීතියෙන් ජීවත්වීම, තම නිදහස සහ සතුට හඹා යෑමට ඔහු තුළ වූ ආශාව මේ ලිවීම් තුළින් පැහැදිලි වෙනවා. ජීවත්වීම සහ සංචාරය තුළින් කැමූ එහි සුන්දරත්වය ගවේෂණය කළ අන්දම.
කැමූ සිතිවිලි ඇල්බෙයා කැමූගේ පෞද්ගලික සටහන් (ස්වයංචරිතාපදාන රචනා) වෙළුම් තුනකින් සමන්විත වේ. එනම් කණපිට සහ හොඳපිට, සරණ මංගල්‍යය සහ ගිම්හානය ලෙසයි.

Camus Personal Writings

• කණපිට සහ හොඳපිට
මෙහිදී කැමූ ඇල්ජීරියාවේ ගෙවීගිය සිය බාල කාලය, ඔහුගේ දිළිඳුභාවය, පවුල් පසුබිම ආදිය විස්තර කරයි. බාලවියේදී ඔහු අත්විඳි දුක්ඛ දෝමනස්සයන් මෙන්ම ප්‍රීතීන් ආදී අනේකවිධ අත්දැකීම් ඒ තුළ වේ. කම්කරු පෙදෙසක ගත වූ ජීවිතයත් ඔහුගේ බිහිරි මව සහ සමීපතමයන් පිළිබඳවත් මතකයන් දිග හරියි.
– මුහුද සමඟ සුසුම්ලන මේ පිදුම ඉදිරියේ ඔබට සිහින දකිමින් බොහෝ වේලාවක් ගත කළ හැකිය. නමුත් ආ මඟ දිගම ඔබ නැවත පියවර මනිද්දී, අතැර දැමූ සොහොනක් මත මෙසේ ලියැවුණු පුවරුවක් ඔබට හමු වෙයි: “සදාතනික පසුතැවීම්.” වාසනාවට, සියලු දෙයෙහි ඇද කුද ඇරීමට පරමාදර්ශවාදීන් ඇත. – (52 පිටුව)
කණපිට සහ හොඳපිට තුළින් සිය බාල විය සහ තරුණ විය සමරන කැමූ, සංචාරය සඳහා වූ ඔහුගේ ආශාවත්, සිය පෙම් සබඳතා සහ හුදකලාවත් ඒ තුළින් විස්තර කරයි. ඔහුගේ ලිවීම්තුළ වන කාව්‍යමය බව පාඨකයාව ආකර්ෂණය කර ගන්නේ මනරම් අන්දමින්.
• සරණ මංගල්‍යය
කැමූ මෙහිදී ජීවත්වීමේ ප්‍රමෝදය, සොබාදහම සහ ජීවිතය පිළිබඳව හෙළිදරව් කරයි. එවකට ඔහුගේ ජීවිතයේ දුක් දෝමනස්සයන් බොහොමයක් පහ ව ගොස් තිබූ බව පැවසේ. ටිපාසාව කෙරෙහි වූ ඔහුගේ ප්‍රේමයත්, සංචාරක සටහන් සහ විනෝදාස්වාදය මුහුද, හිරු, මල් සහ වැස්ස පිළිබඳවත් වැඩිමනත් සඳහන් වේ.

