More
    NewsIndia ගුවන් අනතුරට ප්‍රධාන හේතුව හෙළිවෙයි

    India ගුවන් අනතුරට ප්‍රධාන හේතුව හෙළිවෙයි

    -

    spot_img

    India – පසුගිය ජුනි මාසයේදී පුද්ගලයින් 260 දෙනෙකුට මරු කැඳවමින් ඉන්දියාවේ අහ්මදාබාද්හි සිදුවූ බිහිසුණු ගුවන් අනතුර සම්බන්ධයෙන් වන මූලික වාර්තාව එළි දක්වා තිබෙනවා.

    අනතුරට ප්‍රධාන හේතුව යානයේ ඉන්ධන පාලන ස්විච්චය ක්‍රියාවිරහිත කිරීම නිසා එන්ජින්වලට ඉන්ධන සැපයීම නතරවීම බවයි අදාල විමර්ශන වාර්තාවට අනුව පැවසෙන්නේ.

    අදාළ පරීක්ෂණ වාර්තාවට අනුව, එන්ජින් දෙකෙහිම ඉන්ධන පාලන ස්විචයන් තත්පර 01ක කාල පරතරයකින් RUN සිට CUTOFF වෙත මාරු වී ඇති බවත්, නියමු කුටියේ පටිගත දත්ත අනුව ‘RUN සිට CUTOFF වෙත මාරුකළේ ඇයි’ දැයි එක් නියමුවෙකු අනෙක් ගුවන් නියමුවාගෙන් අසා ඇති බවත්, එහෙත් තමා එසේ නොකළ බව අනෙක් නියමුවා ඊට පිළිතුරු ලබාදී ඇති බවයි සඳහන් වන්නේ.

    යානය අනතුරට ලක්වන අවස්ථාවේ යානයේ Pilot flying ලෙස නියමු Clive Kunder ද Pilot Monitoring ලෙස නියමු Sumeet Sabharwal ද සිට ඇති අතර පටිගත වූ අදාල දෙබස කවුරුන් විසින් කාහට කියන ලද්දැක් දැයි තවමත් පැහැදිලි වී නොමැති බවයි වාර්තා වන්නේ.

    මෙම පාලන ස්විචය ස්වංක්‍රියව ක්‍රියා නොකරන අතර, එය ගුවන් නියමුවන් විසින් සිදුකළ යුතු කාර්යයක් බවද, එලෙස ඉන්ධන ස්විචය අක්‍රිය වන්නේ අතිශය දුර්ලභ අවස්ථාවකදී බවද ගුවන් විශ්ලේෂකයන් පවසනවා.

    පසුගිය ජුනි 12 වැනිදා ලන්ඩන් බලා පිටත් වූ එයාර් ඉන්දියා ගුවන් සේවයට අයත් අනතුරට පත් යානය අහ්මදාබාද් ගුවන් තොටුපොළෙන් පිටත් වී සුළු මොහොතකට පසු වෛද්‍ය නේවාසිකාගාර ගොඩනැගිල්ලකට කඩා වැටී අනතුරට ලක්වූ අතර, ඒ හේතුවෙන් යානයේ සිටි එක් මගියෙකු හැර සෙසු සියලු දෙනාම ජීවිතක්ෂයට පත්වුණා.

     

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Latest news

    Court order ගෝණෙකු දඩයම් කළ තිදෙනෙකුට අධිකරණය දුන් නියෝගය

     Court order - ගෝණෙකු වෙඩි තබා ඝාතනය කර, ජීප් රථයකින් රැගෙන යමින් සිටියදී අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනෙකු මෙම මස 31...

    A shooting දෙහිවල වෙඩි තැබීමක්

    A shooting - දෙහිවල දුම්රිය ස්ථානය අසල දී පුද්ගලයෙකු ඉලක්ක කර වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.එම වෙඩි තැබීමෙන් අදාළ පුද්ගලයා තුවාල...

    Super Bollywood actors ෂාරුක් ඛාන් ලංකාවට නොපැමිණෙන බව දැනුම්දෙයි

    Super Bollywood actors - සුපිරි බොලිවුඩ් නළු ෂාරුක් ඛාන් නොවැළැක්විය හැකි හේතුවක් මත මෙරටට නොපැමිණෙන බව දැනුම් දී ඇති බව...

    Keheliya ඇතුළු පවුලේ සාමාජිකයින්ටඅධිචෝදනා භාරදෙයි

    Keheliya - අයථා ලෙස වත්කම් උපයා ගැනීමේ චෝදනාව සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ බිරිඳ, දියණියන් තුන්දෙනා සහ බෑණාට...
    - Advertisement -spot_img

    Super Bollywood actors ෂාරුක් ඛාන් ලංකාවට නොපැමිණෙන බව දැනුම්දෙයි

    Super Bollywood actors - සුපිරි බොලිවුඩ් නළු ෂාරුක් ඛාන් නොවැළැක්විය හැකි හේතුවක් මත මෙරටට නොපැමිණෙන බව දැනුම් දී ඇති බව...

    South Indian Fish Curry රසවත් මාළු කරියක් හදාගමු

    South Indian Fish Curry - මෙම මාළු කරි එක දකුණු ඉන්දියාවට ආවේණික මෙන්ම ජනප්‍රිය කෑමක්. විනාඩි හතලිහකින් පමණ සකසා...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page