Former Minister – රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක දැඩි කොන්දේසි මත ඇප මත මුදා හැරීමට අධිකරණය නියෝග කර තිබෙනවා.
ඒ අනුව, ඔහු අද (14) අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, රුපියල් 250,000ක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න විසින් නියෝග කර ඇති බවයි සඳහන් වෙන්නේ.
හැව්ලොක් සිටි සුපිරි නිවාස සංකීර්ණයෙන් හමුවූ රන් ආලේපිත T-56 වර්ගයේ ගිනි අවියේ හිමිකාරීත්වය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව දුමින්ද දිසානායක අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර තිබුණා.