Camus Personal Writings

– උත්කර්ෂය කියන්නේ කුමකටදැයි මෙතැනදී මට වැටහෙයි: සීමාවකින් තොරව ආදරය කිරීමට ඇති අයිතිය. මේ ලෝකයේ ඇත්තේ එක ආදරයක් පමණි. ගැහැනියකගේ සිරුර වැළඳ ගැනීම, අහසෙන් මුහුදට ගලා බසිනා මේ අමුතු ප්‍රීතිය තුරුළු කරගැනීමමය. තව මොහොතකින්, ඒවායේ සුවඳ මගේ සිරුරට වද්දා ගැනීමට මම අබ්සින්තේ පඳුරු අතර වැතිරෙද්දී, පේනවාට පටහැණිව, මම හිරුගේත් මගේ මරණයේත් සත්‍යයක් පරිපූර්ණ කරන බව මා දැනගත යුතුය. එක්තරා ලෙසකින්, ඇත්‍තටම මම සොයන්නේ මගේ ජීවිතයයි. උණුසුම් ගල්වල රසය දෙන, මූදු සුසුම්වලිනුත්, නැගී එන රැහැයි ගීයෙනුත් පිරුණු ජීවිතයක්. මද සුළඟ සිහිලැල්ය. අහස නිල් පැහැයි. උමතුවකින් මෙන් මම මේ ජීවිතයට ආදරය කරමි.- (69,70 පිටු)
• ගිම්හානය
මේ සඳහා පසුබිම් ව ඇත්තේ ඇල්ජියර්ස් සහ ඔරානයයි. ඔරානය එතරම් ඔහුගේ සිත් ගත්තේ නැත. මේ සටහන් තුළට ඉතිහාස කතා සහ සිදුවීම් මෙන්ම ඔහුගේ ලේඛන දිවියේ අත්දැකීම්ද පසුබිම් වී ඇත. ඔහු ඒ තුළින් ද ජීවිත්වීමේ ප්‍රීතිය ගවේෂණය කර තිබේ.
– පැවතීමේ මිහිරි සන්තාපය තුළ, අපි නොදන්නා අනතුරක උත්කෘෂ්ට සමීපතාව තුළ, මෙලෙස ජීවත් වීම, අපේ ඉරණම වෙත දුව යෑම මෙන්මද…? නැවත වතාවක්, නැවතීමක් නොහී, අපි අපේ විනාශය කරා දුව ගෙන යමු. උදාර ප්‍රීතියක් ගැඹුරේ, තර්ජනයට ලක්ව, මම මහ මුහුදේ ජීවත් වූ බව මට හැමවිටම හැඟිණි.(190 පිටුව)
Camus Personal Writings
Maheshi B Weerakoon
ඇල්බෙයා කැමූගේ පසුකාලීන කෘතීන්වලට පදනමක් බඳු වූ මේ සටහන් තුළ ඔහුගේ ජීවිත දැක්ම කාව්‍යමය අන්දමින් ලියැවී තිබේ. සිංහල පාඨකයන්ට කැමූව කියවාගන්නට ඉඩ හසර ලබාදෙමින්, මුල් කෘතියේ රසවත් භාවය එලෙසින්ම දැනෙන්නට සලස්වමින් කාව්‍යමය බසකින් මහේෂි වීරකෝන් විසින් කැමූ සිතුවිලි පාඨකයන්ට තිළිණ කර ඇත්තේ ඔවුන්ට අපූර්ව අත්දැකීමක් ලබා දෙමින්. කැමූ සිතිවිලි උමතුවෙන් මෙන් ජීවිතයට ආදරය කිරීමට ඔබට පොලඹවනු ඇති!

Latest news

ළමුන් ලක්ෂ දෙකහමාරකට වඩා පාසල් හැරගිහින්

ළමුන් ලක්ෂ දෙකහමාරකට වඩා පාසල් හැරගිහින් 2018 සිට 2024 වර්ෂය දක්වා කාලය තුළ පාසල් හැරගිය ළමයින් 267,138 දෙනෙකු වාර්තා වී...

එල් නිනෝ ලංකාවට එන හැටි

එල් නිනෝ ලංකාවට එන හැටි - El Nino එල් නිනෝ යනුවෙන් හඳුන්වන්නේ මධ්‍යම හා නැගෙනහිර පැසිෆික් කලාපයේ සාගර ජලය මතුපිට...

කොළඹ මහල් නිවාස විසි හතම අපායවල්

කොළඹ මහල් නිවාස විසි හතම අපායවල් කොළඹ මහල් නිවාස විසි හතම අපායන් බවත් ඒවා මිනිසුන්ට ජීවත් විය හැකි පරිදි සකස්...

ට්‍රම්ප්ගෙන් ලංකාවට අලුත් බද්දක්?

ට්‍රම්ප්ගෙන් ලංකාවට අලුත් බද්දක්? රජයේ ආර්ථික කළමනාකරණය ගැන විශ්වාසය ගිලිහී යෑම නිසා රුපියල මත පවතින පීඩනය තවදුරටත් ඉහළ යා හැකි...
- Advertisement -spot_img

එල් නිනෝ ලංකාවට එන හැටි

එල් නිනෝ ලංකාවට එන හැටි - El Nino එල් නිනෝ යනුවෙන් හඳුන්වන්නේ මධ්‍යම හා නැගෙනහිර පැසිෆික් කලාපයේ සාගර ජලය මතුපිට...

කරුප්පුසාමි දෙවියන්ගේ අවතාරය

කරුප්පුසාමි දෙවියන්ගේ අවතාරය - Karuppu Karuppu (2026) චිත්‍රපටය සමකාලීන දකුණු ඉන්දියානු සිනමාවේ සමාජ, දේශපාලන සහ සංස්කෘතික තේමා විමර්ශනය කරන වෙනස්ම...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you