More
    NewsPillaiyan පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනවලදී අනාවරණයක්

    Pillaiyan පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනවලදී අනාවරණයක්

    -

    spot_img

    pillaiyan – මඩකලපුව බන්ධනාගාරයේ රඳවා සිටියදී සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් පාස්කු ප්‍රහාරය පිළිබඳ පූර්ව දැනුවත් වීමකින් සිටි බව විමර්ශනවලදී අනාවරණය වී ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පවසනවා.

    ඒ අනුව, පාස්කු ප්‍රහාරය සිදුවන අවස්ථාවේදී ඔහු ජෝෂප් පරරාජසිංහම් ඝාතනය සම්බන්ධයෙන් මඩකලපුව බන්ධනාගාරයේ බන්ධනාගාරගතව සිටි බවත්, එහි සිටිමින් පාස්කු ප්‍රහාරය ගැන පූර්ණ දැනුවත්ව සිටි බවට සාක්ෂි හා තොරතුරු මඟින් තහවුරු වී ඇති බවයි අද (09) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් අමාත්‍යවරයා සඳහන් කළේ.

    මෙම ඝාතනය සම්බන්ධයෙන් පිල්ලෙයාන් සමඟ යුධ හමුදා බුද්ධි අංශ සාමාජිකයින්ද බන්ධනාගාරගතව සිට ඇති බවද, ඔවුන් පිල්ලෙයාන් සමඟ සමීපව කටයුතු කර ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

    පිල්ලෙයාන් මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් පූර්ව දැනුවත්භාවයකින් සිටි බවට සාධාරණ සැකයක් මේ හරහා ඉස්මතු වන බවත්, මේ සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ කටයුතු සිදු කරන බවයි මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

     

    Latest news

    ඉරානයේ උත්තරීතර නායකයාට එරෙහිව ඉරානය පුරා විරෝධතා

    ඉරානයේ උත්තරීතර නොසන්සුන්කාරී තත්ත්වය ඉරානයේ පළාත් 31 පුරාම ව්‍යාප්ත වී ඇති අතර, මේ වන විට ළමුන් 05 ක් ඇතුළුව...

    තමා තවමත් වෙනිසියුලාවේ ජනාධිපතිවරයා බව මදුරෝ අධිකරණය හමුවේ ප්‍රකාශ කරයි

    වෙනිසියුලාවේ ජනාධිපති නිකොලාස් මදුරෝ, නිව්යෝර්ක් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව, අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී තමා තවමත්...

    ද්විත්ව පුරවැසියන්ටත් කටුනායක ගුවන්තොටුපළේදීම තාවකාලික රියැදුරු බලපත්‍රයක්

    විදේශගතව සිට පැමිණෙන මෙරට පුරවැසියන්ට සහ ද්විත්ව පුරවැසියන්ටත් කටුනායක ගුවන්තොටුපළේදීම තාවකාලික රියැදුරු බලපත්‍රය ලබා දීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව...

    මොරගහකන්ද ජලාශය වාන් දැමීමට ඇති හැකියාව සම්බන්ධයෙන් දැනුවත් කිරීමක්

    අධික වර්ෂා තත්ත්වය නිසා ඉදිරියේදී මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු විවෘත කිරීමට සිදුවීමේ සම්භාවිතාවක් පවතින බව මහවැලි අධිකාරිය පවසනවා. අද (18)...
    - Advertisement -spot_img

    මැටීගේ කපුටු ප්‍රේමය

    මැටීගේ කපුටු ප්‍රේමය සොබාදහම විටෙක ආවේගශීලී බව මම දැන සිටියෙමි. එබැවින් මම ජීවත්වුණේ ඉතා පරිස්සමිනි. පළමු වරට කූඩුවෙන් පිටවීමට...

    Blackheads ගැටළුවට විසඳුමක්

    Blackheads කියන්නෙ ගොඩක් අයට තියෙන රූපලාවන්‍ය ගැටළුවක්. මේකට වයස බලපෑමක් නැහැ. තරුණ වයසෙ ඉඳලා මැදිවිය දක්වාම ගොඩක් අය මුහුණ...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page